IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


’’සෙමෙන් එහෙත් ස්ථාවරව රට හදනවා’’

(අංජුල මහික වීරරත්න)

සෙමින් එහෙත් ස්ථාවරව ලංකාව  ගොඩ නඟමින් මුහුණ දී තිබෙන අභියෝගවලින් රටත් ජනතාවත් මුදා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාල දිවයිනේදී පැවසීය.

එළියේ ඇසෙන  විශාල ඝෝෂා  සියල්ල පරාජය, බලය පිළිබඳ අවිනිශ්චිතතා සහ දේශපාලන අසාර්ථකත්වයේ ප්‍රකාශ මිස යථාර්ථය නොවන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයීය (MNU) ශ්‍රවණාගාරයේදී මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමිනි.

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයන්,  විද්‍යාර්ථීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

අපේ රට තුළ ඉතාමත් ශක්තිමත් නීතියක් ක්‍රියාත්මක වනු දැකීම ඔබේ අපේක්ෂාවක් වුණා. එදා අපේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ කොහොමද? බලය විසින් නීතිය නවනු ලැබ තිබුණා. 

නීතිය පාගා දමා තිබුණා. තමන් නීතියට වඩා ඉහළින් සිටිය යුතුයි කියා මතයක් පාලකයන්ට තිබුණා. එහෙත් අපි අද සතුටින් කියනවා, තරාතිරම නොබලා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කර තිබෙනවා. 

අපිට කිසිවෙක්ගෙන් පෞද්ගලිකව පළිගැනීමේ වුවමනාවක් නැහැ. හැබැයි, අපිට සද්-වුවමනාවක් තිබෙනවා. නීතියට පුරවැසියා යටත් විය යුතුයි කියලා. බලය, ධනය, තනතුරු තමන් නීතියට යටත්ද? නැද්ද?  කියා තීරණය වන නිර්ණායකය නොවෙයි. 

අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතුයි. ඒ වගේම නීතියට සෑමදෙනාම යටත්. නීතියට සෑමදෙනාම බිය විය යුතුයි. අපේ රටේ නීතියට බිය නැති යුගයක් තිබුණා. ක්‍රමානුකූලව පුරවැසියා නීතියට යටත් වන, නීතියට යම් බියක් දක් වන සමාජයක් බවට අපේ රට පරිවර්තනය කළ යුතුයි.

 වංචාවේ යෙදීමට, අල්ලසක් ගැනීමට බිය විය යුතුයි.එහෙත්, මහා ධනයක් එක් රැස් කර ගැනීම නීතියට ඉහළින් සිටීමේ මෙවලමක් බවට පත්ව තිබුණා. රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් මහා පරිමාණ ලෙස නාස්ති කළ යුගයක් නිර්මාණය වී තිබුණා. සෑමදෙනාම නීතිය ඉදිරියේ සමාන වන රාජ්‍යයක් අපි ගොඩනඟනවා. අල්ලස් ගන්න නෙවෙයි, අල්ලසක් ගන්න හිතන්නවත් බිය වන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා.

ඔබ දන්නවා, බන්ධනාගාරයේ ප්‍රධානියා අත්අඩංගුවට පත්ව සිටිනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ රේගුවේ නිලධාරීන් අත්අඩංගුවට පත්ව සිටිනවා. ඒ වගේම පොලිස්පතිවරයා අත්අඩංගුවේ සිටිනවා. පොලිසියේ හිටපු විශාල පිරිසකගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ වගේම හිටපු නාවික හමුදාපතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සියලුදෙනා නීතියට වඩා ඉහළින් සිටි අය සහ නීතිය තමන්ට අවශ්‍ය පරිදි හසුරවපු අය. අද අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. ජනතාව අපට ලබා දුන් ජනවරමේ තිබූ ප්‍රධාන අපේක්ෂාවක් වන නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම වෙනුවෙන් අපි එය සිදු කරනවා. 



අදහස් (11)

’’සෙමෙන් එහෙත් ස්ථාවරව රට හදනවා’’

Azmi Thursday, 31 July 2025 03:58 PM

කටින් තමයි...!

:       31       34

පිටරැටියා Thursday, 31 July 2025 04:03 PM

ජනතා වාදී අදූෂිත නායකයා අපේ රට ගොඩදානවාට කිසිම සැකයක් නැහැ. අපි සැමදා ඔබ සමගයි...

:       25       36

Perakum LiyanagamaThursday, 31 July 2025 04:58 PM

පිටරැටියා අපි ඔබ සමගයි. බලාපොරොත්තු තියාගෙන ඉඳිමු....

:       18       20

යෝගා Thursday, 31 July 2025 04:09 PM

සෙමෙන් එහෙත් ස්ථාවරව රට දුප්පත් වෙනවා, මහජන ආරක්ෂාව වල පල්ලට යනවා, පාලකයෝ ජාත්‍යන්තර විහිළුවක් වෙනවා. මේ හැම දෙයක්ම ඩෝබි බලකාය ඉතා මහන්සියෙන් හෝදනවා.

:       33       31

Damith Thursday, 31 July 2025 04:18 PM

සෙම වැඩි පාටක් පේනවා

:       23       20

Jamal Thursday, 31 July 2025 04:19 PM

කියද්දී එහෙමයි කොරද්දී මෙහෙමයි

:       24       25

Neel Thursday, 31 July 2025 05:09 PM

ඔබතුමාට අවශ්‍ය කාලයක් ගන්න. අපිට එක ප්‍රස්නයක් නෙමේ. මොකද අපි හැමෝම ජීවත් වුනේ දුෂණය රජ කරපු රටක නිසා. සමහර අය කියනවා රට හිගමනට වැටේනවලු මේහේම ගියොත්, ඉතින් මොකද අපි එතැන හිටි අයනේ, දැන් හිටියට වඩා හොඳයිනේ...

:       18       23

Gamini Friday, 01 August 2025 12:24 AM

මුගේ බොරු කයිය, මාස 9 ම කරපු දෙයක් නෑ... ගෝඨා ඉන්න කොට කිව්වේ අගමැතිකමයි කැබිනට් එකයි දෙනවා නම් මාස 6 න් රට ගොඩ දානවා කියලා...

:       1       3

Che Friday, 01 August 2025 09:34 AM

කටින් වැඩ මහ ගොඩක් කරනවා...

:       3       5

Toni Friday, 01 August 2025 04:10 PM

මෙයාට කඩේ යන ගොබ්බ මී හරක් දෙතුන් දෙනෙක් තවම ඉන්නවා.

:       1       2

Kamal Friday, 01 August 2025 04:53 PM

පිටරැටියා නොවේ වසුපැටියා උම්බෑ කියනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1318 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site