IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සීතල නිසා ඌව සභාව ජනවාරියට කල් දමයි

නත්තල් කාලයත් දෙසැම්බර් මාසයේ සීතලත් සලකා බලා ඌව පළාත් සභා රැස්වීම දෙසැම්බරයේ නොපැවැත්වීමට  ඌව පළාත් සභාව අද (27)වැඩි ඡන්දයෙන් තීරණය කළේය.

පළාත් සභාව රැස් වුයේ සන්ධානයේ මන්ත්‍රීන් හතර දෙනකු විපක්ෂයට එක්වෙතියි පැතිර ගිය රාවයත් සමඟය .සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක්  ඇත.අද (27) සන්ධානයේ උදාර සොයිසා පැමිණ නොසිටියේය.විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු හා සංවිධායක ආනන්ද කුමාරසිරි ද තවත් මන්ත්‍රිවරු දෙදෙනෙක්ද  පැමිණ නොසිටියහ.

දෙසැම්බර සභාවාර කල් දැමීමට විරුද්ධව එජාපය හා ජවිපය දැඩි විරෝධය පළ කළේය. මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද පැමිණ සිටියේය.

එහෙත්  රැස්වීම ජනවාරි 15 වැනිදාට කල් තැබීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 17ක්ද පසුව ඡන්ද 11ක් ලැබීමෙන් ආණ්ඩු පක්ෂය ජයගත්තේය.

 

 



අදහස් (0)

සීතල නිසා ඌව සභාව ජනවාරියට කල් දමයි

චන්දන Thursday, 27 November 2014 01:43 PM

අපි ඉන්න රටේ හය මාසයක් ශීත සෘතුවේ ශීතලේ ගැහි ගැහි අපි රෑට වැඩට යන්නේ. සමහර විට උෂ්ණත්වය රින ගණන්. සමහරුන්ගේ දත කට පුට්ටු වෙලා හන්දි ඉදිමිලා. හනේ මෙහෙමත් දේශපාලකයෝ ඉන්න රටකට යන කලක්. (නදී)

:       0       0

පුලස්ති Thursday, 27 November 2014 01:45 PM

ඔක්කොමලාව සයිබීරියාවට පටවන්න තියෙන්නේ. ශීතල මොකද්ද කියල දැනෙන්න. (නදී)

:       0       0

බණ්ඩා Thursday, 27 November 2014 02:05 PM

බදුල්ල හිමෙන් වැහිලා ,පළාත් සභා ගොඩනැගිල්ල වටා අඩි ගණනක හිම තට්ටුව හිම දිය වෙනකම් කොහොමද රැස් වෙන්නේ ? (ම)

:       0       0

නිමල් Thursday, 27 November 2014 02:11 PM

හොද නැද්ද රජයේ කාර්යාලවලටත් සීතල නිසා නිවාඩු දුන්නොත්.? (ම)

:       0       0

අමිල Thursday, 27 November 2014 02:28 PM

ඇත්තටම මේක සීතල නිසා නෙමෙයි... (ර)

:       0       0

සුපුන් Thursday, 27 November 2014 02:40 PM

වැඩි ඡන්දයෙන්නේ සම්මත වෙලා තියෙන්නේ අනික ඕක මාසයක් රැස්වුනේ නැතිවුනාම අපිට මක් වෙනවද? අපි අපේ වැඩක් බලාගමු...(දිල්)

:       0       0

සෑම් Friday, 28 November 2014 05:12 AM

සඳුන්, ඔබට විතරයි මෙතන වෙච්ච දේ තේරිලා තියෙන්නේ. (ර)

:       0       0

ජයන්ත Thursday, 27 November 2014 03:21 PM

මේ අපි ඉන්න රටේ අඩි 10 උසට අයිස් වැටිලා තියෙන්නේ. සීතල -23 ට ගිහිල්ලා. නමුත් ඔක්කොම වැඩ කරගෙන යනවා ලංකාවේ මොන සීතලක්ද?  අපි නොදන්නා සිතල (නදී)

:       0       0

චමින්ද Friday, 28 November 2014 05:33 AM

අපිටයි ගහන්න ඕනේ (ස)

:       0       0

සම්පත් පෙරේරා Thursday, 27 November 2014 03:31 PM

සීතලයි කියලා ඡන්දේ කල්දායි නේද ? (නදී)

:       0       0

සඳුන් Thursday, 27 November 2014 04:03 PM

මේක කලේ 3 ක් අනිත් පැත්තට ආවනම් අය වැය පරදී කියල බයට. එහෙම උනොත් ඡන්දෙත් ඉවරයි නේ. එ්කයි ඔය සීතල හැදිලා තියෙන්නේ. (නදී)

