IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


සන්නස්ගලට-ශ්‍රීනාත්ට ඇප

(නිමන්ති රණසිංහ)

බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටී  සිංහල ආචාර්යවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන මහත්වරුන්ට එක් අයකුට අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (20) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී පෙනීසිටින ලෙසට ඉකුත්  අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කරන ලද  නොතිසිකට අනුව මොවුන් දෙදෙනා අද (20)  අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙන්ම මෙම නියෝගය නිකුත් විණි.

සිද්ධියට අදාළව විමර්ශන පවත්වා නීතිපති උපදෙස් ලබාගැනීමෙන් පසු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් මස 9 වැනිදා තෙක් කල් තැබිය.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කළ අයවලුන් මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කරන ලෙසට නිතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් එහෙයින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය ඉකුත් අප්‍රේල් මස  29 වැනිදා  අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි .

මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇති බවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සදහන් කරමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 අගෝස්තු මස 20 වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණී.



අදහස් (14)

සන්නස්ගලට-ශ්‍රීනාත්ට ඇප

කිරි පුතා Friday, 20 May 2022 11:47 AM

මොවුන්ට අපේ රටේ තියෙන නීතියෙන් දඬුවමක් නොලැබෙයි. නමුත් කර්මය සාධාරණය ඉටු කරාවි

:       0       0

ඒස් පමොද . Friday, 20 May 2022 01:44 PM

ජාතියේ පවට උපන් විකුර්ති මිනිස්සු .

:       0       0

Savinda Friday, 20 May 2022 04:54 PM

බෞද්ධ වෙස් අරගෙන මහා පඬිවරු වගේ රටට පෙන්නන්න හදන මෙවැනි අයට මෙහෙම හරි පාඩමක් උගන්වපු විජේදාස රාජපක්ෂ මහත්මයාට බොහොම පින්..!

:       44       44

සුධා Friday, 20 May 2022 11:03 PM

බලාගෙන අධිකරණ ඇමතිය පැමිණිලිකරු වෙලාවක

:       0       0

Butta Saturday, 21 May 2022 06:02 AM

අර කැලණියේ මුළු ජනතාවම නොමග යැවූ එකට කවුරුත් නඩු දැම්මේ නැහැනේ...!

:       10       18

නතාලී Saturday, 21 May 2022 09:45 AM

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට මගේ ප්‍රණාමය. කොන්ඩේ, රැවුල වැවුවාම හිතේ හරි පොරක් කියලා. වෙනසක් හොයන තරුණ කැලට වෙනසක් නමින් විෂ පෙවීම තුළින් තමා පොරක් වීම...

:       16       10

BamunuarachchiSaturday, 21 May 2022 02:46 PM

මොවුන්ගේ හිතේ.., රැවුල වැව්වාම ප්‍රාඥයෝ වෙනවා කියලා. පට්ට ජෙප්පන් කවද්ද ප්‍රාඥයින් වුනේ?

:       8       11

කේවට්ටයාSaturday, 21 May 2022 08:57 PM

ඒ වාගේම තමයි සාටකය දාගත්තාම... ශ්‍රී ලංකාවේ අයිතිකාරයින් කියලා හිතන අයත්... තමන්ට වඩා කෙරුමන් තවත් නැත කියා සිතා සියල්ල විනාශ වුණාට පස්සේ ඓතිහාසික වැරදිවලට සමාව ඉල්ලන අයත්.

:       3       14

BamunuarachchiSunday, 22 May 2022 08:57 AM

සාටකය නිසා තමයි අද ඕගොල්ලෝ පරබාකරන්ගේ තෝස කඩවල කෙසේල කොළ හෝදන්නේ නැතුව ඉන්නේ? 2009 කලේ ඉපදිලා හිටියද? නැතිනම් තාත්තා ගාවද? වැරදුනාම සමාව ඉල්ලනවා. ජෙප්පෝ මෙරටේ ඉන්නකම් රටට වරදිනවා ලෝකේ වැටුන රටවල් දියුණු උනේ ජෙප්පෝ ඉඳලා නොවෙයි. රටේ වැටීම පටන් ගත්තේ 1971 ජෙප්පන්ගේ පැමිණීමත් සමග.

:       0       0

Sanath Saturday, 21 May 2022 11:45 AM

ලේසියෙන්ම පහර දෙන්න පුළුවන් දේකට තමයි මේ රැඩිකල් කුලී හේවායෝ ගහන්නේ. වෙන ආගමකට ගැහුවොත් ඒ අයට NGO සල්ලි එන්නේ නෑ. අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ.

:       8       9

BamunuarachchiSunday, 22 May 2022 01:07 PM

හැබැයි මුස්ලිම් ආගමට ගැහැව්වා නම් මෙලහකට කොහේද කියලා හොයාගන්න වෙන්නෑ... ඒ ගොල්ලන් තාමත් සලමාන් රුෂ්ඩිව සොයනවා...!

:       3       6

Christie Saturday, 21 May 2022 11:42 PM

රට ජාජාතියට සාපයක් වෙච්ච කාළකන්නි මුන්ව උල තැබිය යුතුයි මුන් හිතාගෙන ඉන්නේ ගංජා ගැහැව්වම මුන් ලොකු නුවණක්කාරයෝ කියලා නරුමයෝ

:       0       0

Udarata Nilame Sunday, 22 May 2022 09:54 PM

එතකොට අනිත් ආගමවලට නිගා කරපු ඥානසාරට කිසිම දඬුවමක් මේ උසාවි වලින් දුන්නේ නැහැනේ. මේකද එක රටක් එකම නීතියක් සංකල්පය. මේ හින්දා තමයි අපි දැන් විඳවන්නේ. දැන් ඉතින් කන්න නැතිවෙලා බෙහෙත් නැතිවෙලා මැරෙණ කොට තේරෙයි. බුදු දහම කොයි අතේ යනවද කියල. මුලින්ම දූෂිත දේශපාලකයෝ එලවපල්ලා රටයි ජාතියයි ආගමයි ආරක්ෂා කරන්න නම්.

:       0       0

Srimal Monday, 23 May 2022 04:22 PM

පොත කියෙව්වේ නැහැ..ඉතින් කොහොමදප්‍රතිචාර දමන්නේ ආයුබෝවන්..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1382 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1279 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site