(විමුක්ති එස් රුද්‍රිගු)

සෞදි අරාබියේ නිල සංචාරයක් සිදු කරන්න යැයි ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු කළ ආරාධනය පිළිගත් බවත් එය තමාගේ ප්‍රථම නිල විදෙස් සංචාරය වනු ඇති බවත් සිරියානු විදේශ කටයුතු අමාත්‍ය අසාද් හසන් අල්-ෂිබානි ප්‍රකාශ කළේය.
සිරියාව නියෝජනය කරමින් සෞදි අරාබියාව නිල සංචාරයක නිරත වීමට හැකිවීම තමා ලද ගෞරවයක් බව විදේශ කටයුතු අමාත්‍ය අසාද් හසන් අල්-ෂිබානි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවැසුවේය. නිල සංචාරයේදී සෞදි අරාබියාව සමග උපාය මාර්ගික සබඳතාවක් ගොඩ නගා ගැනීමට අදහස් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
සිය සෞදි අරාබියානු සංචාරය නව වසරේ පළමු සතියේදී සිදුවනු ඇතැයි කුවේට් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා අල්-යාහ්යා සමග ඩමස්කස් නුවරදී පැවැති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය අසාද් හසන් අල්-ෂිබානි පැවැසුවේය. එහිදී කුවේට් තානාපති කාර්යාලය නැවත විවෘත කර සිරියාව සමග සබඳතා තර කර ගන්නා ලෙසද අල්-ෂිබානි කුවේට් විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෞදියේ නිල සංචාරයකට සිරියානු විදේශ ඇමැති සූදානම්