
(අංජුල මහික වීරරත්න)
තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2015 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇති අතර, 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා තෝරාගත් පිරිවෙන් වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් ද එම වැඩසටහන යටතට ඇතුළත් කර ගනු ලැබ ඇත.
2025 වර්ෂය සඳහා එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවක නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිල දී ගැනීමට රුපියල් 3,000 බැගින් තිළිණ පතක් ලබා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* සිසුන් 250ට අඩු පාසල් 6,000 ක ඉගෙනුම ලබන සිසුන් 650,000 ක් සඳහා.
* සිසුන් සංඛ්‍යාව 250ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල් වල සිසුන් 140,000 ක් සඳහා.
* විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28 ක සිසුන් 2,300 ක් සඳහා.
* පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහි පැවිදි පිරිවෙන් සිසුන් 30,000 ක් සඳහා.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසුන්ට ආණ්ඩුවෙන් පාවහන් යුගලක්
karolis Tuesday, 21 January 2025 04:20 PM
69 ලක්ෂයක් අං තට්ටු දෙන්න බැරිද ඔය ගමන්?
ගුණරත්න Wednesday, 22 January 2025 11:29 AM
අන්තට්ටුව ඔයා දාන්න කරෝලියා
ගුණරත්න Wednesday, 22 January 2025 11:32 AM
නිකම් කිසිම දෙයක් දෙන්න හොඳ නැහැ. සපත්තු කියන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවෙයි. මේ සපත්තු නැතිව එළියට බහින්න බැරි ශීත රටක් නෙවෙයි. ළමයින් සෙරෙප්පු දාගෙන වුණත් වැරහැල්ලක් ගෝනියක් හරි ඇඳගෙන ගිය දෙන්. මිනිස්සුන්ට නිකම් සියලු දේ දෙන්නේ මෙහෙ තෙල් උල්පතේ සල්ලි වලින්ද? නැත්නම් ආණ්ඩුවේ මහා උන්ගේ පොල් විකුණලාද? නිකම් කන්න දෙනවා, නිකම් අඳින්න දෙනවා නිකම් උගන්වනවා අන්තිමේ රස්සාවක් දීලා නිකම්මුන්ට පඩි ගෙවනවා, ආණ්ඩුව ඒ මදිවාට නිවාස දෙන්නත් යෝජනා කළා. පිස්සු.