IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සාරා ජස්මින් මියගිහින්

(යොහාන් භාසුර)

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස අතර සිටි පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර සිටින බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව තහවුරු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක ඩී.එන්.ඒ. සාම්පල මව සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිපලයක් බවත් ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999 ක් බව තහවුරු වී ඇති බවත් රජයේ රස පරීක්‍ෂක වාර්තාවේ වැඩි දුරටත් සඳහන් බව එම නිවේදනයේ සඳහන් වේ.

එම වාර්තාව අනුව 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව තහවුරු වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදඟන් වේ.

පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් එම සිද්ධියේදී මිය නොගිය බවත් ඇය ඉන්දියාවට පැනගිය බවටත් මතයක් පැවතීම නිසා ඔවුන්ගේ මළසිරුරු භූමදානය කළ ස්ථානයෙන් අවස්ථා කීපයකදී එම සිරුරු ගොඩගැනීමට ද කටයුතු කළේය.

 



අදහස් (12)

සාරා ජස්මින් මියගිහින්

Senaka Thursday, 30 March 2023 06:06 AM

කෝ බලන්න මේක කරේ ඉන්දියාවෙන් අපේ දේශීය අන්තවාදීන් හරිම අහිංසකයි එයාලා එහෙම නෑ කියපු උන්දැල ටික ගේ කොමෙන්ට් ටික. මේක රාජපක්ශලාගේ ගිණුමට දාලා අතහෝදගත්ත රදගුරුටත් ඕකේ තරම තේරෙන්නේ තව කීප වතාවක් මෙයාලගේ කෙරුවාවල් දැක්කම තමයි.

:       6       91

LalithThursday, 30 March 2023 12:52 PM

රදගුරුත් දන්නව මේක රාජපක්ශලා නොකල බව, රදගුරුගේ ගෝලබාලයොත් ඒක දන්නව. ඒත් උන්ගේ දේශපාලන සතුරාගෙන් පලි ගන්න ඒක සුපිරි අවස්ථාවක්. කවුද මනුස්සයෝ එහෙම චෑන්ස් එකක් අතාරින්නේ. රදගුරු කරේ ඒක. බලන්නකො එයාගේ මහ මොලකාරයා හොයන අමාරුව රනිල් ආපු ගමන් නිකන්ම සනීප වුන හැටි. අනේ වාසනාවන්.

:       1       8

Udaya Thursday, 30 March 2023 07:15 AM

සියල්ලන්ගේම ආරක්ෂාව සඳහා මිය ගියේය. හරි අපි විශ්වාස කරමු...

:       0       0

Priyankara Thursday, 30 March 2023 08:39 AM

මේ සැරේත් හරි dna ගැලපුනේ නැත්නම් ආයි කරනව. ඒ සැරේ ගැලපුනේ නැත්නම් ආයි ආයි කරනව. ගැලපෙනකම් කරනව. මේ උත්තරය එනකම් කී සැරයක් dna කලාද? වෙලාවකට හිතෙනවා වෛද්‍ය විද්‍යාව බොරුද කියල. මෙහෙම බැලුවම dna වලින් ඔප්පු වෙන අපරාද කාරයන්ට කියන්න පුළුවන්, නිදොස් වෙනකම් දිගටම පරීක්ෂණ කරන්න කියල

:       68       10

තිත්ත ඇත්තThursday, 30 March 2023 12:47 PM

ඒ කියන්නේ සාරා ඇඟේ කෑලි නැතුව ජීවත් වෙනව කියලද? 8ක් විතර හිටපු තැනක බෝම්බයක් පිපිරුණාම ඒක මස් හට්ටිය වගේ වෙනව. එතකොට සාම්පල් වෙන වෙනම අරන්, වෙන වෙනම පරීක්ශණ කරන්න වෙනව. මේකයි 2000න් පස්සෙ ඉපදිච්ච උන්ට ඕව එච්චර තේරුමක් නෑ.

:       2       19

fairoosThursday, 30 March 2023 02:49 PM

සහතික ඇත්ත..මුන්ට ඔන කොලෙ වහල කේස් එක ඉවරකරන්ඩ..මෙකට සම්බන්ධ අයටනම් සොබාදමින් පටිසම් ලබාගෙන එනව ඉතුරු ටිකත් ලංගදීම හම්බවේයි.

:       12       4

AlfreadThursday, 30 March 2023 04:25 PM

බෝම්බ ගහන්න මුස්ලිම් අන්තවාදීන්ට ආධාර දීපුව බැලුවම ලක්ශ ගානක් මුස්ලිම් උන් සල්ලි දීල තිබ්බනේ. ඒව ඔක්කොම පැත්තකින් තියාපල්ලකො. අර තනකොල කපන්න කියල ගෙනාපු කඩු ඇත්තටම ගෙනාවෙ මොකටද? ඔච්චර කඩු මොකටද? රිශාඩ්ගෙ පෙජරෝ එකෙන් අන්තවාදීන් රට වටේ ගියේ කොහොමද? ඒ සාක්ශි වලට මොකද උනේ? රිශාඩ් ඒ කාලේ යහපාලන කර්මාන්ත ඇමති නේද?

:       3       6

ලුම්බිණි Thursday, 30 March 2023 08:56 AM

දෙසැරයක් ඔප්පු කළා පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර නොසිටින බව දැන් කියනවා පුලස්තනී මහේන්ද්‍රන් මියගිය පිරිස අතර සිටින බව. එකම කට්ටිය තමයි මේ ඔක්කොම කියන්නෙ. ඇත්ත මොකද්ද කියල කවුද දන්නේ?

:       60       15

විජේ Thursday, 30 March 2023 10:14 AM

අනිවා, පාස්කු ගේමෙනුත් නිදොස් කොට නිදහස් වෙන්න එපෑ.

:       39       16

Surain Thursday, 30 March 2023 10:26 AM

මරු පොලිසියක් අපෙ රටෙ නම් තියෙන්නෙ කට කියන්නඩ උඩ ඉන්න දෙවියන්ටම මෙ ප්‍රස්නෙ බාර කරනව මිස බොරු ගොතන ඒව ප්‍රචාරය කරන අලුත් කතා මවන සියල්ලන්ට දඩුවම් ස්වබාව දර්මය විසින්ම තීරනය කරාවි.

:       42       15

Hafeel Thursday, 30 March 2023 02:32 PM

ඔතන මීය ගිය පිරිස අතර සාරා සිටියුත් නේද DNA එක තහවුරු කරගන්න පුළුවන්. මීට කලින් දෙවතාවක් DNA පරෙක්ෂණ කරලා තහවුරු නොවූ එක මේ පාර කොහොමද තහවුරු වුනේ? සාරා ඉන්දියාවට පෙන යන්න උදව් කළා කියමින් පොලීස් නිලධාරියක් තවම අත්අඩංගුවේ සහ නිලධාරියක් අභිරහස් ලෙස මීය ගිහින්. මේවා ජනතාව මුලා කරන වැඩ.

:       26       12

podi hadaya Thursday, 30 March 2023 03:27 PM

මොඩයන්ගෙ දිනයට තව දවස් 2නෙ තියෙන්නෙ ලොකුම බොරුව හැටියට ඔක දාන්න තියාගන්න තිබුනනෙ අනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13273 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site