IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සැමියාගේ උදලු පහරින් බිරිය මරුට

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය වල්පිටගම ජයකොඩිවත්ත ප්‍රදේශයේ නිවසකදී වයස අවුරුදු 45 ක කාන්තාවකට සැමියා එල්ල කළැයි කියන උදලු පහරින්  එම ස්ථානයේම කාන්තාව මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

බීමතින් සිටි බව කියන සැමියා හා බිරිඳ අතර ඇතිවූ බහිම්බ ස් වීමක් දුරදිග ගොස් අදාළ සැමියා නිවස පිටුපස වැසිකිළිය අසලදී එසේ උදල්ලෙන් පහරදී ඇතැයිද පොලිසිය කියයි.

සිද්ධිය හේතුවෙන් මියගොස් තිබුණේ ඩී එම් චන්ද්‍රලතා නැමැති 45 හැවිරිදි එක් දරු මවකි.

ඇය ඇඟලුම් සේවිකාවක් වූ අතර අදාළ සැකකාර සැමියා ස්ථිර රැකියාවක් නොකළ බව ප්‍රදේශවාසීන් කියයි.

කාන්තාවගේ මුහුණ හඳුනාගත නොහැකි මට්ටමින් උදලු පහර එල්ලකර තිබූ සැකකාර සැමියා නිවස ඉදිරිපිටදීම අත්අඩංගුවට ගැනීමට කුලියාපිටියට හැකිව තිබිණ.

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් අනූෂා ස්වර්ණමාලි මහත්මිය එහි මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකළ අතර මෘත දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ්ඥ අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත යොමුකරන්නැයි එහිදී නියෝග කෙරිනි.

 



අදහස් (11)

සැමියාගේ උදලු පහරින් බිරිය මරුට

Pradeep Kumara Monday, 09 June 2025 02:29 PM

ස්ථිර රැකියාවක් නොකර බිරිඳගෙන් යැපුණු කාලකන්නි මිනිහා අන්තිමට බිරිඳත් මරලා දැම්මා...

:       1       75

උධුලි රත්නායක Monday, 09 June 2025 02:34 PM

බීපූ, අසිහියෙන් ඉන්න මිනිස්සු එක්ක මොන කතාද? ඒ වෙලාවට කට වහගෙන පාඩුවේ ඉන්න ඕනේ... සිහියෙන් ඉන්න වෙලාවට ප්‍රශ්නය කතාකරලා විසඳාගන්න උත්සාහ කරන්න. ප්‍රශ්නයක් හරියට විසඳාගන්න කට වගේම මොලේත් ඕනෑ. ඔබතුමියගේ ඉවසීම නැතිකමින් අර වටිනා තරුණ ජීවිතය ඉතිරි කාලය සිරගෙයක ගෙවන්න වෙයි. පව් ආසරණයා. .... ඔබතුමියට නිවන් අවබෝධ වේවා...!

:       73       26

Bunny Preena Monday, 09 June 2025 02:59 PM

මොන යම්ම හේතුවක් නිසා තව කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීමට කාටවත් කිසිම අයිතියක් නැහැ. ගැහැණියගෙන් පිනට කකා බිබී ඉන්න අයගේ හැටියක්ම තමයි මේක... එයාට නිවන් සුව පතමි.

:       5       52

Nihal Monday, 09 June 2025 03:11 PM

අනියම් සම්බන්ධකම් පවත්වන කාටත් හොඳ පාඩම්...!

:       48       11

Udaya Tuesday, 10 June 2025 07:59 AM

අනියම් සම්බන්ධයක් කියලා අර මැරුණු කාන්තාවට නිගා කරන්න එපා. බිරිඳගේ මුදල් වලින් යැපුණා අර පිංගුත්තරයින් කරපු වැඩේ හරිද?

:       0       10

රම්බොඩ Monday, 09 June 2025 04:06 PM

විවාහ වන්නට පෙර පිරිමින් ගැන කාන්තාවන් ඉතා සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම පිරිමියාගේ ඇඟපත හෝ මුදල් හදල් , අධ්‍යාපනයට වඩා ඔහුගේ ප්‍රජනනය ගැන සැළකිලිමත් විය යුතුයි. තරුණ ළමයිට මේක විශේෂයි.පිරිමියාගේ පෞර්ෂත්වය කියන්නෙ කාන්තාවන් පෙළීම නොව රැක බලා ගැනීමයි. ධර්මාණුකූලව නම් කර්ම කර්ම ඵල අනුව ඇතැම් දේ වළකා ගත නොහැක.

:       3       22

prasanna Monday, 09 June 2025 04:20 PM

මුළු රටේම ලේ වැගිරීමක් සහ මිනී මැරුම්. 88 සහ 89 පසුව ජනතාව අත්විඳිනා අඳුරු යුගය අපි සැමෝම ගෙවමින් සිටිනවා.

:       49       17

Sarath Monday, 09 June 2025 05:28 PM

මෙම සිද්දියට 88.89 සම්බන්දයක් නෑ'''

:       10       33

රුවන් Monday, 09 June 2025 05:14 PM

ප්‍රසන්න පොඩ්ඩක් ඇඟිලි සලකුණු වැටසටහන බලන්න. ඒ දවස්වල ලංකාවේ අය කරපු ධාර්මික වැඩ බලන්න පුළුවන්. ඔයා අවුරුදු 40ක් කොමා තත්ත්වයේද හිටියේ...?

:       7       24

ධනුෂ්ක Monday, 09 June 2025 06:53 PM

මේකට හේතුව මම දන්නේ හැබැයි එක දෙයක් කියන්නම් ඔය බීගෙන , විට කාගෙන, දත කට මදින්නේ නැතිව, නාන්නේ නැතුව මල පෙරතයෝ වගේ ඉන්න පිරිමි ඉන්නවා නේද උන්ගගේ ගෑනු අනිර්යයෙන් ම පිට යනවා. මම ගුරුවරයෙක්. අත්දැකීමෙන් කියන්නේ පවුල්වල ප්‍රශ්න කියාගෙන එන ගොඩක් කාන්තාවෝ ඔය කතා කියලා තියනවා.

:       0       4

සකියම Thursday, 26 June 2025 08:14 PM

ගෙදර ගෑණිට නම් උදැල්ලෙන් නෙමේ අහුවෙන එකෙන් ගහන්න තරම් හේතු තියෙනවා... ඒත්... ඉවසන දනා අර මොකක්ද එකකට වැදගත් කියනවානේ.... යන්න දීලා මානසිකව ශොට් එක දෙන්න තිබ්බේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site