IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සති අන්තය නිසා ෆොන්සේකා නිදහස් කිරීම පමා වේ

ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් හිටපු යුද හමුදාපති සඳුදා නිදහස් කරන බව වැඩබලන ජන මාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මින් මද වේලාවකට පෙර මාතරදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාර එම නිදහස ලබා දෙන බවද, ජනපති පසුගිය 18 වැනිදා අදාළ ලිපියට අත්සන් කළ නමුත් සති අන්තයේ උසාවි නිවාඩු හෙයින් ද, ෆොන්සේකාගේ නීතීඥයන් සාකච්ඡා කර කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීමට තිබූ හෙයින් ද ඔහු නිදහස් කිරීම සඳුදා පමා වන බව ද ඇමැති කීවේය. ලියැවිල්ලක් කියවූ ඇමැතිවරයා වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැත.



අදහස් (0)

සති අන්තය නිසා ෆොන්සේකා නිදහස් කිරීම පමා වේ

ජගත් Sunday, 20 May 2012 06:44 PM

අපේ ජනපති ඔබයි මැතිතුමණි

:       0       0

ලක්මා නිශාමනී Sunday, 20 May 2012 06:48 PM

ගොඩක් හොඳ වැඩක්....

:       0       0

දිනේෂ් Sunday, 20 May 2012 07:43 PM

මෙතන ජනපතිට ස්තූති කරන්න තරම් දෙයක් නෑ

:       0       0

ප්‍රදීප් Sunday, 20 May 2012 07:49 PM

අපි ඔබ සමඟයි ........

:       0       0

අනුර -uk Sunday, 20 May 2012 07:47 PM

සරත් ෆොන්සේකා රට කොටින්ගෙන් මුදා ගන්න දායකත්වය දුන් රණවිරුවෙකි. රටේ හැම පුරවැසියෙක්ම ඔහුට ගරු කරයි .... UNP සහ JVP එක සිතන්නේ සරත් ෆොන්සේකා ඔවුන්ගේ නායකයා කියාය ඒත් ..ජනතාව සිතන්නේ හැමදාම අපේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කියාය

:       0       0

ගාමිණී Sunday, 20 May 2012 09:08 PM

වීරවරයාණෙනි ඔබට ජයෙන් ජය....

:       0       0

කුමුදු Sunday, 20 May 2012 09:10 PM

යන එන මඟක් නැතිව හිටි.......................?

:       0       0

ප්‍රසන්ත ධම්මික Sunday, 20 May 2012 09:19 PM

පුවක් ගහෙත් දෙබලක්...

:       0       0

රම්සි Sunday, 20 May 2012 09:19 PM

මේ සැරේ ගණන් යන්නේ පෙට්‍ට්‍රල්ද? කිරි පිටිද ? පානි පිටිද ???

:       0       0

nelson Sunday, 20 May 2012 09:21 PM

හිරේට දාද්දි එහෙමයි......එවද්දි මෙහෙමයි....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 20 May 2012 09:32 PM

අලිබබා මෙවර දක්වා ඇති අදහස ගැනත් සැලකිලිමත් වෙන එක ඉතා වැදගත්.මේක හරිකට නාට්‍යයක් වගේ ඉතාම සංවිධානාත්මකව,අති සූක්ෂමව. පිටට තාත්විකබව පේන්න කරපු සංවිධානාත්මක නාට්‍යයක්.එකේ විවිධ නළුවෝ ඉන්නවා.නමුත් මේ නාට්‍ය බලපු සමහරු රැවටුනා. සමහරු ඇත්ත දැනගෙනත් එළිපිට කතා කරන්න බය නිසා බොරුවට ඒ නාට්‍යයට පක්ෂපාතී බව මතුපිටින් එදා පළ කලා.කොහොම වුනත් මේ නාට්‍යය තවම ඉවරවුනේ නෑ. වැඩිය දෙයක් ඕන නැහැ සාමාන්‍ය පවුලක වුනත් පිරිමි වැඩි නම් ඒ පවුලේ අයට ඒ පලාතේ අනික් අයට වඩා ඉහළින් වැජඹෙන්න පුළුවන්.කවුරුන්වත් එයාලාට පාට් එක දාන්න යන්නේ නැහැ.එයාලා අනික් අයට පාට් එක දාගෙන ඉන්නවා මිසක්. මේක අන්න ඒ වගේ තත්වයක්.ඒ නිසා දැන කළ යුතු හොඳම දේ අතිගරු ජනාධිපතිතුමාට වැඳලා හරි කමක් නැහැ එතුමාව නිදහස් කරගන්න එක මේ මොහොතේ හැටියට අපිට වටිනවා.ඒ නිසා අනවශ්‍ය කුපිතවීම් සිදුනොකර කල්පනාකාරීව හැසිරීම මේ අවස්ථාවේ වැදගත්.ඒ කොහොම වුනත් තමන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියාව මේ විදිහට නිදහස් කරන්න මේ මොහොතේ වුනත් ඔබතුමා ඉදිරිපත්වීම ඔබතුමාගේ සංවේදී මනුෂ්‍යත්වය පිරි හදවතේ සලකුණක් ලෙස මම අවංකව විශ්වාස කරනවා.අතිගරු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ අවංක හදවතට මගේ අවංක හෘදයාංගම ආශිර්වාදය පළ කරමි.තෙරුවන් සරණයි..!!!

