IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සුතනන්හට හරි මඟ පෙන්නා : පුද ලබති ලක් මව්පිය දෙන්නා

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන සුවිශාල කැපවීම සහ උනන්දුව අගය කිරීම සඳහා වු මා පිය සම්මානයක් බ්‍රිතන්‍ය ශ්‍රී ලාංකික යුවළකට බ්‍රිතාන්‍යයෙන් පිරි නැමිණි.

දෙවසරකට වරක් මෙම සම්මාන උළෙල පවත්වනුයේ  මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ  නසීර් අහමඩ්  සාමීවරයාගේ උදේශකත්වයෙනි.

බ්‍රිතාන්‍යයේ ෙව්‍යාපාරික කටයුතුවල නිතර ශ්‍රී ලාංකික මා පිය යුවළක් වන  මාධව රන්මණ්ඩල සහ දිල්හානී ගුණවර්ධන මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ දිනුර රන්මණ්ඩල සහ වෙනුර රන්මණ්ඩල යන තම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන  දස්කම් වෙනුවෙන් ඔවුන් දක්වන උනන්දුව කැපවීම හා ආදර්ශවත් වැඩපිළිවෙළ අධික්ෂණය කිරීමෙනි.

අධ්‍යාපනයේ අවශ්‍යතාව සහ වැදගත්කම අවබෝධ කරමින් ඒ වෙනුවෙන් තම දරුවන් යොමු කරමින් මහත් කැපවීමක් කරන දෙමව්පියන් අගය කරනු වස් බ්‍රිතාන්‍ය සාමී මන්ත්‍රී මණ්ඩල සම්මානය මෙවර මාපිය ජෝඩු හතරකට හිමි විය.

ශ්‍රී ලාංකිය මා පිය යුවළකට  එම සම්මානය හිමි වුයේ ප්‍රථම වතාවටය.

 

 



අදහස් (0)

සුතනන්හට හරි මඟ පෙන්නා : පුද ලබති ලක් මව්පිය දෙන්නා

තාරක Friday, 16 May 2014 10:01 PM

වාසනාවන්ත දරුවෝ දෙදෙනෙක් සහ ආදර්ශමත් දෙමාපියන්.සතුටුයි. (ස)

:       0       0

සුනිල් Friday, 16 May 2014 10:07 PM

රංගන..ඔයා බ්‍රිතාන්ය ගැන දන්නේ ටිකයි. එයාලා තමයි වැඩියම සුදු මානසිකත්වයෙන් බලන්නෙ. පුරවැසියන්ට සලකන එක යුතුකමක් නේ.අපි පුරවැසිකම ලබන්නේ මේ රටවලට මොන තරම් ශ්‍රමයක් ලබා දීලද. (ස)

:       0       0

සමන් Friday, 16 May 2014 10:53 PM

මේ කාටත් ටිකක් වැරදිලා. මේ රටවල අය ළමා කාලයේ ළමයින්ට නිසි නිදහස දී වැඩ කරනවා. ඒත් අපේ අය ආවම ලංකාවේ පුරුද්දට ළමයි රේස් එකේ ගෙනියනවා. මේ බව වැරදි ලෙස වටහා ගත් සුදු නොවෙන මුස්ලීම් පුද්ගලයෙකු අගය කරලා. මේ පුද්ගලයා ලංකාවට ආවනම් අපේ හැම අම්ම තාත්ත කෙනෙක්ම මේ සම්මාන ගන්නවා. ඒත් දරුවන්ට බුදු සරණයි දෙවිපිහිටයි. (ස)

:       0       0

නිලූ Friday, 16 May 2014 11:54 PM

මම මේ පවුල් ගැන පුද්ගලිකව දන්නවා. හොද ආදර්ශමත් උගත් දෙමය්පියෝ. සුබපතනවා ඔබට.(ස)

:       0       0

ශිරෝමා Tuesday, 20 May 2014 01:58 AM

මේ සම්මානේ මේ ශ්‍රී ලාංකික යුවලට හම්බවීම ගැන තරහෙන් කතා කල යුත්තේ අන් ජාතිකයෝ මිස ලාංකිකයෝ නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද නැත්නම් ප්‍රවෘතියේ කියල තියන විදිහට අනික් සම්මාන 3 වගේම මේකත් බ්‍රිතාන්‍ය ජාතික යුවලකට ම දුන්නානම් මේ ඉරිසියාකාර දුර්ජනයන්ට නින්දයන්නේ. අනේ මෙහෙමත් දේශප්‍රේමයක්. කවදා නම් ආලෝකයක් දකීවිද මේ උන්මත්තකයෝ.(ස)

