IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සඳේ ගුහාවක් හමුවෙලා

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි. මෙම ලෙන සොයා ගැනීම, වැදගත් වෙන්නේ, අනාගතයේ දිනෙක, සඳේ ගගනගාමීන් පදිංචි කරද්දී, සඳ මතුපිටට වඩා සඳ අභ්‍යන්තරයේ ස්ථිර ජනාවාස පිහිටුවීමට මෙම ලෙන යොදා ගැනීමට හැකිවේවි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන බැවිනි.

විද්‍යාඥයන් පවසන්නේ, සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන මෙවැනි තවත් ලෙන් සිය ගණනක් තිබීමට ඉඩ ඇති බවය. සොයා නොගත් මෙම ලෙන් තුළ ද ජනාවාස ඉදි කිරීම මගින්, සඳේ පදිංචියට යන පිරිස විකිරණවලින් සහ අයහපත් අභ්‍යවකාශ කාලගුණ තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.

ඉතාලියේ ටේ‍රන්ටා් විශ්ව විද්‍යාලයේ ලොරෙන්සා් බෲසෝන් සහ ලියනාඩෝ කාරර් යන විද්‍යාඥයන් මෙම ලෙන සොයා ගත්තේ රේඩාර් තාක්ෂණය ආධාරයෙන් සඳ සිතියම්ගත කරමිණි. මෙම ලෙන නම් කර ඇත්තේ ‘මාරේ ට්‍රැන්ක්විලටිස්’ යන නමිනි. චන්ද්‍ර පාෂාණවලින් සමන්විත ස්ථානයක මෙම ලෙන ඇතැයි පැවැසෙයි. 1969 වසරේ දී ‘ඇපලෝ 11’ චන්ද්‍ර යානය නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ‘බස්’ ඕල්ඩී්‍රන් සමඟ ගොඩබෑවේ ද මෙම ලෙන  ඇති තැනට නුදුරිනි.

මෙම ලෙන අවුරුදු මිලියන හෝ බිලියන ගණනකට පෙර, ලාවා කුහරයක් බව පැවැසෙයි. සඳ අභ්‍යන්තරයෙන් ඉහළට නැගුණු ලාවා ගලා ආ උමඟකින් මෙම ලෙන නිර්මාණය වී ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ඉතාලි විද්‍යාඥයන්, මෙම ‘චන්ද්‍ර ලෙන, සොයා ගැනීමත් සමඟ නාසා ආයතනයේ විද්‍යාඥයන් දඒ ගැන උනන්දුවක් දක්වා ඇත. ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ ‘ආටිමීස්’ මෙහෙයුම යටතේ යළි සඳට ගගනගාමීන් යැවීමටත්, පසුව සඳ මත ජනාවාස පිහිටුවා ඒවායේ මිනිසුන් පදිංචි කිරීමටත් පිඹුරුපත් සකස් කරමින් සිටී. පළමු වරට ගැහැනියක සඳට යැවීමට නාසා ආයතනය සූදානම් වන්නේ මෙම ‘ආටිමිස්’ මෙහෙයුම් මාලාව යටතේය. 

ඉතාලි විද්‍යාඥයන්ට හමුවුණු ‘චන්ද්‍ර ලෙන’ තුළ ත්‍රිමාණ තාක්ෂණයෙන් ඉදිකිරීම් සිදු කරනු ඇත. සූර්ය පැනල යොදා ගනිමින් සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීම සිදු කෙරේ. සුප්‍රසිද්ධ ‘ප්‍රාඩා’ ඇගලුම් නිර්මාණකරුවන් සඳේ පදිංචියට යන ගගනගාමීන් වෙනුවෙන් ඇඳුම් කට්ටල නිර්මාණය කර දෙනු ඇත. එම ගගනගාමීන්ට සඳේ එහෙ මෙහෙ යෑමට, ඉලොන් මස්ක්ගේ ‘ටෙස්ලා’ සමාගම කුඩා ප්‍රමාණයේ වාහන නිර්මාණය කර දෙනු ඇත.

ඩේලිමේල් ඇසුරිනි



අදහස් (5)

සඳේ ගුහාවක් හමුවෙලා

jayasena Wednesday, 17 July 2024 04:33 PM

සදෙහි ලප තියේ මලෙහි කටු තියේ උපමා නෑ සසදන්නේ..........// මෙයට වසර 50 කට පමණ පෙර මේවා තියෙන බව අපේ හිටපු ගේය පද රචකයෙකු වූ කරුණාරත්න අබේසේකර මහත්තයා ලියලා තිබුනා. ලියලා නිකං හිටියේ නෑ. එම්. කේ. රොක්සාමි මහත්තයා ලවා සංගීතය සපයලා මිල්ටන් පෙරේරා මහතාගේ මියුරු හඩින් රටටම ඇහෙන්න කියුවා.

:       0       2

ෆ්‍රැන්සිස්කෝ Wednesday, 17 July 2024 05:08 PM

ලංකාවේ ජාතික ධනය කාබාසිනියා කරපු අයට හැංගෙන්න පුළුවන් තැනක්ද බලන්න...

:       20       14

Pasil baka Wednesday, 17 July 2024 07:49 PM

රාජපක්ෂලා හඳේ ත් නිදන් හෑරුවා ද ?

:       0       1

Niba Wednesday, 17 July 2024 07:53 PM

දැනටමත් වෙන් කර ගෙන ඇති

:       0       1

සෙනෙවිරත්න Thursday, 18 July 2024 01:55 PM

ඔන්න විද්‍යාව, හඳ උපන් වෙලාවට සම්බන්ධ කරල ඒකට අනාගත ගුනාගුන බල බල ඉන්නව අපේ අය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1510 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1343 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 478 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site