:       0       0

නිමල් Thursday, 27 November 2014 04:11 PM

සීතල නිසා මේ පැත්තේ කිසිම දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණ රැලි නොපවත්වනු ඇති නේද? වෙනත් පැතිවල අය ඇවිත් පැවැත්වුවත් සීතල නිසා මේ පැත්තේ අයට එන්න බැරිවෙියි. (ස)

:       0       0

සිරි Thursday, 27 November 2014 11:20 AM

උෟව පළාත නෙවේ සමහරුන්ගේ ඇඟ පත වෙන්න ඇති සීතල වෙලා ඇත්තේ. (ස)

:       0       0

සුරංග Thursday, 27 November 2014 11:28 AM

මම හීටර් එකක් අරන් දෙන්නද ???? ලංකාවට ගිය කලක්... (ම)

:       0       0

ෆර්නෑන්ඩු Thursday, 27 November 2014 11:31 AM

මොන මගුලකටද අපි එතකොට මෙයාලව පත් කරේ. අපිටයි ගහන්න ඕන. (ස)

:       0       0

රත්න Thursday, 27 November 2014 11:33 AM

රත්වෙලා එයි සැලූන් දොරින් කට්ටිය යනකොට. (ස)

:       0       0

රේණුකා Thursday, 27 November 2014 05:27 PM

අනේ අම්මපා, මැරීගෙන වැඩ කරන කට්ටිය. උණුසුම් ඇඳුම් තියෙන්නේ සීත කාලෙට ඇඳගෙන වැඩ කරන්න තමයි. අනේ මේ අයට හැකි ඉක්මනින් උණුසුම් ඇඳුම් සපයා දෙන්න. (නදී)

:       0       0

චානක. Thursday, 27 November 2014 05:39 PM

හිනායනවා. කියන්න දෙයක් නැහැ මේ ගැන (නදී)

:       0       0

විල්බට් Thursday, 27 November 2014 11:34 AM

රන්ජන් රාමනායක මන්ත්‍රී තුමෝ හදන්නකෝ චිත්‍රපටයක් පලාත් සභා ජෝක් කියලා. (ස)

:       0       0

මොරිස් Thursday, 27 November 2014 11:35 AM

මේක තිබුන නම් පළාත් සබාව රත් වෙන්න තිබුන. පේනවා නේද බය? (ස)

:       0       0

දිනේෂ් Thursday, 27 November 2014 11:37 AM

දන්නා සියලුම දහන් ගැට දමනවා නේද ??? (ම)

:       0       0

දිලිප් Thursday, 27 November 2014 11:40 AM

මේවා කාටද ? කියන්නේ (ම)

:       0       0

රාණි Thursday, 27 November 2014 06:10 PM

හදිසියේම ඌවෙ සිතල වැඩිවෙලා (ස)

:       0       0

චරිත් Thursday, 27 November 2014 11:44 AM

කොයි පැත්තත් එකයි. සමාජයේ සියලුම පැතිකඩ වල මේ දේවල් සුලබයි. රටේ ඉන්න අයට වඩා මේ දේවල් රටෙන් පිට වෙලා ගිය අපිට දැනෙනවා කියල හිතෙන්නේ. (ර)

:       0       0

තුසිත Thursday, 27 November 2014 07:36 PM

දැන් කට්ටියම සීතල වෙලා කියල මේකෙන් තේරෙනව (ස)

:       0       0

අතුල Thursday, 27 November 2014 07:52 PM

ඔය පළාත් සභාවේ රැස්වීම් පවත්වන්නේ එළිමහනේද??? (ස)

:       0       0

රොහාන් Thursday, 27 November 2014 12:09 PM

දැන් මෙයාලගේ උනුසුම නැතිවේගෙන යනවා (නදී)

:       0       0

නිලංග Thursday, 27 November 2014 12:15 PM

සීතල නිසා සභා රැස්වීම් කල් දාන රටක් ලෝකෙම නැතිව ඇති. ඊළඟට කියාවි රස්නේ නිසා කල් දැම්මා කියලා. අනිත් පාර කියාවි ගංවතුර සහ නියඟය කියලා. මේගොල්ල දේශපාලනයට ආවේ මොන ඉලව්වකටද ? (නදී)

:       0       0

කුමාර Thursday, 27 November 2014 12:26 PM

බය දැනිලා වගේ. (නදී)

:       0       0

ජෙනි Thursday, 27 November 2014 12:28 PM

ඇයි අනේ සීතල නම් බාප්පා ගෙන් හීටර් එකක් ඉල්ලන්නකෝ. කියන පරක්කුවෙන් සපයා නොදේවිද (නදී)

:       0       0

කමල් Thursday, 27 November 2014 12:31 PM

සීතල ගණන් (නදී)

