
(යොහාන් භාසුර)
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය අවසන් වූ ඊයේ (10) මධ්‍යම රාත්‍රිය වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 167,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (11) පැවසීය.
එම ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 167,000 ට කැකුළු සහල් මෙටි්‍රක්ටොන් 67,000 ක් සහ තැම්බූ සහල් මෙටි්‍රක්ටොන් 101,000ක් ඇතුළත් වූ බවත් ද අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ පාර සීමාවක් නැතිව හාල් ආනයනය කරලා. ඊළඟට පාරට බහින්න වෙන්නේ ගොවියන්ට. මේ මෝඩ ආණ්ඩුවට පලපුරුද්ද තියා සාමාන්‍ය දැනීමවත් නෑ.