IMG-LOGO

සර්වපාක්ෂික සමුළුවට විමල්,වාසු, උදය නෑ

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා(23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ඇමති වාසුදේව නානයක්කාර, හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ වෙනුවට ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයෙන් නියෝජිතයන් දෙදෙනකු පමණක් සර්ව පක්ෂයේ සමුළුවට යැවීමට තීරණය කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊට සහභාගි වනු ඇතැයි දැනගන්නට ඇත.

එසේ වුවද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇත.

රටේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙන අතර ,ඊට සහභාගි වන්නැයි ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇත .

ආණ්ඩුව සර්ව සර්වපාක්ෂික සමුළුවක් නමින් සාකච්ඡාවක් කැදවා ඇත්තේ අවංක වුවමනාවකින් නොවන බැවින්, ඊට සහභාගී නොවීමට වාසුදේව නානයක්කාර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් තීරණය කර ඇතැයි හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය.

රට තුළ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකර ,සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ බොරුවට බවද ඔහු සඳහන් කළේය .

රටම ආණ්ඩුවට බනින මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත්තේ එම බැනුම බෙදාගැනීමට යැයිද හෙතෙම කීවේය.

 



අදහස් (11)

සර්වපාක්ෂික සමුළුවට විමල්,වාසු, උදය නෑ

සත්‍ය ගවේෂී. Saturday, 19 March 2022 09:00 AM

කිරිපිටි පැකට් එකක් රු. 800/- ට, පාන් ගෙඩියක් රු.100 ට, මාලූපාන් එකක් රු.80 ට ගොස් තිබේ. තෙල් පෝලිම් ගෑස් පෝලිම් රටපුරා... තවත් සර්ව පාක්ෂික සමුළුවකට යායුතු නැහැ. රටට වහා විකල්පයක් ඉතා ඉක්මණින් අවශ්‍යයි...

:       5       38

de silva Saturday, 19 March 2022 09:05 AM

විමල්, කණ්ඩායම ආණ්ඩුවේ ඉන්නවා නම් ඔය කියන සමුළුවට සහභාගි වෙලා තම මතය ඉදිරිපත් කරන්න ඕනේ.... එහෙම නැතිනම් ආණ්ඩුවෙන් ඉවත්වෙලා විරුද්ධ පක්ෂයේ අසුන් ගන්න ඕනේ... මේ දෙකටම නැතිව කරන විකාර නාඩගම්වලින් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ලබන පාර මෙයාලට මනාප ගහන්න කිසිම අවශ්‍යතාවයක් නොමැත.

:       9       22

Prabha Saturday, 19 March 2022 05:22 PM

වැට උඩ ඉඳලා වාසි පැත්තට පනියි ලස්සනට...

:       0       9

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 19 March 2022 10:32 AM

2/3කේ බලයත් ලබාදීලා ඔබලා දැන් රට රවටන්න කියනා කතා කිසි වැදගැම්මකට නැහැ...

:       14       34

Perera Saturday, 19 March 2022 12:38 PM

මේ අය ගියත් එකයි, නැතත් එකයි. ඔය සමුළුව තිබ්බත් එකයි..., නැතත් එකයි.

:       5       28

Tikira Saturday, 19 March 2022 12:46 PM

"රටම ආණ්ඩුවට බනින මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත්තේ එම බැනුම බෙදාගැනීමට යැයිද හෙතෙම කීවේය."... ඔව් බෙදාගන්න ඕනේ තමයි. ඔබතුමාලත් කොටස් කාරයෝනේ. මේ වෙලා තියෙන විනාශයට ඔය හැමෝම වගකියන්න ඕනේ. පැනලා යන්න බෑ.

:       10       28

Deepal Nirosh Saturday, 19 March 2022 01:30 PM

ඉතින් මොකද්ද වෙන්නේ? අන්තිමට මේ සමුළුවත් තව එක කාර්ය සාධක බලකායක් පමණක් වේවි. සභාපති රටේ ජනාධිපත් නම් තව කමක් නැහැ...

:       8       14

ගමේ එකාලා Saturday, 19 March 2022 02:41 PM

මේකත් ජනතාව ඇන්දවීම වගේ වැඩක්... මේ වෙලාවේ සමුළු තිබ්බාම ඔක්කොම හරියයි. ලෝකෙටම අණබෙර ගහලා මහ ලොකුවට වියත්මග කියලා සෙට් එකක් ගෙනාවා. වැඩක් වුණාද?

:       9       16

sugath Saturday, 19 March 2022 02:41 PM

බොරු වැඩක්... නිකම් කාලය කා දැමීමක් පමණි...

:       3       17

Kumara Saturday, 19 March 2022 03:42 PM

අපිට තියෙන ලොකුම අමාරුව ඒකතමයි...

:       2       12

d.upul Saturday, 19 March 2022 05:51 PM

ඔය "මඟුල" තියන්න තිබ්බේ ජාතිය අමතන්න පෙර... මේ කරන්නේ නිකන් කාලය වැය කිරීමක් පමණයි, රටට පෙනෙන්න...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site