(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවට අද (3) ඉදිරිපත් කළේය.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතද අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය සිදු නොවීය.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පනත් දෙකක් එකවර ඉදිරිපත් කිරීමෙන් අධිකරණ කටයුතුවලට යම් බාධාකාරී තත්වයක් මතු වන හෙයින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුව ඉදිරිපත් කරන බවයි.
පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විරෝධතා පෙත්සම් ඉදිරිපත් කෙරෙන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවා සලකා බැලීමට කාලයක් වැය කිරීමට සිදුවන්නේය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වෙනම කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ සඳහන් වේ.
COMMENTS
සමාජ මාධ්‍ය නම් නියාමනය කරන්න අවශ්‍යයි . මොකද කට්ටිය තම තම මත , සිතලූන් , ෆැන්ටසි ඒවට දානවා. සමර දේවල් අමු බොරු. රටට දැයට සමයට හානි වෙවා. හැබැයි මෙයාලගෙ අරමුණ එයාලා කරන දේවල් වහගන්න වෙන්න ඇති. ආරක්ෂක ඇමති හැටියට දැන් නම් ඉල්ලා අස්වෙන්න ඕන තැනටම රටේ විනය පිරිහිලා .
ලෝකේ හැම රටේම එක එක මිනිස්සු තමන්ගේ අදහස් දානවා .ඒවා වැරදි නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.මේවා රනිල් ගේ දුර්වලකම වහගන්න කරනා විහිලු
සමාජ මාධ්‍ය නියාමනය කියන්නේ ජෙප්පෝ කියන විදිහට රජයට විරුද්ධ වීම මැඩපැවැත්වීම නොවෙයි. ජෙප්පෝ ඔවුන්ට විරුද්ධ වීම මැඩපැවැත්තුවේ ගෙදරින් එළියට අරන් ඔලුවට වෙඩි තියලා. නියාමනය අවශ්‍යයි. අතීතයට බලපවත්වන ආකාරයට පනත ගෙනෙන්න කටයුතු කරනවා නම් වඩාත් හොඳයි...
මේක ඉස්සෙල්ලා මට කියවන්න දෙන්න. පසුව මම කමෙන්ට් කරන්නම්.