(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක්ද? සාමාන්‍ය අනතුරකින් වූ මරණයක් ද යන්න කඩිනමින් සොයා බලා වැරදිකරුවන් සිටී නම් ඉක්මනින් දඬුවම් පමුණුවන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.
සනත් නිශාන්ත මහතාගේ මරණය පිළිබඳ සැකයක් තිබෙන බව කී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එතුමාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඒ සැකය තිබෙන නිසා බව සඳහන් කළේය.
සමාජ මාධ්‍යයේත් මේ පිළිබඳ කතිකාවතක් ඇතිවී තිබෙන බව සඳහන් කළ මන්ත්‍රීවරයා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැමූ පැමිණිල්ල ඉක්මනින් විභාග කොට එවැනි දෙයක් සිදුවී තිබේ නම් ඒ පිළිබඳ සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් පැමිණවිය යුතු බවද කීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.
COMMENTS
එය මිනීමැරුමක් නම් එය පිටුපස හැමදාම මෙන් රාජපක්ෂලා සිටිය යුතුය.
ඊට කලින් පාස්කු ප්‍රහාරය හොයලා ඉන්න කියන්න.. ඊට පස්සේ මේක හොයන්න පුළුවන්...!
ඕකේ ඇත්ත තත්වය නම් ඔය සනත් නිශාන්තගේ වාහනය පදවන රියැදුරා හැමදාම වාහනය පදවන්නේ මාර්ග නීති කඩමින් අධික වේගයකින්, නිතර නිතර කුඩා අනතුරු සිදුවෙනවා. නමුත් දේශපාලන බලය යොදාගනිමින් මේවා යටගහනවා. අධිවේගේ ගමන් කරන්නේ හැමදාම 150ට අධික වේගෙන්, කිසිම සාධාරණ හේතුවක් නොමැතිව රාත්‍රී 1-2 පැයට කිලෝමීටර් 160 අධික වේගෙන් යන්න තිබෙන හදිස්සිය මොකද්ද කියලා රියැදුරාගෙන් අහන්න ඕනේ... මේ වාහනයට වුණු අලාභයට වන්දි ඔහුගෙන් අයකර ගන්නා ඕනේ..., ගෙවන්න බැරි නම් හිරේ අරින්න ඕනේ, අනෙක් රජයේ වාහන පදවන රියැදුරන්ටත් පාඩමක් ඉගෙන ගන්න.