
(යොහාන් භාසුර)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියක අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරත වූවාය.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩුකර කළු පැහැති ඇඳුමකින් සැරසී එම දේව පූජාව පැවැත්වීම මෙහිදී කැපී පෙනුණි.
ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
මෙච්චර කල් කරපුවයින් ප්‍රතිඵල ලැබුණේ නැහැ නේද?
පුදුම කැපකිරීමක් කරන මනුස්සයෙක්.
ඔය දෙවියෝ ගාවම කන්නලව් කරපු කට්ටියට ගෙදර යන්න වුණා. ඉතින් වැඩක් වෙයිද? කන්නලව් කරනවනම් අර තිරුපති කෝවිලටවත් යන්න. එහේ කන්නලව් කරපු අයට පිනා චාන්ස් ඇදිලා තියෙන්නේ.
Is he coming back? Didn't waste your time And money for ignorant acts. Do something for his soul and bless him not to die in the same in rebirts. Karma is karma. You and me can not escape from that. He faced that due to his action of past birth. So accept it and calm down with your nonsense acts. Spread kindness and non-violence within yourself and the community. You will be free and feel awesome with these actions.
මාද්‍යවෙදින් මරපු උන්ව පිස්සෝ වගෙ පාර දිගෙ යන්න වැඩෙ කරන්න. එකෙකෙනෙක් ගියා පුටුව අතඇරලා ලොකේ වටේ. රටට ජනතාවට කරපු අපරදෙට මුන්ට හොදින් ඉන්න දෙන්න එපා.
යුක්තිය ඉටු කිරීමට බැඳී ඉන්න අයගෙන් යුක්තිය ඉටු නොවෙන රටක දෙවියන්ගෙන් මොන උදව්වුද?
මේ මනුස්සයා , හරියටම ඡන්දෙ ලන්වෙනකොට එලියට එනවා. ප්‍රශ්නේ තියෙන්නේ සෑම දේශපාලකයෙක්ම මේ වගේ කූට ක්‍රම භාවිතා කරලා ජනතාවගේ චංචල මනස කොල්ල කෑමට උත්සහ කිරීම. එමගින් බිහිවූ අබ්බගාත ආණ්ඩුවල කෙරුවාව නිසා දැන් මුළු රටම දුක් විදිමින් පවතී. මිනිසුනේ සබුද්දික වන්න, ගිය පාරවල්වල වගේ නෙවෙයි, මොකට හරි මේ නම් ඇත්තටම අන්තිම වතාවයි. නැවත ඔබට මට අන්තිම පාරක් නොලැබෙන්න පුළුවන්. සිහි බුද්දියෙන් තීරණ ගන්න. නිවැරදි කෙනා තම පළාතෙන් පත් කර ගන්න. නැතහොත්, ඊලග පාරත් මේ මනුස්සය පොල් ගහනවා බලන්න වෙනවා.
LTTE එකෙන් පඩියක් ගත්තද නේද?
සන්ධ්‍යා .ඔයාගේ දෙවියන්ට ඇහුනා .එක්කෙනෙක් අද යන එන මන් නැතුව පිස්සෙක් වගේ ලෝකේ වටේ යනවා .අනික් උන්ටත් ටික ටික පංගුව ලැබීගෙන එනවා .පිනාගේ කොටසත් ලැබෙන්න ඔන්න මෙන්න .ඔහොම යමු
සත්‍යය එළිකරගන්න ඔබට ධෛර්යය, ශක්තිය ලැබේවා... මිනීමරු පාලකයින් අපේ රටින් තුරන් වේවා..!
මොන දෙවියන්ටද කන්න ලව් කරන්නේ. පාස්කු ඉරිදා තමන්වදින්න පැමිණි බැතිමතුන් බේරා ගන්න බැරිඋන දෙවියන්ට කන්න ලව් කරලා තව මොනවා ලබා ගන්නද? බෞද්ධාගම් කාරයෙක් නම් පෙර කර්මයක් පලදීලා කියලා හිත හදාගන්න.