:       0       0

කාන්ති Thursday, 27 November 2014 11:30 PM

අනේ ඇත්තට මොකද්ද මේ විහිලුව? මේවා රටේ ලොකුම පුරවැසියාටවත් පේන්නේ නැද්ද ? සීතල නම් අර නුවර එළියේ මාකට් එක පැත්තේ කඩවල තියන වුල් ඇඳුම් ටිකක් වත් පාර්ලිමේන්තුවේ සම්මාදම් එකතු කරලා අරන් දෙන්නකෝ. (නදී)

:       0       0

මා.උපරතන හිමි-ඩෙන්මාර්ක් Thursday, 27 November 2014 12:40 PM

හොඳ වෙලාවට ලංකාව ලෝක සිතියමේ යුරෝපා කලාපයේ නොපිහිටියේ. එහෙම උනානම් ඌවේ ජනතාවට මාස හය හතක් කතරගම දෙවිඳුන්ගේ පිහිට තමා. (නදී)

:       0       0

සරත් Thursday, 27 November 2014 12:44 PM

ඇමෙරිකාවේ මිනසෝටවල ගිය අවුරුද්දේ රින 50 විතර උනා. සීතල මදිවට හිම කදු. එ්ත් කිසිම දෙයක් නැවැත්තුවේ හෝ කල් දැම්මේ නැත. එ්කට ලංකාව? (නදී)

:       0       0

සරත් Thursday, 27 November 2014 12:50 PM

උෟව තියෙන්නේ එංගලන්තයේද (නදී)

:       0       0

නාරද Thursday, 27 November 2014 12:58 PM

මෙම පලාතේ පාසැල් යන කුඩා දරුවන් සහ රැකියාවට යන ඔවුන්ගේ දෙමව්පියන් සීතලෙන් ආරක්ෂා කර ගැනීමට වැඩ පිළිිවෙලක් වහාම සකසන ලෙස ඉල්ලා සිටිමි (නදී)

:       0       0

බණ්ඩා Thursday, 27 November 2014 12:58 PM

සීතලට හක්ක පැනල එ්කයි කල් දැම්මේ (නදී)

:       0       0

සමන්ති Friday, 28 November 2014 01:16 AM

වායුසමීකරණ යන්ත්‍ර අක්‍රිය කරන්න. (නදී)

:       0       0

චාමික Friday, 28 November 2014 01:47 AM

යන්නේ නෑ කව්රුවත් කියල කීවට ඔය බයේ දුවන්නේ කට්ටියම. (නදී)

:       0       0

බමුණු Friday, 28 November 2014 02:03 AM

හලෝ පස්ස පැත්තට දුන් කොලයක් තියල අමුඩයක් ගහගන්න රත්වෙන්න (නදී)

:       0       0

නුවන් වික්‍රම Thursday, 27 November 2014 01:29 PM

අපටත් රැකියාවට නොහැකි තත්වයක් සීතල නිසා උදාවෙලා, කරුණාකර සීතල සහනාධාරය ලබාදෙන්න (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 28 November 2014 03:12 AM

මට හොඳ යෝජනාවක් තියෙනවා කරන්ට. බැරිද ඌව පළාත් සභාවේ කට්ටියව ඔය සීත රටවල අධ්‍යාපනික සංචාරයකට යවන්ට. එහෙ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල වැඩ කටයුතු සීතල දේශගුණයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල දැන ඉගෙන ගෙන එන්ට. (නදී)

:       0       0

චන්න. Thursday, 27 November 2014 01:35 PM

අනේ අපි ඉන්නේ සෞදි වල. දැන් සීතල පටන් ගන්නවා. උණුසුම් ඇඳුම් එහෙම ලෑස්ති කරගෙන අපි ඊට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා. ඌව පළාතේ තියෙන්නේ මොන හීතලක්ද? ඔය පළාත් සභාවේ ඉන්නේ පූසෝ වෙන්න ඇති. ඒ හින්ද වෙන්න ඇති හීතල. මුන් යවන්න ඕනි සෛබීරියාවට. සෛබීරියාව කියන්නේ මොකක්ද කියල දන්නවද දන්නේ නැහැ. (නදී)

:       0       0

චමිලා Thursday, 27 November 2014 01:37 PM

ඒ පළාතේ ජනතාව සීත කාලයට පළාත අතහැර යනවද ? (නදී)

:       0       0

පාරමී Thursday, 27 November 2014 01:39 PM

ඔව්! ඔව්! අපි මේ වෙව්ලන්නේ බ... බ. .. බ... බයට නෙමෙයි. සී... සී ... සීතලටයි!!!. මේවට අපිට දෙපැරෙන්දෙන් හිනා යනවා ඕයි! (නදී)

:       0       0

සමන්ති Thursday, 27 November 2014 01:39 PM

පළාත් සභාවේ කාර්යාල වල සේවකයන්ට සීතල නැත්ද ? පළාත් සබාව බදුල්ලට ගෙනයමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site