:       0       0

සිරී Sunday, 20 May 2012 11:43 PM

කාටහරි බයවුණාවත්ද.............

:       0       0

චතුර Sunday, 20 May 2012 11:50 PM

ඔබ වෙනුවෙනි අප.... හදවතින් සදාකල්........................

:       0       0

චතුර Sunday, 20 May 2012 11:50 PM

ඔබ වෙනුවෙනි අපි සදා....

:       0       0

ජයන්ත Sunday, 20 May 2012 11:59 PM

ධර්මානූකූලව සිතුවොත් ලදදෙයින් සතුටු නොවීමත්,සියලු දුක්වලට හේතුවක් අසතොත් නිවරද මුනිඳු තෙපුල්මය-හරිතොත් නොතබා දස අකුසල්මය රකිතොත් සිත පිරිසිදු කොට සිල්මය-දනිතොත් මෙසියල්ලට මෙ කල්මය"අසන්නේ නම් නිවැරදි වු බුදුන්ගේ ධර්මයමය ඉතුරු නොකට අත්හරින්නේ නම් දස අකුසල්මය.රකින්නේ නම් සිත පිරිසිදු කොට සිල්මය.දැන ගන්නේනම් මේ සියල්ල කිරීමට සුදුසු කාලය මෙයයි.(ලෝවැඩ සඟරාව)

:       0       0

ජානකි Monday, 21 May 2012 12:00 AM

මේ ගොල්ලෝ ඒකටත් නැකත් බලනවා.කෙසේ හෝ වේවා අයෙමත් මෙතුමා කට වරද්ද ගන්නේ නැතුව හිටියොත් හොදයි.

:       0       0

නන්දන Monday, 21 May 2012 01:43 AM

ජෙනරල් තුමා කල මහගු සේවය කලගුණ දන්නා මනුෂ්ශයෝ දනිති. දිට්ට ධම්ම වේදනී කර්මය අනුව උස් පහත් ‍භේදයෙන් තොරව කර්මය ලැබේ. ජෙනරල් තුමා කලගුණ දන්නා නියම සිංහල පුත්ත්‍රයෙකි. ඔබට ත්‍රිවිද රත්නයේ රැකවරනයි෴

:       0       0

නවීන් Monday, 21 May 2012 02:14 AM

ඔය කියන වියවස්ථා කලින් පාවිච්චි නොකලේ ඇයි...

:       0       0

අමිල කටුනායක Monday, 21 May 2012 05:30 AM

බාලගිරිදෝසය නොවේවා !!!

:       0       0

සම්පත් Sunday, 20 May 2012 12:57 PM

වෙන මොනවා කියන්නද? කියන්න කිව්ව ටික කිව්වට පස්සේ මොනවත් අහන්න එපා. එතුමාත් රැකියාවක්නේ කරන්නේ.

:       0       0

නිරන්දන - අත්තිගල්ලේ Sunday, 20 May 2012 01:06 PM

ඒකවත් සැලසුම් කරලා රණවිරු දිනයයට ෆොන්සේකා මහතාව නිදහස් කරන්න අපේ ආණ්ඩුවට බැහැ. නමුත් තීරණයට ගොඩක් ස්තුතියි.