:       0       0

නෙලුම් Saturday, 17 May 2014 03:58 AM

අනේ මන්දා කිසිම කෙනෙකුගේ ලැබීමකට සතුටු වෙන්න බැරි උදවිය අපි අතර ඉන්නවා. මේ දරුවන්ට යහපත් අනාගතයක් පතමි. (ස)

:       0       0

චන්ද්‍රා Saturday, 17 May 2014 04:07 AM

නරකද අපේ ටියුෂන් ගුරුවරු පිටරට පැටෙව්වොත්.!! කඩුව ටිකක් හොර උනාට අපේ අය්යල ඒක ටික දවසකින් අල්ල ගනීවි. (ස)

:       0       0

ගයාන් Saturday, 17 May 2014 04:27 AM

මමත් මේ පවුල ගැන අහල තියෙනව. මාධව ලංකාවේදීත් දන්නවා. ගෙවල් පිළියන්දල. ආනන්දේ ඉගෙනගත්තේ. සවුත් හම්ප්ටෝන් පැත්තේ කඩයක් දාගෙන හිටියේ .දැන් හවුන්ස්ලෝව් වලට ඇවිල්ල ඉන්නේ. හොඳ දානව වගේ ඇත්ත විස්තරත් දාන්න .ළමයි දෙමවුපියන්ගේ ආරෙට නොයන එකට නම් සතුටුයි. (ස)

:       0       0

දම් ලන්ඩන් Saturday, 17 May 2014 04:31 AM

දැන් ආසියානුවන් බ්‍රිතාන්‍ය තුළ ඉහලින්ම ඉන්න නිසා සුදු ජාතිකයන් දරුවන්ව ටියුෂන් පන්ති වලට යවනවා.ලෝකෙ කොහේ හිටියත් ලාංකිකයෝ බලන්නෙ තමන්ට වඩා දරුවන් ඉස්සරහින් තියන්න. (ස)

:       0       0

ජනක Saturday, 17 May 2014 04:45 AM

සමන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලෝඩ් සභිකයෙක් වීම අපේ පාර්ලිමේන්තුවේ චිට් මන්ත්‍රී කෙනෙක් වෙනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. ඉහළ දැනීමක් හා අධ්‍යාපනයක් ඔහුට තිබිය යුතුමයි. එහෙම කෙනෙකුගෙන් ශ්‍රී ලාංකිකයෙක් සම්මාන ලැබිම ඔයාට කොහොම වුනත් ලාංකිකයෙක් විදිහට අපිට නම් ආඩම්බරයක්. (ස)

:       0       0

සිල්වා Saturday, 17 May 2014 07:13 PM

ගයාන් ඔයා ලියපු දේවල් ගොඩක් වටිනවා. දැන් ඉන්න හැම අම්ම කෙනෙක්ම ගයන් කියපු දේ ගැන හිතට ගන්නවා නම් ළමා පරපුරේම වාසනාවක්.(නදී)

:       0       0

අශාන් Saturday, 17 May 2014 06:29 AM

සමන්, ඔයා 100% හරි. මම ඉන්නේ ඕස්ට්‍රෙිලියාවේ. මෙහෙත් තරඟයට දුවන්නේ අපේ ළමයි තමයි. මොකද මේ රටවල මොන රැකියාවත් එකයි. එයාලා ළමයින්ගේ ළමා කාලය ගැන ගොඩක් හිතනවා. හැබැයි පවු පොඩි අය. ‍(නි)

:       0       0

ඔනෙලා Saturday, 17 May 2014 08:00 PM

ඔය ගොල්ලෝ දන්නේ නැහැ දැන් මෙහි රජයේ පාසැල් වලට යන අයට හරි ප්‍රාථමික අධ්‍යාපනයක් දෙන්නේ නැහැ. ඒක තමා ඇත්ත. සල්ලි තියන ළමයි හොදට ඉගනගෙන හොද රස්සාවල් කරනවා. අනිත් අය අඩු වයසෙන් ලමයි හදා පහසුකම් ගන්නවා .ආණ්ඩුව එ්කට කැමතියි. ඒක ඒගොල්ලන්ට හොඳයි.(නදී)

