IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සාම්පූර් වෙරළෙන් කෝටි 6ක හෙරොයින් අල්ලයි

(තරිඳු ජයවර්ධන)
 
ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගිය හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ලංකාදීපයට පැවසීය.
 
එහි වටිනාකම රුපියල් මිලියන 66ක් පමණ වෙතැයි ද ඒ මහතා කීවේය.
 
මෙම හෙරොයින් තොගය පාර්සල් 21ක අසුරා තිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඡායාරූප - අමදෝරු අමරජීව



අදහස් (14)

සාම්පූර් වෙරළෙන් කෝටි 6ක හෙරොයින් අල්ලයි

ruchi Friday, 13 July 2018 11:58 AM

හමුදාව ඉවත් කරන්න කිය කියා මැරෙන්න හදන්නේ මේ සෙල්ලම් වලට තමයි.

:       2       484

naradha Friday, 13 July 2018 01:30 PM

මෑතකදී අල්ලගන්න ලද හෙරොයින් ප්‍රමාණය රට තුලට පැමිණියා නම් මහා විනාශයක් වීමට ඉඩ තිබුනා. මේ වැටලීම් කල ශ්‍රී ලංකා පොලිසියට රටේ සියලු දෙනා ණය ගැති විය යුතුයි.

:       3       249

Ranjith Friday, 13 July 2018 01:40 PM

ත්‍රස්තයින්ට ලේසිම දැන් මේ මගින් සිංහල තරුණ කණ්ඩායම් අඩපන කිරීමට දරන උත්සහයක් විය හැකියි, අපේ යහපාලකයන් සියලු ආරක්ෂක අංශ ඉවත් කලොත් අනාගතයේ බොහෝ දේ අත් විඳිය හැකියි. අපිට කෑ ගහන ඇමරිකාවෙන්ම ආදර්ශය ගත්තොත් හොඳයි. කුමන හේතුවක් නිසාවත් ජාතික ආරක්ෂාව ලිහිල් නොකළ යුතුයි!!!

:       2       268

nihal Friday, 13 July 2018 01:56 PM

මේ දවස් ටිකට කොපමණ ප්‍රමාණයක් කුඩු හොයාගත්තද. දැන් වැඩේ වරදින නිසා තැන්තැන්වල දාලා යන්න හදනවා වගේ පෙන්නේ. එක අතකට ඒකත් හොඳයි.

:       1       135

සතයපාල Friday, 13 July 2018 02:11 PM

මරණ දඩුවම දෙනවා කිව්වම අතට ගත්ත කුඩු මුලත් දාලා දුවනා වගේ!

:       2       158

Nissanka Friday, 13 July 2018 07:02 PM

එල්ලනවා කියල කිව්වම කෝටි ගානක් වටින කුඩු පාර්සල් දාල දුවනවානම් එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුවොත් මේ කුඩු වසංගතය සම්පුර්ණයෙන්ම නවත්වන්න පුළුවන්. ජනාධිපතිතුමනි ඔබේ තීරණය වහාම ක්‍රියාත්මක කරන්න.

:       0       0

manoj Friday, 13 July 2018 07:02 PM

අහුවෙච්ච ඒවා මෙච්චරයි අහුනොවුන ඒවා කොච්චර රට ඇතුලේ ඇද්ද?

:       0       0

Sanath Friday, 13 July 2018 07:45 PM

මෙහෙම ගියොත් හෙරොයින් කුඩුත් තේ සීනි වගේම සුලබ වෙයි.

:       0       0

Mahee Saturday, 14 July 2018 01:17 AM

මහත්වරුනි, කෝටි හය හමාරක කුඩු ඒ තරම් ලේසියෙන් දාල යයි කියල හිතනවද මොකා වුනත්? එහෙම වෙන්න තිබුන ඔන්න පොලිසිය ලුහු බඳිද්දී සිද්ධිය සිදුවුනා නම්. කුඩුවලට වඩා පණ වටිනා නිසා. මේක පොලිසියට හම්බ වුනේ කොහොමද කියලවත් අපි දන්නේ නෑ නේද? නොදන්න බරපතල පසුබිමක් මේ සිද්ධියේ ඇති කියලයි මට නම් හිතෙන්නේ.

:       0       0

gallage Saturday, 14 July 2018 02:00 AM

ලංකාවේ තරුණ පරපුර නැතිම කරලා දාන්න හදන්නේ.. සිංහල, දෙමල, මුස්ලිම්, වෙනත්.. හැමෝම...

:       0       5

Sakwithi Saturday, 14 July 2018 05:00 AM

එල්ලුම් ගහ ගැන කතාව තමයි හේතුව. දූෂණ, අපචාර, මිනීමැරුම් කළ අයටත් මේ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       6

d.upul Saturday, 14 July 2018 05:09 AM

අර 19 දෙනා එල්ලනතුරු මම නොඉවසිල්ලෙන් බලාඉන්නේ. නීතිය පොඩ්ඩක් වෙනස් කර ප්‍රසිධියේ එල්ලනවනම් වඩාත් හොඳයි.

:       0       0

mahinda Saturday, 14 July 2018 05:32 AM

මංගල ඇමති තුමනි, මේ අය‍ට මොනවද කරන්න ඕනේ ?

:       0       0

pissa Saturday, 14 July 2018 05:36 AM

අල්ලන කුඩු වලට වෙන දේ කරුණාකරලා මාධ්‍ය මගින් ප්‍රචලිත කරන්න. එය අපට පැහැදිලි කලොත් ගොඩාක් වටිනවා. ප්‍රසිද්ධියේ විනාශ කරන පින්තුරු දාන්නා පුලුවනම්.... නැතිනම් මතයක් තියෙනවා මේවා නැවතත් ඔවුන් අතටම යන බව. අනික කුඩු නැතුව කුඩු කාරයෝ දගලන්න ඕනේ. නමුත් එහෙම දෙයක් දකින්න නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31548 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13908 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1081 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site