IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සන්ධානෙන් තව මන්ත්‍රීවරයෙක් යයි

තමා විපක්ෂ පොදු  අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන බව වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතා අද (26) පිටකොට්ටේ සිරිකොත මන්දිරයේ දී  ප්‍රකාශ කළේය.

ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට යතියි පක්ෂ ආරංචි කියයි.

තමා සන්ධානයෙන් ඉවත් වන බව ද ඔහු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා සිරිසේන මහතා හමුවේ පැවසීය.

සිරිසේන මහතා අද සිරිකොතට ගොස් එජාප නායකයන් හමුවී ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළේය.

 



අදහස් (0)

සන්ධානෙන් තව මන්ත්‍රීවරයෙක් යයි

පියුමි Wednesday, 26 November 2014 08:21 AM

මමත් රොෂේන්, සමග එකග වෙමි. (ර)

:       0       0

දිනේෂ් Wednesday, 26 November 2014 08:22 AM

රොෂේන්ගේ, අදහස අපිට හොඳින් පැහැදිලිය. බලමු නේ 8 වෙනිදාට මොකද වෙන්නේ කියලා. මතක තියාගන්න මහත්තයෝ මෙය රටේ 75% තාම ඉන්නේ හොඳට බත් කන සිංහල මිනිස්සු බව. (ර)

:       0       0

අනූ Wednesday, 26 November 2014 08:28 AM

තව කොට්චර කාලයකටද ජනතාව රවට්ටන්නද? අන්තිමට වෙන්නේ මස්කොටන්න තමයි මොකද කියන්නේ. (ස)

:       0       0

ලියනගේ Wednesday, 26 November 2014 02:53 PM

225 ම ගියත් නමවෙනිද වෙනකොට මහින්ද දිනලා තියෙයි. (අ)

:       0       0

මොහාන් Wednesday, 26 November 2014 08:36 AM

මුස්ලිම් ජාතිකයන්ට රජයෙන් එල්ලවූ තාඩන පීඩන වලට පොදු අපේක්ෂක. බෞද්ධයන්ට මුස්ලිම් ජාතිකයන්ගෙන් එල්ලවූ තාඩන පීඩන වලට වලට කවුද ඉන්නෙ? (ස)

:       0       0

ගුණේ Wednesday, 26 November 2014 08:38 AM

පවිත්‍රා නෝනා වගකීමෙන් කියනවා කීවේ ආයේ කවුරුවත් යන්නේ නෑ කියල....ඔය යන්නේ.......(ස)

:       0       0

ඇසිලින්නෝනා Wednesday, 26 November 2014 02:56 PM

ආ මේ හීන් නුල් උරුම පාටියේ සාමාජිකයෙක්. (අ)

:       0       0

ටිරෝන් Wednesday, 26 November 2014 08:40 AM

වැඩේ ටික ටික වාගේ හ්ම්ම් හ්ම්ම්. (ස)

:       0       0

ඇසිලින්නෝනා Wednesday, 26 November 2014 02:56 PM

ආ මේ හීන් නුල් උරුම පාටියේ සාමාජිකයෙක්. (අ)

:       0       0

සේන Wednesday, 26 November 2014 08:54 AM

ෆයිල් ගැන බයනැති අය යනවා. (දිල්)

:       0       0

බන්දු Wednesday, 26 November 2014 09:18 AM

අසංග කියන එක හරි. මුස්ලිම් වරුන්ගේත් ඉතා ගුණවත්, සමගිය සමාදානය ප්‍රිය කරන අන්‍ය ආගම් සහ ජාතීන්ට ගරු කරන කට්ටිය ඉන්නවා. බේරුවල ඉස්ලාම් ආගමිකන් අතර ඇතිවූ ප්‍රශ්නයේදී මාතලේ සිංහල මුස්ලිම් තරුණයින් අතර ඇතිවූ ප්‍රශ්නවලදී රජයක් වශයෙන් ජනාධිපතිතුමා කල සේවය මතක තිබෙනවා නම් ඉස්ලාම් භක්තික ශුද්ධවන්තයින් කවදාවත් මහින්ද මහතා අතහැර යන්නේ නැහැ. එපමණක් නොවෙයි. අරාබිකරයේ, පලස්තීනයේ මුස්ලිම්වරුන් සමග ජනාධිපති තුමාගේ ඇති සුහද බව දන්නා ඊට ගරු කරන මුස්ලිම්වරුන් කිසිදා සන්ධානය හැර යන්නේ නැහැ. (ර)

