IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සැක රියක් පැදවූ ව්‍යාපාරිකයාට ඇප

(කේ බුද්ධික කුමාරසිරි)

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇතැයි පවසන රුපියල් කෝටි හතරක් පමණ වටිනා බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යාම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙළ මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (13) නියෝග කළාය.

මෙලෙස ඇප නියම වූයේ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක්  නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇතැයි පවසන තුෂාර හේමචන්ද්‍ර නැමති 53 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයෙකි.

අදාල නීති කෘත්‍ය අධිකරණයෙහි විභාග වූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අදාළ මෝටර් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයකින් මිලදී ගෙන ඇති බවත් ඒ සඳහා වූ ලිපි ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම එම මෝටර් රථය අදාල පෞද්ගලික මූල්‍ය ආයතනය වෙත ලබා දුන් මෝටර් රථයේ පළමු හිමිකරුගේ විස්තර ඇතුළත් ලේඛන ද මෙහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෝටර් රථයේ මුල් හිමිකරු පිළිබඳව විමර්ශන කිරීමට නියමිත වේ.

.

 



අදහස් (0)

සැක රියක් පැදවූ ව්‍යාපාරිකයාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site