(සුජිත් හේවාජුලිගේ )
විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතාව විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තාවේ.
විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මත පළ කිරීම එම අවිනිශ්චිතතාව මතු වීමට ප්‍රධාන හේතුවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර සමඟ ජන බලවේගය යෝජනා කළ දින වලින් ආර්ථික කමිටු විවාදයට දෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර ඇත.
ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ විවාදය සම්බන්ධීකරණය කරන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කරමිනි.
විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමටත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ සිය ස්ථාවරය එලෙසම පවතින අතර ආර්ථික කමිටු විවාදයට ලබා දෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය කිසිදු වෙනසක් නැති බවයි.
පළමු වනායකත්ව විවාදය පවත්වා ඉන් අනතුරුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බව පක්ෂයේ ස්ථාවරය යැයි හඳුන්නෙත්ති මහතා කිවේය.
විවාදයට නායකයන් දෙදෙනාම කර අරින තත්ත්වයක් පෙනෙන්නට ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.
COMMENTS
ජනපතිවරණයට ඉල්ලනකෙනා විවාද කරන්න ඕන නැත්නම් වටේ ඉනින ගොට්ටෝ නෙමෙයි නේ ගෝටාට බැරි හින්දානේ වටේ ඉන්න කට්ටිය ගොඩ ගියේ
ඔය ආර්ථික කමිටුව ජුනි 6 වෙනිදායින් එහාට පැනගන්න හදන උප්පර වැට්ටියක්... ලෝකේ වාද කරන්නේ පක්ෂ නායකයෝ, එතැන ආර්ථික, දේශපාලන, නීතිය හා විනය, දූෂණ, වංචා පිටු දැකීම, වාද වෙනවා. වෙනම ආර්ථික කමිටු කියලා එකක් නෑ. අපේ මූලිකම කරුණ තමයි බිලියන ගණන් හොරා කෑ සල්ලි ගන්න විදිය. ඔවුන්ට දඬුවම් දෙන විදිය. ආර්ත්කේ වෙනම ගන්න බෑ. සම්පුර්ණ පින්තුරේ නැති වෙනවා...
වටේ යන්න දෙයක් නැහැනේ... පුතාණෝ කිව්වනේ එයා ඕනෑ එකකට කැමැතියි කියලා. NPP එක ආර්ථික කමිටු විවාදේ කරන්න කැමැති නැත්නම් නායකයි අතර විවාදේ කරන්න පුළුවන් නේ පුතානෝ තමයි පස්ස ගහන්නේ...
මේ වගේ සෙල්ලම් වයසේ ඉන්න පොඩි ළමයි දෙන්නෙක් කොහොමද රටක් පාලනය කරන්නේ? විහිළු කාරයින් දෙන්නෙක් වගේ... දෙන්නාම කතාවෙලා රනිල්ගෙන් සිකියුරිටි ජොබ් එකකුයි, කම්කරු ජොබ්එකකුයි ඉල්ලා ගන්න...!
අන්න ඒකට අපේ රනිල් ඕන අභියෝගයක් බාරගන්න ලෑස්තියි. හැබැයි ජනතාව තමයි කැමැති නැත්තේ...
සජබයට අවශ්‍ය හර්ෂ ලවා විවාදයක් කරලා ජාමේ බේරා ගන්න... එපමණයි...
කැට තියලා කියන්නම් රනිල් එක්ක මුන් දෙන්නාටම බැ
ඔය විවාදය කිසිදු වැදගත් දෙයක් නෙමෙයි ඕකෙන් වාසි ගන්න හැදුවේ වෙනත් පාර්ශවයක් කොහොම හරි තුන්වැනි පාර්ශ්වයක උවමනාවට සජබෙ විසින් විවාද යෝජනාවක් ජාජබ ට දැම්මේ ජාජබ අමාරුවේ දාන්න හිතාගෙන නමුත් පේන විදිහට ජාජබ ඒ ලණුව ගිල්ලේ නැහැ අන්තිම ට සජබෙට ම ඒ ලණුව ගිලගන්න උනා ඒකෙන් උනේ තුන්වැනි පාර්ශ්වය ට සතුටු ඇති ඒත් සජබෙ ඇන ගත්තා වගේ පේනවා
දැන් කව්රු විවාද කරත්, පිට රටින් ගත්ත ණය නොගෙවා ආර්ථිකය ඉදිරියට යන්ට බැහැ. ණය නොගෙවා සිටියොත්, තව වසර 100කට විදේශ ණය ගන්ට හම්බ වෙන්නේ නැහැ.
ඕක නොකරන තරමට හොදයි..නැත්නම් සජිත්ටටඉතුරු වෙලා කියනඡන්ද වලින් තව ටිකක් අපේ ජනපතිට යනවා..