:       0       0

රත්නායක රජරට Wednesday, 26 November 2014 09:54 AM

අඩුම තරමින් තව 20 ක් වත් යනවා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 10:54 AM

මහින්ද මහත්තය ඔය කට්ටිය ගැන දන්නවා. ඔවුන් යන තරමට අපිනම් ඒ ගැන සතුටු වෙනවා. (ර)

:       0       0

උෂාන් Wednesday, 26 November 2014 11:07 AM

තව මේ වගේ කී දෙනෙක් යයිද?(හේ)

:       0       0

ජිත් Thursday, 27 November 2014 04:47 PM

ඔය පිල් මාරුව නවත්වන්න වෙනවා .අපි යම් පුද්ගලයෙකුට ඡන්දය දෙන්නේ එම පුද්ගලයා සහ පක්ෂය ගැන හිතලා .. නමුත් එම මැති ඇමතිවරු දින්නට පස්සේ අපි ගැන හිතන් නැතිව තමන්ට කැමති විදියට පක්ෂය මාරු කරනවා .එතකොට ඡන්දය දුන්නු අපිට මොකද වෙන්නේ . (ස)

:       0       0

ලක්මාල් Wednesday, 26 November 2014 11:17 AM

සල්ලිවලට යට උනේ නැති කොන්ද පන තියෙන මන්ත්‍රී කෙනෙක් ජයවේවා ! (නදී)

:       0       0

නිසාර් Wednesday, 26 November 2014 11:26 AM

දේශපාලන වෙළඳ පොලේ දැන් එක පඹයෙක් මිලියන 50 -100 පනිනකොට ඔය වගේ අය හැරෙන්න වෙන කව්ද යන්නේ (නදී)

:       0       0

සුනිල් Wednesday, 26 November 2014 11:35 AM

බුදු අම්මේ සේරම වගේ යනවා. (නදී)

:       0       0

නාමල් Wednesday, 26 November 2014 11:39 AM

කියපු කතා ඇත්තද මන්දා (දී)

:       0       0

ටිරාන් Wednesday, 26 November 2014 06:05 PM

ජයවේවා! (නි)

:       0       0

ඉන්දික වීරසිංහ Wednesday, 26 November 2014 11:52 AM

වන් බයි වන් , (දී)

:       0       0

සත්‍යයා Wednesday, 26 November 2014 11:51 PM

අරය මේ පැත්තට පැන්න, මෙයා අර පැත්තට ගියා කියල කට අරගෙන බලා හිටිය ට දේශපාලන සංස්කෘතිය වෙනස් වන්නේ නැහැ. පනින එකාගේ වරිගේ මෙතන ට වැඩක් නැහැ. වෙනසක් ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙකුගේ "පිල් මාරුව" අප අනුමත කරනවා. (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 26 November 2014 12:56 PM

ෆයිල් තියෙන අය ආණ්ඩුවේ ඉදන් බොහොම සද්දෙට කෑ ගහනවා . ෆයිල් නැති අය පනිනවා . (හේ)

:       0       0

අච්ස් Wednesday, 26 November 2014 06:31 AM

ප‍්‍රශ්නය මෙයයි. මේ ප‍්‍රකාශිත සදාචාරාත්මක අදහස් පසු පස පවතින භෞතික යථාර්ථය කුමක්ද? මෙම දේශපාලන කාන්ඩ ගැසීම් දෙස බලන විට පැහැදිලිව පෙනෙන කාරනයක් වන්නේ ‘ප‍්‍රකාශිතය’ සහ ‘ප‍්‍රකාශකයා’ අතර පවතින පරතරයයි. (ර)

