
(යොහාන් භාසුර)
සියලුම සහල් වර්ගවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.
ඇතැම් සහල් වර්ගවල මිල සති දෙකකට පමණ පෙර පැවැති මිලට වඩා රුපියල් 10 ත් 25 ත් අතර ගණනකින් වැඩිවී ඇති බවත් නම ගිය සහල් නිෂ්පාදකයන්ගේ සහල් ඊටත් වඩා වැඩි ගණනකින් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.
රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 120 ත් 128 ක් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 125 සිට 135 අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 155 සිට 170 අතර ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 220 සිට 230 අතර ද, මිලකට කොළඹ සහ අවට අළෙවි වන බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
පොළොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගම් දෙකකින් අද (16) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ සම්බා කිලෝවක් රුපියල් 147 සහ 150 කට ද, නාඩු කිලෝවක් රුපියල් 117 සහ 120 කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 220 කට ද, සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 112 සහ 115 කට තොග නිකුත් කරන බවයි.
එම සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියකු පැවසුවේ රජයේ නියමයන් පරිදි සහල් මල්ලේ රජයේ පාලන මිල සඳහන් කර තිබුණ ද එහි සත්‍ය මිල ඊට වඩා වැඩි බවයි.
ලංකා සතොස උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93 සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 96 යන රජයේ පාලන මිලට සතොසෙන් මිලදී ගත හැකි බවයි.
සතොසේ සම්බා සහල් නොමැති බවත් සෙසු සහල් වර්ග තුන පමණක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් පාරිභෝගිකයන් පවසන්නේ ඉහත මිලට මිලදීගැනීමට බෙහෝ සතොස වෙළෙඳසල්වල සහල් නොමැති බවයි.

COMMENTS
ඇත්තෙන්ම මේ මිල වැඩිවීම නම් අසාධාරන එකක්. පොහොර නොමිලේ දීල (අපේ බදු මුදල් විදම් කර) ගොවීන් දුක් විද මහන්සි වී වගා කරයි. වෙළෙන්දන් තුට්ටු දෙකට වී මිළදී ගෙන අසාධාරණ ලෙස ලාභ උපයාගෙන වැඩි මිළට පාරිභෝගිකයාට විකුනයි. මෙම ක්‍රියාදාමය ආරම්භ වූයේ මෛත්‍රිපාල මැතිතුමා කෘෂිකර්ම අමාත්‍ය දූරය දරන කාලයේ පටන්මෙය. ලංකාවෙ කුඹුරැවල ගොයම් කැපෙන්න ඔන්න මෙන්න තියෙදිදි සහල් හිගයි කියල රටෙන් ගෙන්වන්න එකල ජනාධිපතිතුමියට කියල අවසර ගන්නව. සහල්වල මිල අඩුවූවිට කැපෙන අස්වැන්නෙ වී මුදලාලිලා අඩු මිළට ගන්නව. වී මිලදීගන්න බැංකු මගින් වෙළෙන්දුන්ට සහන පොලියට ණය ලබා දෙනව. එම චක්‍රය අවුරැදු 10-15 වැනි කාලවකදි සුපිරි සහල් වෙළෙන්දන් හය දෙනෙකු බිහිකරනව. එම හය දෙනා අද කතිකා කරගෙන වී මිල මෙන්ම සහල් මිළද ඹවුනට අවශ්‍ය ආකාරයට පාලනය කරනවා. සහල්මු දලාලිලා හෙලිකොප්හෝටර් පවා මිළදී ගන්නව. අපගේ බදු මුදලට සහ රටේ ගොවියාට වුනු නසිපැත්තිය.
දැන් නම් නියමයි නේද
තෙල්මිල වැඩි කළාට ගම්මන්පිල අස්වෙනවා නම් හාල්මිල වැඩි කළාට අස්වෙන්නේ කව්ද?
එක දවසක් අර මාධ්‍ය කණ්ඩායම් එකතු කරගෙන පිටකොටුවේ හාල් විකුණන කඩේකට ගිහින් හාල් මිල ගණන් පාලනය කරන්න රඟ දක්වපු නාට්‍යයට මොකද අප්පා වුනේ? ෆේල් කියපුවාම මේවගේ ෆේල් වෙච්ච කෙනෙක් ජීවිතේට දැකලා නැහැනේ. මාර වැඩක් තමයි ලංකාවට වුනේ....
මෙහෙම බලන කොට හිටංගෙයි, රනිල්ගෙයි කප්පරක් වැරදි තිබුණත් (ඔවුන් දෙන්න ආයිත් ගේන්න කියනවා නෙමෙයි) මිනිස්සුන්ට මෙච්චර ජීවත් වෙන්න අමාරුවක් තිබුණේ නැහැ...
පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකින් පමණයි වැඩි වූයේ... එහෙත් හාල් කිලෝ එකක් රුපියල් 25 දක්වා වැඩිවී ඇත. මෙය ඉතා අසාධාරණයි. දැන්වත් ගොවියන්ට සහ සහල් වෙළඳුන්ට පිංසෙන්ඩු වීම පසෙක තබා පිටරටින් සහල් ද සෙසු ආහාර ද්‍රව්‍ය ආනයනය කරමු. රජය මහජනතාව වෙනුවෙන් මේ ගැන සලකා බැලිය යුතුයි.
පොකට් එකට ගාන දැනෙද්දී දේශප්‍රේමේ බිංදුවට බහිනවා පුහු දේශප්‍රේමීන්ගේ . දේශීය ගොවියා සහ දේශීය සහල් ව්‍යාපාරිකයින්ව ආරක්ෂා කර ගැනීම සඳහා සහල් මිල වැඩිවීම ඉතාම සාධාරණයි. ඉදිරියේදී කාබනික පොහොර යොදලා ලැබෙන අස්වැන්නේ සහල් මිල දැක්කාම තව හොඳට දේශප්‍රේමී හැගීම් ඉස්මතුවෙලා එයි. එතෙක් ඉවසීමෙන් හා සැපෙන් සනීපෙන් ඉන්න.
සිරිපාල ගම්ලත්, ඩඩ්ලි සිරිසේන මිල ගැන තීරණය කරාවි...
අර බ්‍රිගේඩියර්ගේ කම්පියුටරේ හාල් තියනවා කිව්වා නේද? බයවෙන්න දෙයක් නෑ..
දැන් බලන කොට කළින් හිටපු සේනා හොඳයි නේ... බඩු මිල දරාගන්නම බැහැනේ... අපි මාර රැවටිල්ලක් වුණේ.. මෙයාලාට ඡන්දය දීලා..
රට බේරා ගත්ත වීරයා 69 ම අරගෙන නුඹලාට දුන්නා නේද වැඩේ? දැන් සතුටුද?
නියමයි බන්දුලගේ කට වගේ වැඩ නැතිබව මෙයින් හොඳටම පැහැදිලියි.
බන්දුල සර් මොකද වෙන්නේ