IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සතොස මුල් පුටු අටේම කොන්ත්‍රාත්කාරයෝ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකාව සතොස ආයතනයේ මුල් පුටු අටේම අාරම්භයේ  සිටම කටයුතු කර ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් පිරිසක් හෙයින්  හාල් වංචාව සීනි බදු වංචාව වැනි වංචාවලට කිසිවකු වග නොකියන තත්වයක් පවතින බව  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්)  සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු අටක් ආරම්භයේ සිටම කොන්ත්‍රාත්  පදනම මත   බඳවා ගැනීමට කළමනාකරණ  සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය  ගෙන තිබුණද එම බඳවා ගැනීමිවලට අදාල පටිපාටී න් අනුමත කරගෙන නොතිබු  බවද කෝප් සභාපතිවරයා කීවේය.

ප්‍රසම්පාදන සහ මෙහෙයුම් යනාදී   සියලු ප්‍රධාන  තනතුරැවල  සිටි අය   කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් අය බවද හෙතෙම පැවැසීය.

ඉහළ කළමණාකාරිත්වය කොන්ත්‍රාත් පදනම මත තැබීම ශුභදායී නොවන බවද  කෝප් කමිටු සභාපති  වෛද්‍ය  නිශාන්ත සමරවීර මහතා කීය

සතොස  සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා එ් අදහස  පිළිගත්තේය

මේ අතර පසුගිය වසරේ මැතිවරණ ආසන්නයේදී ලංකා සතොස ආයතනය  සේවකයින් 850ක් නීති විරෝධී ආකාරයට  ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී  (කෝප් කමිටුව) තොරතුරු  අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන  නිලධාරිනියක පැවසූවේ සුදුසුකම් සපුරා නැති කොටසක් එතන සිටින බවයි.

උපදේශන  අනුව  එම තනතුරැ අනුමත කර ගැනීමේ ගැටලුවක් පවතින බවද ඇය කීවාය.

ලංකා සතොස  ජ්‍යෙෂ්ඨ කළමනාකරු සිසිර ගුණවර්ධන මහතා පැවසුවේ එම ස්ථිර කිරීම් ගැටලු සහගත බවයි.

මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටු සභාපතිවරයා පැවසුවේ අවශ්‍ය අනුමත කිරීම් සහිතව ආයතනය වැඩ කළ යුතු බවයි.

ලංකා සතොස ආයතනයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.



අදහස් (1)

සතොස මුල් පුටු අටේම කොන්ත්‍රාත්කාරයෝ

අරවින්ද මොණරවිල Monday, 13 October 2025 04:27 PM

නලීන්ගේ ගෝලයෝ සතොසේ සතුටින් කන්න ඇති.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site