IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ස්පීල්බර්ග්ගේ ටිං ටිං දැන් අපේ රටේ

බෙල්ජියානු ජාතික හර්ජීගේ ටින්ටින් චිත‍්‍රකතා පොත් පමණක් නොව, ඒ ඇසුරින් පසුකාලීනව නිර්මාණය වූ ටින්ටින් කාටූන් පවා ලෝ පුරා අතිශයින් ජනපි‍්‍රයය. ටින්ටින්ගේ වික‍්‍රම වයස් භේදයකින් තොරව රස විඳීමට හැකිය. ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනක් පාදක කර ගනිමින් හොලිවුඞ් අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සහ පීටර් ජැක්සන් එක්වී නිර්මාණය කළ ‘ද ඇඞ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්: සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’ නමැති අපූරු පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ඊයේ (15) සිට කොල්ලූපිටිය ලිබර්ටි සිනමාහලේදී තිරගතවීම් ආරම්භ කෙරුණි. මෙය ඊ.ඒ.පී. මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි. හර්ජීගේ තෙලිතුඩින් නිර්මාණය වූ ටින්ටින්, හිතවත් බලූ සුරතලා ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් නිවුන්නු ආදී චරිත රිදී තිරයට ගෙන එන්නේ සැබෑ රංගන ශිල්පීන්ගේ සිරුරුවලට සම්බන්ධ කළ සංවේදක මගින් එම චලනයන් පරිගණකයට ලබා ගැනීමේ ක‍්‍රමයකිනි. එම ක‍්‍රමය හැඳින්වෙන්නේ සී.ජී.අයි. හෙවත් ‘පරිගණකයෙන් නිර්මාණය කෙරෙන රූප’ යනුවෙනි. එහෙයින් ටින්ටින් චිත‍්‍රපටය, සාමාන්‍ය සජීවීකරණ චිත‍්‍රපටයක් මෙන් නොව සැබෑ නළුවන් රඟපාන චිත‍්‍රපටයක් ලෙස එය නරඹන්නන්ට සිතෙනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි. පීටර් ජැක්සන් මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් ටින්ටින්ට පණ දීමට අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙනි. ‘සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’, ‘රෙඞ් රැකම්ස් ටෙ‍්‍රෂර්’ සහ ‘ක‍්‍රෑබ් විත් ද ගෝල්ඩන් ක්ලෝව්ස්’ නමැති ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනේම එකතුවකින් මෙම අලූත් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.



අදහස් (0)

ස්පීල්බර්ග්ගේ ටිං ටිං දැන් අපේ රටේ

අනිල් Thursday, 05 January 2012 08:10 PM

මෙය සැබවින්ම 3D චිත්‍රපටයකි. මෙය නැරබීම සදහා විශේෂ උපැස් යුවලක් ලැබේ. දැනට නිපදවෙන බොහෝ ඉංග්‍රීසී චිත්‍රපට 3D ඒවාය. එහෙත් අවාසනාවකට ලාංකාවාසීනට මෙම චිත්‍රපට බැලීමට සිදුවී ඇත්තේ සාමාන්‍ය ඒවා ලෙසය.

:       0       0

කිත්මා දේශානි Tuesday, 03 January 2012 09:31 AM

ටිං ටිං කියන්නේ ළමයෙක් නෙමෙයි. නමුත් නිර්මාණය කර තිබෙන්නේ ළමයකුගේ පෙනුමටයි

:       0       0

ඉදුනිල් මධුසංක Tuesday, 03 January 2012 12:10 PM

ඒක ඉතා හොද චිත්‍රපටයක්. ලොකු පොඩි කාටත් එක සේ රස විදිය හැකියි

:       0       0

නුවන් ගුණවර්ධන Friday, 16 December 2011 06:49 PM

ඉතා හොද චිත්‍රපටයක්. කාටත් රසවිදිය හැකි චිත්‍රපටියකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site