IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සමකාමී අරගලයට එජාපය සහය දෙනවා

 

(අංජුල මහික වීරරත්න)

සාමකාමී අරගලයට එක්සත් ජාතික පක්ෂය  නිරතුරුවම සහය දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

අරගලකරුවන් හෙට  (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩ අරගලයක නිරතවීමට තීරණය කර ඇති බවත්   ගාලුමුවදොර අරගලකරුවන්ට මැයි 09 දින එල්ල වූ ප්‍රහාරයේදී ද එජාපය  පෙනී සිටියේ අරගලකරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බවත් විජයවර්ධන මහතා කියයි.

අරගලය වෙනුවෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද කියයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයට පත්වූ පසු අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් පත් කරනු ලැබූවේ මා ය. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩනයකින් සිටින බව අප පිළිගන්නා පරම සත්‍යය වේ. රාජපක්ෂ පාලනය හමුවේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසාවෙනි.

එම වැරදි මූල්‍ය පාලනයේ ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව ඇත්තේ සමස්ත රට වැසියාටම ය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වීමෙන් අනතුරුව පවතින ආර්ථික අර්බුදයේ සැබෑ තත්ත්වය රටට හෙළි කළ අතර, අමාරු කාලයක් පසු කිරීමට සිදුව ඇති බව ද ප්‍රකාශ කළේ ය. එම අමාරු කාලය දැන් අප පසුකරමින් සිටින්නෙමු.

අරගලය වෙනුවෙන් කොළඹට පැමිණෙන ජනතාව ගෙන් අපි ඉල්ලා සිටින්නේ එක දෙයක් පමණකි.  ඒ සාමකාමීව විරෝධතාවයේ නිරතවන ලෙසට ය. විරෝධය පළ කිරීමට ජනතාවට ඇති මූලික අයිතිවාසිකම් අපි පිළිගන්නෙමු. සාමකාමී විරෝධතාවයන්ට කිසිදු බාධාවක්, අවහිරයක් නොමැතිව නිදහසේ කරගෙන යාමට අවස්ථාව ද තිබිය යුතු ය. විරෝධතාවයට පැමිණෙන ජනතාව ද සිය විරෝධය සාමය කඩනොවන අයුරින් පවත්වාගෙන යා යුතු බව අප ගේ විශ්වාසය යි.

ආරක්ෂක අංශ ද නීතිය හා සාමය රැකිය යුත්තේ අරගලකරුවන්ට බාධාවක් නොවන ලෙසට ය. රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම ආරක්ෂක අංශ සතු වගකීමක් සේ ම අරගලකරුවන් සතු වගකීමක් බව ද සිහිපත් කරන්නෙමු. සාමකාමී රටක් පැවැතීම අප සැමගේම අපේක්ෂාව වන බැවින් එය සැමදා පවතීවා යන්න අප ගේ ඒකායන ප්‍රාර්ථනය යි.යනුවෙන් ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.



අදහස් (4)

සමකාමී අරගලයට එජාපය සහය දෙනවා

Ratne Friday, 08 July 2022 07:16 PM

පිස්සු කථා නොකියා අරගලයට සහය දෙනවා නම්, රාජපක්ෂලාට කඩේ යන රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව ඉල්ලා අස්වෙන්න.

:       0       0

Nimal Friday, 08 July 2022 08:15 PM

ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩ නමුත් "සාමකාමී" අරගලයක නිරතවීමට ඕනෑම පුරවැසියකු සතු වගකීමක් හෝ ඔවුනට ඇති අයිතියකි. මේවනවිට අර්ම්බව පවතින හෙට දිනයේ පැවැත්වීමට නියමිත දැවැන්ත යනුවෙන් හදුන්වා ගනාවූ අරගලය දෙස මේවනවිට UN, යුරෝපීය සංගමය සහ කලාපිය රටවල් , ඇමෙරිකාව ඇතුළු කලාපිය රටවල්, ඉන්දියාව, china, ජපානය මේවනවිට ( Keep a close watch on sri lanka / and how govt ( police, militery )

:       0       0

channa Friday, 08 July 2022 09:36 PM

සාමකාමී අරගලය කරන්නේ ඔහේලගේ ලොක්කටත් එක්කම තමයි. මුළුරටම පාවලා දීලා අගමැතිකම ගත්තු කෙනා. නැත්නම් මෙලහටත් අරගලය දිනලා ලෝකෙන් උදව් අරන් මේ රට ටිකක් හරි හොඳ මට්ටමකට ගන්න තිබුණා. අරගලයට සහාය දෙනවා නම් කරුණාකරලා අර වික්‍රමසිංහට තොලොංචි වෙලා යන්න කියන්න හොරු රකින්නේ නැතුව. අපිත් සාම්ප්‍රදායික යූ ඇන් පී කාරයෝ තමයි. දැන් ගොනා විකුණලා ඉන්නේ... ආයෙත් නෝ චාන්ස්. මේ රටට හොඳ නායකයෝ ඕනෑ. පක්ෂවලින්, පාටවලින් වැඩක් නෑ.

:       0       0

chandima Friday, 08 July 2022 10:21 PM

යන බෝට්ටුවේ එල්ලිලා යන්න වගේ යන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site