IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය

(මනෝප්‍රිය ගුණසේකර)

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත්වය ඇතිව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන පාලකවරයාට මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන පරිදි වෙනස් කිරීමට අභියාචනාධිකරණය අද (01) තීරණය කළේය.

මෙම වෙනස් කිරීමෙන් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට ආගමන විගමන පාලකවරයාට අවස්ථාව සැලසෙන නමුත් විද්‍යුත් විදේශ ගමන බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ඉදිරි නඩු දිනය දක්වා දීර්ඝ කිරීමටද අධිකරණය නියෝග කළේය.

එපික් ලංකා සමාගම ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ නියෝග නිකුත් කෙරිණි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ලපාර් තාහිර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සැදම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම රිට් පෙත්සම සලකා බැලිණි. එපික් ලංකා පුද්ගලික සමාගම ගොනුකර ඇති රිට් පෙත්සමේ වගඋත්තකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් සාමාන්‍ය හා විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම අත්හිටුවීමේ නියොගයක් නිකුත් කකරන්නැයි ඉල්ලා පෙත්සම්කාර එපික් ලංකා පුද්ගලික සමාගම මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් අධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇතැයි කීය.

ආගමන, විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ඇත්තේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13880ක් පමණක් බවත් මෙම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයෙන් වැඩකරන දින 30 කට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පමණක් හැකියාව ලැබෙන බවත් දැනුම් දුන් සුමති ධර්මවර්ධන මහතා දැනට ඇති විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය අවසන් වු පසු විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පෙන්වා දුන්නේය.

 



අදහස් (3)

සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය

Rohana Wednesday, 02 October 2024 09:01 AM

පාස්පෝට් හිඟයට වගකිව යුත්තේ එකල මහජන ආරක්ෂක ඇමති පදවිය දැරූ පුද්ගලයාය.

:       1       9

de silva Wednesday, 02 October 2024 02:27 PM

දැන් කළ යුත්තේ වහාම නිසි ටෙන්ඩර් කැඳවීමක් කර අඩුම ලන්සුව තියන සමාගමට පාස්පෝර්ට් මුද්‍රණය බාර දෙන එක, පැරැණි ටෙන්ඩරය ලබාදී තිබෙන සමාගමෙන් හොඳයි... දැන් කළයුත්තේ වහාම නිසි ටෙන්ඩර් කැඳවීමක් කර අඩුම ලන්සුව තියන සමාගමට පාස්පෝර්ට් මුද්‍රණය භාර දෙන එක, පැරණි ටෙන්ඩරය ලබාදී තිබෙන සමාගමෙන් හොඳ ලන්සුවක් ලැබෙන්නේ පුළුවන් ඔවුන් පාස්පෝර්ට් මුද්‍රණ කටයුතු යම්කිසි දුරකට කරලා තිබෙන නිසා, ටිරාන්ලාගේ කොමිස් එක අඩුවෙන නිසා දැන් ඩොලර් 5 වන හිස් පාස්පෝර්ට් එක 4 - 4.50 (රු 1150- 1300) අතර මිලකට ගන්න පුළුවන් කම තිබෙනවා. එහෙම වුණොත් දැනට රුපියල් 10000 වෙන පාස්පෝර්ට් ගාස්තුව රුපියල් 5000-6000 මිලක් දක්වා පහත දමා පුරවැසියාට සහනයක් දෙන්න දෙපාර්තමේන්තුවට පුළුවන්... වීසා /පාස්පෝර්ට් මෙතරම් අවුල් සහගත තත්වයකට පත්වුණේ ටිරාන් අලස් හිටපු ඇමැති සහ ආගමන විගමන පාලක යම්කිසි කොමිස් හෝ අල්ලසක් අදාල සමාගම් වලින් ගැනීමට ගිය නිසාද කියලා සැකයක් තිබෙනවා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site