:       0       0

නන්දන Wednesday, 26 November 2014 06:33 AM

ජය වේවා.! නොසැලී ඉදිරියට. (ර)

:       0       0

වරුණ Wednesday, 26 November 2014 06:44 AM

දැන්නම් සැලුන් දොරට ඉබ්බා දැම්මොත් හොදයි වගේ...... (දී)

:       0       0

බන්දුල Wednesday, 26 November 2014 06:51 AM

පවිත්‍ර ඉන්නවද ? මම මේ ඇහැවේවේ ආයේ කවුරුත් යන්නේ නැහැ කිව්වා නිසා (දී)

:       0       0

දර්ශන Wednesday, 26 November 2014 06:56 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (ර)

:       0       0

ඇසිලින්නෝනා Wednesday, 26 November 2014 02:02 PM

මෙන්න මෙහෙමයි පිවිතුරු රටක් හදන්නේ. බෝට්ටුවේ හිල් හදනවා පාට ඇඳුම් ඇඳන්. රෙද්ද යට කලිසමේ පිහිය.අපෙන් කතිරේ.(අ)

:       0       0

තුශාර Wednesday, 26 November 2014 07:05 AM

දැන්නම් සැලුන් දොරට ඉබ්බෙක් දාන්න වෙයි. (ර)

:       0       0

බණ්ඩා Wednesday, 26 November 2014 07:07 AM

නියමයි. නියමයි. (ර)

:       0       0

ශිරෝමල් Wednesday, 26 November 2014 07:09 AM

අනේ පවිත්‍රා ඈමතිතුමියනි අපට මොකද මේ වෙන්න යන්නේ (දී)

:       0       0

සමන් Wednesday, 26 November 2014 07:10 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට (දී)

:       0       0

ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 07:20 AM

මොකක්ද වෙන්නේ කියලා තමයි අපිත් බලාගෙන ඉන්නේ. (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 26 November 2014 07:30 AM

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් ගොඩනඟමු! (දිල්)

:       0       0

රියාස් Wednesday, 26 November 2014 07:38 AM

ඔහොම යන් ජයවේවා (දිල්)

:       0       0

නේවි Wednesday, 26 November 2014 02:27 PM

කව්රු අාවත් වැඩක් නෑ මහින්ද වින් (අ)

:       0       0

ගයාන් Wednesday, 26 November 2014 07:41 AM

ජයවේවා ! (නදී)

:       0       0

පතී Wednesday, 26 November 2014 07:44 AM

1. මනා ශාරීරික යෝග්‍ය තාවයක් ඇති බව පෙන්විය යුතුයි. 2. ක්‍රියාකාරිත්වය ප්‍රතිවාදියාට සමාන හෝ අභිබවා යා යුතුයි. 3.දේශපාලන වැඩ පිළිවෙල පැහැදිලි විය යුතුයි (නදී)

:       0       0

අසංග Wednesday, 26 November 2014 08:06 AM

ඔය වගේ පිරිස යන එකමයි හොඳ. (නදී)

:       0       0

රොෂේන් Wednesday, 26 November 2014 08:09 AM

අලුත්ගමදී, ඉන් පෙර හා පසු මුස්ලිම් ජාතිකයන්ට එල්ලවූ තාඩන පීඩන වලට ජාති වාදීන්ට පිළිතුරු දිය හැකි හොඳම අවස්ථාව මේ ජනාදිපතිවරනයයි. මා පෞද්ගලිකව හිතන ආකාරයට මේ රටේ ජාතිවාදයට එරහි සියලු ජනතාව පොදු අපේක්ෂකයා වටේ එකතු විය යුතු කාලය එළඹ අවසන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site