:       0       0

ඕශනී Sunday, 20 May 2012 01:35 PM

ආණ්ඩුව හොඳටම බය වෙලා වගේ

:       0       0

ජලීනා Sunday, 20 May 2012 01:58 PM

ඔබට දීර්ඝායූෂ ලැබේවා

:       0       0

ප්‍රභාෂ් Sunday, 20 May 2012 02:34 PM

ආයෙ කන්න දීපු අත හපලා කයිද දන්නේ නෑ.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 20 May 2012 02:49 PM

අතිගරු ජනාධිපතිතුමනි..අනේ ඉක්මනින්ම එතුමා නිදහස් කරන්න.. ඔබතුමාට ගොඩක් පින්

:       0       0

රුවන් Sunday, 20 May 2012 03:45 PM

ඔබතුමා දේශපාලනයට එන්න එපා. ලංකාවෙ මිනිස්සු කැමති ඔබතුමාට හිටපු හමුදාපති විදියට රණවිරුවෙක් හැටියට සලකන්න පිලිගන්න.

:       0       0

මුනාස් Sunday, 20 May 2012 04:18 PM

මොනවා කියලා පිළිතුරු දෙන්නද?

:       0       0

අලිබබා Sunday, 20 May 2012 04:21 PM

ෆොන්සේකා මහත්යව නිදහස් කරනවාය කියල අපේ අය මොනවද කරන්නේ ෆොනසේකා මහත්තයව සිංහයෙක් කරල, කොටියෙක් කරල, සමහර අය වලහෙක් කරල, රතිංඤා පත්තුකරල, ඩෙගානටනවා. එතකොට කොහොමත් බලයේ ඉන්න ඇත්තන්ට ටිකක් ආයෙත් සැකයක් ඇතිවෙනවා. මොනවයින් මොනව වෙයිද කියල. මෙචිචර දුක් විදපු ඒමනුෂ්‍යයාට පාඩුවෙ නිදහස්වෙලා යන්න දෙන්නැතිව ආයෙත් එකතුවෙලා ඇතුලට දාන්නද දන්නෑ හදන්නේ. මේ අපේ සමහර ඇත්තන්ගේ මෝඩවැඩ නිසා. පාලකයන්ට අවශ්‍යය එයා හිරකරුවෙක් ලෙස නිදහස්වෙනවා දකින්නයි. එම නිසා කවුරු කවුරුත් මේ අවස්ථාවෙ ටිකක් නිහඩව ඉන්න එක හොදයි. කාගේ කාගේත් සතුට අවසානයේදී ඔහුටම දුකක්වන නිසා. මෙ මිනිසුන්ගේ කලබැගෑනිය නිසා දැන්තවටිකක් පුමාදවෙනවා. නායකයන් සිතුවොත් ඔහුව දිගටම ඇතුලේ තියන්නත් පුලුවන්. ඒ අයට නිදහස ලබා‍දෙන්නත් පුලුවන්. මන්දයත් නායකත්වයත් ඔවුන සතුයි. බලයත් ඔවුන්සතුයි.

:       0       0

නවනාද Sunday, 20 May 2012 04:36 PM

ගරුතර වීර වරයාණෙනි, නිරොගී සුවයෙන් කල් ගෙවන්න රාජ උදහසට ලක් වෙන්න එපා. ලක් ඉතිහාසයේ ඇහැලේපොල නිලමෙට වුණෙත් ඔය දේමයි

:       0       0

සුරේෂ් Sunday, 20 May 2012 05:00 PM

විර වරයාණනි ඔබට සදා ජය

:       0       0

අමිල කටුනායක Sunday, 20 May 2012 05:17 PM

මට හිතෙන්නේ මණ්ඩලේ කචල්...

:       0       0

උඩරට Sunday, 20 May 2012 05:20 PM

ඇහැළෙපොල කෙනෙක්ට නිදහස දෙන එකම සිංහල නායකය වෙන්න පුලුවන්.

:       0       0

වජිර Sunday, 20 May 2012 05:44 PM

ජෙනරාල් තුමා ඔබ අපේ වීරයා...සදා ජය

:       0       0

සඳරුවන් සිරිවර්ධන Sunday, 20 May 2012 06:16 PM

මේ වගේ අදහස් දරණ මිනිස්සු නිසා තමයි රණවිරුවන්ට නිසිතැන හා නිදහස නොලැබෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 588 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 463 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 253 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 306 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 713 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 354 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 250 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 71 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1100 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site