IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම්

තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බව පොලිසිය කියයි.

මේ සංවිධාන තුන කොළඹ කොටුවේ උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඒ ගැන අධිකරණයට දැනුම් දී මේ නියෝගය ලබා ගත් බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම්

නිසර් Wednesday, 13 August 2014 06:37 AM

හොඳ වැඩක් (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 12 August 2014 07:42 PM

තහනම් දාපු එකනම් බොහොම හොඳ වැඩක්. (නි)

:       0       0

දිනූෂක Wednesday, 13 August 2014 06:45 AM

ඉතා සතුටුයි (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 13 August 2014 06:55 AM

ඇමෙරිකා ඇතුළු සියලුම දියුණු රටවල පෙළපාලි වලට සහ උද්ඝෝෂණ වලට වෙනම පළාත් වෙන්කර ඇත (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි ලන්ඩන් Wednesday, 13 August 2014 01:25 PM

සිංහල වේවා දමිල වේවා මුස්ලිම්වෙවා මොන ජතිවාදයකටවත් රටේ ජනතාවගේ සමගිය නැතිකරන්න ඉඩ නොදිය යුතුයි. ඒවා තහනම් කිරීම ජාතික සමගියට ඉතා හොඳයි...මෙවැනි සංවිධාන රටට ගෙන දෙන්නේ විනාශයක්මයි...සඳහටම තහනම් කළ යුතුයි. (අ)

:       0       0

දොන් පෙරේරා Tuesday, 12 August 2014 09:40 PM

රටම හිනස්සන උද්ඝෝෂණ සියල්ල සම්පුර්ණයෙන්ම තහනම් කළයුතුයි. අප්‍රසන්නයි සමහර අය ගැන කියන්න. (නි)

:       0       0

සූරිය ආරච්චි Wednesday, 13 August 2014 07:28 AM

බොහොම කාලෝචිත තීරණයක් (නි)

:       0       0

ශාන්ත Wednesday, 13 August 2014 07:36 AM

සමාජයටම කරදරයක් වන සියල්ල තහනම් කළොත් නරකද? (නි)

:       0       0

දිල්ෂාන් Tuesday, 12 August 2014 11:08 PM

කොහොමත් අනවශ්‍ය දේවල් ඕනෑම නැහැ තමයි (නි)

:       0       0

රණසිංහ Wednesday, 13 August 2014 12:43 AM

මේ කවුරුත් මේ වැඩ නිසා රටේ ආර්ථිකයට, කීර්තියට වන පාඩුව හිතන්නේ නැහැ. ගාමිණී කියන කතාව හරි. (නි)

:       0       0

ඉක්බාල් Wednesday, 13 August 2014 07:47 AM

ඉතා හොඳ තීරණයක් (නි)

:       0       0

අසාම් Wednesday, 13 August 2014 01:40 AM

කවුරු වුණත් එළිපිට වෛරය වපුරනවා නම් ඒවා තහනම් කළ යුතුයි (නි)

:       0       0

සාරංග Wednesday, 13 August 2014 01:42 AM

ඒක නම් බොහොම හොඳයි (නි)

:       0       0

අබේරත්න Wednesday, 13 August 2014 02:44 PM

හරිම සතුටුදායක පුවතක් (නි)

:       0       0

සලීත් Wednesday, 13 August 2014 02:13 AM

සදහටම තහනම් කරන්න.ඔය සංවිධාන එකකින්වත් රටට ආගමට යහපතක් වෙන්නෙ නැහැ, මම හිතන හැටියට (නි)

:       0       0

ගිහාන් Wednesday, 13 August 2014 02:47 AM

මේ උද්ඝෝෂණ ඇත්ත වශයෙන්ම මහජනයාට කරදරයක්. මේවාට සහභාගි වෙන අය තමන් කරන්නේ මොකක්ද එයින් ලැබුණු ප්‍රතිඵලය මොකක්ද කියලාවත් දන්නේ නැහැ. (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් පැරිස් Wednesday, 13 August 2014 04:16 PM

ලංකාවේ උද්ඝෝෂණ බොහෝවිට අවසන් වන්නේ ජාතික දේපළ වලට හානි කරලා. පොලිසියට ගල් සහ බෝතල වලින් ගහලා. කිහිප දෙනෙක් රෝහල්ගත කරලා. (නි)

:       0       0

සුනිල් Wednesday, 13 August 2014 09:23 AM

අන්න වැදගත් වටිනා තීරණයක්. ජය වේවා! (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 13 August 2014 03:39 AM

මිනිස්සු කරන දේවල් වලට ආගම් හෝ ධර්මය පළි නැහැ. තමුන් තමුන්ගේ ආගම අදහන්න. එතකොට තේරෙයි සත්‍ය මොකද්ද කියලා. එතකොට පුළුවන් අපිට සමගියෙන් ජීවත්වෙන්න. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 13 August 2014 04:06 AM

ඒක නම් හොඳ වැඩක් (නි)

