IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සිවුදෙනෙක් තවමත් දෙගිඩියාවෙන් !

ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සඳහා තිලංග සුමතිපාල පර්ශ්වය මෙන්ම උපාලි ධර්මදාස පර්ශ්වයද මේ දිනවල ලහි ලහියේ තම තමන්ගේ කණ්ඩායම් සකස් කරමින් සිටිති. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම ඉහළ විශ්වාසයක් දිනාගත් පුද්ගලයන් රැසක් අදාළ තනතුරු බාර ගැනීම සම්න්ධයෙන් සිය කැමැත්ත ප‍්‍රකාශ කිරීමට ඊයේ සවස් වන තුරුත් ඉදිරිපත් නොවීම නිසා දෙපාර්ශ්වයේම නිලධාරි ලයිස්තු සම්බන්ධයෙන් ඊයේ සවස් වන තුරුත් අවසන් තීරණයකට එළඹ නොතිබිණ. දෙපාර්ශ්වයේම සාමාජිකයන් විසින් ඉහළ තනතුරු සඳහා පත්කරගනු ලැබීමට බලාපොරොත්තු වන ආනා පුංචිහේවා, අසංග සෙනෙවිරත්න, කේ. මතිවානන් සහ නිමල් පෙරේරා යන මහත්වරුන් ඊයේ සවස් වන           තුරුත් සිය අපේක්‍ෂකත්වය ස්ථිර කර නොතිබිණ. ඊට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන් සිවු දෙනාම ඡන්දයකට පිවිසෙමින් සිය හිත මිතුරන් අමනාප කර ගැනීමට අකමැති වීමයි. මෙම තත්ත්වයට ප‍්‍රධාන තම හේතුව වී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය විවෘත නිලවරණයක් වීමත් එහිදී ඡන්දය ප‍්‍රකාශ කෙරෙන්නේ එක් එක් අපේක්‍ෂකයා සඳහා අත් එසවීමෙන් වීමත් නිසාය. එම තත්ත්වය අනුව කිසියම් කී‍්‍රඩා සමාජයක් හෝ පුද්ගලයකු විසින් ඡන්දය ප‍්‍රකාශ කරනු ලබන්නේ කිනම් අපේක්‍ෂකයාටද යන්න එළිපිටම ප‍්‍රදර්ශනය වීමත් ඒ මගින් හිත මිතුරන් අමනාප වීමත් වැළැක්විය නොහැක. මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගනිමින්, දෙපාර්ශ්වයම එකම පෙරමුණකට ගෙන ඒම සඳහා ආනා පුංචිහේවා මහතා ඇතුළු කිහිප දෙනෙක් දැඩි උත්සාහයක නිරතව සිටිති. ඔවුන්ගේ ප‍්‍රධාන තර්කය වන්නේ වසර අටකට පසුව, අතුරු කමිටු රකුසාගෙන් මිදී, කී‍්‍රඩා සමාජ නියෝජිතයන්ගේ ඡන්දයෙන් කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පත්කරගැනීමට ලැබුණු අවස්ථාව අපතේ නොහැරිය යුතු බවත්, මෙලෙස ඡන්ද ව්‍යාපාර කිරීමට යාමෙන් ශී‍්‍ර ලංකාවේම කි‍්‍රකට් කී‍්‍රඩාව දෙපිල බෙදී වෛරක්කාරයන් වන බවත්ය. මේ අතර සහකාර භාණ්ඩාගාරික තනතුර සඳහා නිහාල් ලෙව්කේ මහතා ඊයේ සිය නාමයෝජනා පත‍්‍රය බාර දුන්නේය. ටෙරින්ටන් චතුරස‍්‍රය අසළ, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලලේ පිහිටි  කී‍්‍රඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂජනාරාල්වරියගේ කාර්යාලයේදී ලෙව්කේ මහතා සිය නාමයෝජනාව බාර දුන්නේ ස්වාධීන අපේක්‍ෂකයකු වශයෙනි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණයක් පැවැත්විය යුතු දිනය නිවේදනය කිරීමෙන් පසුව උපාලි ධර්මදාස පාර්ශ්වයේ සාමජිකයකුව සිටින ලෙව්කේ මහතා මත ගැටුමක් හේතුවෙන් අවසන් මොහොතේදී උපාලි පාර්ශ්වයෙන් ඉවත් වී තිබේ. වසර 2009 සිට පසුගිය ලෝක කුසලාන තරගාවලිය දක්වාම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විසීමකදී ඔහු පවසා සිටියේ තමන්ද අනිවාර්යයෙන්ම ස්වාධීන අපේක්‍ෂකයකු වශයෙන් කි‍්‍රකට් ආයතනයේ ලේකම් තනතුර සඳහා තරග කරන බවයි. නාමයෝජනා සම්බන්ධයෙන් ඊයේ සවස කළ විමසීමකදී කී‍්‍රඩා අධක්‍ෂ ජනරාල්, රංජනී ජයකොඩි මහත්මිය පවසා සිටියේ ඊයේ වන විටත් විවිධ තනතුරු සඳහා තිදෙනකු නාමයෝජනා බාරදී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් මේ මස 19 වැනිදා අවසන් නිවේදනය නිකුත් කරන බවත්ය.

තිලංග සුමතිපාල පාර්ශ්වයේ නාමයෝජනා

සභාපති තනතුර සඳහා : තිලංග සුමතිපාල මහතා උප සභාපති තනතුරු සඳහා : ආනා පුංචිහේවා* සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ලේකම් තනතුර සඳහා : මයිකල් ද සොයිසා මහතා උප ලේකම් තනතුර සඳහා : (ඊයේ සවස් වන තුරුත් තෝරාගනු ලැබ නොතිබිණ) භාණ්ඩාගාරික තනතුර සඳහා : නුස්කි මොහොමඞ් මහතා උප භාණ්ඩාගාරික තනතුර සඳහා : අනුර වීරසිංහ මහතා තරගාවලි කමිටු සභාපති : බන්දුල දිසානායක මහතා විනිසුරු කමිටුව : මොහොමඞ් අරූස් මහතා සැ: යු: * අදාළ තනතුරු සහ අපේක්‍ෂකයන් වෙනස් විය හැකිය.

උපාලි ධර්මදාස පාර්ශ්වයේ නාමයෝජනා

සභාපති තනතුර සඳහා : උපාලි ධර්මදාස මහතා උප සභාපති තනතුරු සඳහා : දුමින්ද දිසානායක, අසංග සෙනෙවිරත්න* ලේකම් තනතුර සඳහා : කේ. මතිවානන් මහතා* උප ලේකම් තනතුර සඳහා : හිරන්ත පෙරේරා මහතා භාණ්ඩාගාරික තනතුර සඳහා : නිමල් පෙරේරා මහතා* උප භාණ්ඩාගාරික තනතුර සඳහා : අජිත් පැස්කුවල් තරගාවලි කමිටු සභාපති : රොෂාන් ඉද්දමල්ගොඩ විනිසුරු කමිටුව : මොහොමඞ් අරූස් මහතා සැ: යු: * අදාළ තනතුරු සහ අපේක්‍ෂකයන් වෙනස් විය හැකිය. උපාලි ධර්මදාස මහතා තිලංග සුමතිපාල මහතානිහාල් ලෙව්කේ මහතා නාමයෝජනා බාරදීමෙන් පසු ....



අදහස් (0)

සිවුදෙනෙක් තවමත් දෙගිඩියාවෙන් !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2319 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site