:       0       0

සෆීක් Saturday, 17 May 2014 10:50 AM

ජාති බේද නැතුව සමයෙන් වැඩ කරන තැන මොනතරම් ලස්සනද. (අ)

:       0       0

ඉන්දික Saturday, 17 May 2014 11:21 AM

සමන්ගේ අදහසට මමත් එකඟයි. ඒගොල්ලොන්ට මේක අමුතු දෙයක් උනාට ලංකාවේ ඔයවගේ ය ඕනෑතරම් ඉන්නවා. සමහර අම්මල ළමයි ටියුෂන් පන්තියවල එගොල්ලොත් සල්ලි ගෙවල ඒ පන්තිවලම ඉගෙනගන්නවා. ඒ පස්සේ ළමයට අයෙත් උගන්නන්න. (අ)

:       0       0

ඉන්දික Saturday, 17 May 2014 11:22 AM

අශාන්, ඇත්ත. ඔස්ට්‍රලියාවේ අයටත් දැන් ටියුෂන් ලෙඩේ බෝ කරලා තියෙන්නේ ලංකාවෙන් ගිය අය. (අ)

:       0       0

හරිෂ් Friday, 16 May 2014 07:09 PM

කිසිම බේදයක් නැහැ නේද? (අ)

:       0       0

ගයාන් Saturday, 17 May 2014 12:20 PM

ඉන්දික දරුවාගේ ටියුෂන් පන්තියේ සල්ලි ගෙවා ඉගෙන ගන්න අම්ම ල ගැන ඇසුවාම අනේ අපේ අම්ම ට මල් තියලා වඳින්න හිතුනා. අපිට නිදහස් ළමා ලෝකයක් දුන්න ට . ගුරුවරියක් වෙලත් ගෙදෙර ඇවිල්ල අපිට පාඩම් කරන්න කියා කියා බෙරිහන් දුන්නේ නැහැ. අනවශ්‍ය තරඟයකට යොමු කලෙත් නැහැ. අල්ලපු ගෙදෙර දන්නා කියන දරුවන් එක්ක සන්සන්ධනය කලෙත් නැහැ. අපි හොඳින් ඉගෙන ගත්ත. මගේ අක්ක ඕස්ට්‍රේලියාවේ කථිකාචාර්ය වරියක්. (අ)

:       0       0

පීරිස් Friday, 16 May 2014 07:19 PM

රටට ආඩම්බරයි. අපේ තැන තැබූ පවුලක්. බුදුසරණයි ඔබ සැමට! (නි)

:       0       0

බණ්ඩාර Friday, 16 May 2014 07:26 PM

ඒත් සුදු ජාතිකයින් නම් පෙනෙන්න නැහැ නේද? (නි)

:       0       0

කොඩී Saturday, 17 May 2014 12:53 PM

රංගන හරියටම හරි ගෝත්‍රවාදී අදහස් කවදා අපෙන් දුරුවෙයිද ? (නදී)

:       0       0

ගංගා Friday, 16 May 2014 07:40 PM

බණ්ඩාර, ඔයාට දැන් ඒකද ප්‍රශ්නේ? හොඳ දෙයක් අගය කරන්න බැරිද? (නි)

:       0       0

රංගන Friday, 16 May 2014 07:53 PM

බණ්ඩාර මන් දන්න තරමට බ්‍රිතාන්‍යෙය් ඉන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියන් මිසක් හම සුදුදු කළුද කියලා බලන්නේ නැහැ. අපේ ගතිය තමයි නැති දේම හොයන එක. (ස)

:       0       0

හේරත් Saturday, 17 May 2014 01:14 PM

අපි කාටත් ආදර්ශමත් දරු පවුලක්. මේ අයට ඉදිරියටත් ඉදිරියට යන්න වාසනාව උදාවේවා මගෙන් සුබපැතුම්! (නදී)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Sunday, 18 May 2014 02:27 AM

එතකොට අපි දිවා රෑ නොබලා දරුවන් වෙනුවෙන් කැප වෙන කැපවිල්ල කාට කියන්නද? අපිට‍ තෑගි දෙන්න කවුද එන්නේ? කොහොමද එන්නේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site