දස වසරකට පෙර ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමේ උත්සව අද රට පුරා වෙරළබඩ නගරයන්හි පැවැත්වුණි.
ප්‍රධාන උත්සවය තෙල්වත්ත පැරෑලියේදී සිදුවිය.
බොහෝ තැන්වල මියගිය අය සිහිපත් කරමින් උදෑසන 9.25 සිට 9.27 දක්වා නිශ්ශබ්දතාවයක් පැවැත්වුවද අසංවිධානාත්මක වටපිටාව යටතේ පැරෑලියේ සැමරුම පමා විය. එයට අයහපත් කාලගුණයද අහිතකර විය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද කොටුව ජනාධිපති මන්දිරයේදී සුනාමි සැමරුමට එක්විය.
සුනාමි ව්‍යසනයට වසර දහයක් පිරීම නිමිත්තෙන් මෝදර , මට්ටක්කුලියේ සංවිධානය කළ සැමරුම් පිංකමකට ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු එක්වූහ.
සැමරුමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න හා එජාප මන්ත්‍රී රවී කරුණානායක මහත්වරුද එක්වූහ.
වීඩියෝ - දීපාල් සිල්වා
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුනාමියේ දසවස සැමරේ
පුෂ්ප කුමාර Friday, 26 December 2014 08:29 AM
අද දවස මතක් වෙද්දී ඇස් දෙකට කදුලු උනනවා (නදී)
විද්‍යා Friday, 26 December 2014 04:38 PM
බෞද්ද භික්ෂුන් වන්සේලත්, කතෝලික මැනිවරුත්, පියවරුත් සමග වියෝවට පත් දෙමව්පියන් දරුදැරියන් කල අනුස්මරණ පුජාව දුටු මට දෑසට කඳුළු පිරුණි. මෙවැනි විපතක් ලොව කිසිම කෙනෙකුට නොවේවා. (අ)