:       0       0

පෙරේරා Wednesday, 13 August 2014 06:37 PM

ඔය සංවිධාන පිටුපස ඉන්නේ කව්ද කියන එක අපි දන්නවා (නි)

:       0       0

අභය Wednesday, 13 August 2014 04:11 AM

මේ ගොල්ලන්ගේ උද්ඝෝෂණ නිසා දෛනිකව කොළඹට එන යන මහජනතාවට මොනතරම් හිරිහැරයක්ද? (නි)

:       0       0

ලලිත් Wednesday, 13 August 2014 04:13 AM

මෙවන් සමාජයක ඉපදීම ගැන බොහෝ දුක්වෙමි (නි)

:       0       0

සුගත් Wednesday, 13 August 2014 04:24 AM

උද්ඝෝෂණයක් තුළින් බොරුවක් ඉදිරිපත් කරන්නේ නැහැ. (නි)

:       0       0

සුරානි Wednesday, 13 August 2014 04:29 AM

මමත් බොහොම සතුටුයි මේ තීරණයට නම් (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 13 August 2014 11:37 AM

උද්ඝෝෂණ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලකුණක්. (නි)

:       0       0

පුණ්‍යසෝම Wednesday, 13 August 2014 04:53 AM

උද්ඝෝෂණ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතිවාසිකමක්. එහෙත් එය සාමකාමී වීම අවශ්‍ය දෙයක්. අපේ අය සීමාව ඉක්මවා යන නිසා තමා මෙහෙම නියෝග ගන්න වෙන්නේ. එමඟින් වෙන්නේ අපේ අයිතීන් අපිම කප්පාදු කරගැනීමක්. (නි)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 13 August 2014 04:56 AM

මම මේ ගැන සතුටුවෙනවා.මක්නිසාද මෙම සමහර සන්විධාන කතාකරන වචන බොහෝමයක් අසංවරශීලියි. (නි)

:       0       0

කුමාර් Wednesday, 13 August 2014 05:16 AM

ඔබගේ සතුරා ප්‍රේමයෙන් දිනාගන්න (නි)

:       0       0

ධම්ම Tuesday, 12 August 2014 05:11 PM

සංවිධාන නීතිවිරෝධී නම් සදහටම තහනම් කරන්න බැරිද? (නි)

:       0       0

සරත් Tuesday, 12 August 2014 05:22 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉරෝෂා Tuesday, 12 August 2014 05:26 PM

ඉතා හොඳ තීරණයක් (නි)

:       0       0

වීරසිංහ Tuesday, 12 August 2014 05:26 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සිරිල් බාලසුරිය Wednesday, 13 August 2014 12:37 PM

උද්ඝෝෂණ කියන්නේ හරි හෝ වැරදි හෝ වේවා , තමන්ගේ අදහස් පළකිරීමේ පිළිවෙතක්. සමහර උද්ඝෝෂණ දාමරික ඒවා, සමහර උද්ඝෝෂණ සාමකාමී ඒවා. නීතියෙන් නැවැත්වුයේ ඒවා රටට අහිතකර වෙන්න පුළුවන් නිසයි (නි)

:       0       0

ශාන්ත Thursday, 14 August 2014 02:48 AM

හරිම සතුටුදායක පුවතක් (නදී)

:       0       0

පිටිගල Thursday, 14 August 2014 02:53 AM

ලංකාවේ ප්‍රසිද්ධ ටී.වී. චැනල් එකක මම දැක්කා පොලිසියේ ලොක්කෙක් හාමුදුරුවරු ටික බලෙන්ම වගේ වෑන් එකකට දාලා යවනවා. අර කියපු අනික් සංවිධානේ කට්ටිය ශබ්ද වාහිනී යොදාගෙන වහසි බස් කියනවා පොලිසිය බලාගෙන ඉද්දි. ඒ වෙලාවේ මටත් දුක හිතුනා අපේම රටේ සිංහල අපි අසරණ උනා නේද කියලා. හැබැයි ඒ වෙලාවේ නම් පොලිසියේ නීති දෙකක් පැහැදිලිවම මම දැක්කා. (නදී)

:       0       0

රෝහණ Wednesday, 13 August 2014 06:05 AM

ඉතාම හොඳ තීරණයක්. මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම අධිකරණය නිසි පිළිතුර ලබා දී ඇත. (නි)

:       0       0

ගාමිණී Tuesday, 12 August 2014 05:53 PM

සාකච්ඡා මඟින් ප්‍රශ්න විසඳාගන්නේ නැතුව, හිටි අඩියේ උද්ඝෝෂණ කිරීම නම් රටේ සාමාන්‍ය ජනතාවට කරනු ලබන අවහිරකම්මය. දුප්පත්කමින් මිරිකෙන ජනතාව වෙනුවෙන් රට ගොඩගැනීමට හැම සංවිධානයක්ම එකමුතුවන්නේ නම් ඒකයි නියම උද්ඝෝෂණය ! (නි)

:       0       0

මලිත් Wednesday, 13 August 2014 06:07 AM

අධිකරණයේ නියෝගය ප්‍රශංශනීයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site