මුලින්ම අවශ්‍ය සජිත්ගෙයි අනුර කුමාරගෙයි විවාදය, ඒ ගැන තමයි මිනිසුන් බලාගෙන ඉන්නේ.ලෝකයේ කොහෙවත් ආර්ථික කමිටු වාද විවාද පවත්වන්නේ නැහැ නායකයින් දෙදෙනාගේ විවාදයට කලින්. ඡන්දය තියෙන්නේ ජනාධිපතිවරයෙක් තෝරාගන්න,එතකොට ජනාධිපති අපේක්ෂකයින් අතරෙයි විවාද තියෙන්නේ. තව එකක්..සජිත්ගේ ආර්ථික කමිටුවේ ඉන්න සමහරු හෙට අනිද්දා රනිල්ගාවට පනින්න බලාගෙන ඉන්නේ. තව ඔස්තාඩ් කෙනෙක් කියනවා එයා සජිත්ගේ ක්‍රමවේදයට කැමති නැහැ'යි කියලා ඒ ගොඩහේවා. විදේශවිනිමය වංචාවක් පිළිබඳව මිනිහාට ලොකු චෝදනාවක් තියෙනවා.සජිත්ගේ ඔය ඔස්තාද්ලා ඉන්නකොටම තමයි රනිල් මහබැංකුව කොල්ලකෑවේ..එහෙම මෝඩ ඔස්තාද්ලත් එක්ක ජාතික ජනබලවේගයේ උගතුන් විවාද කිරීමෙන් පලක් තියෙනවාද.
හොරු ටික හොදටම බය වෙලා..
අපිට ඕන වඩා බුද්ධිමත් නායකයා හඳුන ගන්නයි .. පස්සෙ බැරියැ කමිටු කතන්දර.. අනේ අප්පිරියයි, සජිත්. ඔයා පස්ස ගහන බව හොඳටම පේනවා..
ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයො මිසක් ඔය කියන ආර්ථික කමිටු විවාද අහල නැහැ. අපි දන්න තරමින් තියෙන ප්‍රසිද්ධ විවාදය ඒකයි. සජිත් පාරෙදි කියන්නෙ මම තමයි දන්නෙ මම වැඩ කරනව, මාත් එක්ක තරඟෙට වැඩ කරන්න කාටවත් බැහැ, විපක්ෂයේ ඉඳගෙන වැඩ කරන ලෝකෙටම එකම නායකය මමයි කියනවනේ ඉතින් තවත් කමිටු කාරයො මොකටද? ඔබ තුමාටම විවාදෙට ඇවිත් ඔය ටික පැහැදිලිවම කියන්න පුලුවන්නේ. පාසලක හයේ පන්තියෙ ළමයි ඉදිරිපිට කරනවට වඩා රටම දැනුවත්වෙයි ඔබ තුමාගෙ ප්‍රතිපත්ති ගැන එතකොට.
ඔය දෙන්නට මුහුනට මුහුන විවාදයක් කරන්න ජවයක් නෑ රනිල් ඒකට ඔච්චර පුරසාරම් දොඩමින් මිනිස්සු රවටන් නෑ වයසට ගියත් කෙලින් කතා කෙලින් වැඩ පුලුවන්නනම් රනිල් මහත්මයත් එක්ක ඔය දෙන්නම බහින්න
ඔන්න ගැටබෙර තරගයකට නම් සජිත් උදෙන්ම ඇවිත් ඉඳියි.
අනුරට සජිත් කියන්නේ හෝඩියේ ළමයෙක්. අපිත් මේ පුවත් බල බලා කාලේ කනවා….
ගෝඨාභය දෙවැනි රැල්ල ‘අනුර‘ මේවගේ ගොන්නු ඉන්න රටක්...
සජබ ආර්ථික කමිටුවේ ඉන්නේ 2015 ඉදලා 2019 වෙනතුරු රට පාලනය කරලා ජාත්‍යන්තර ස්වෛරී බැදූම්කර වෙළඳපොළ වලින් ඩොලර් බිලියන 12.5ක් ගිනි පොලියට ණය ගත්ත හම්බන්තොට වරාය චීනයට විකුණලා ඩොලර් බිලියන 1.3 අරගෙන අදටත් ඒ මුදලට වෙච්ච දෙයක් හොයා ගන්න බැරි වෙන්න වැඩ දුන්න, ඇවිල්ලා මාස තුනෙන් මහ බැංකුව ගේම දුන්න, ඩොලර් බිලියන හතලිහක්ව තිබුණ රටේ සමස්ත ණය බර වසර හතරාමාරකට ඩොලර් බිලියන අසුව දක්වා වැඩිකළ රට ණය උගුලක හිර කළ තක්කඩි රැලක්. එවුන් එක්ක විවාදයට ජාතික ජනබලවේගයේ නලින් හේවගේ විතරක් ආවත් ඇති තුන් දෙනාගේ කරටි කඩන්න.
මේ විදිහටම තමයි සජිත් ඡන්දෙ දිනුවොත් ඉන් පස්සේ අපට කොකා පෙන්නලා මාරු වෙන්නෙත්. කයිවාරුකරුවෙකුට ඡන්දෙ දීලා පස්සෙ වැලපෙන්න වෙනවා. එයා වටේට ඉන්නෙත් එහෙට මෙහෙට පනින පරණ හොරු ටිකයි. යුධ ආයුධ ගණදෙනුවලට සම්බන්ධවන හමුදාවේ ලොක්කෝ ටිකකුයි.
දෙදෙනාම සුබසාධන කටයුතු ගැන කියනවා මිස රටේ ආර්ථිකය ගැන කිසිම දෙයක් ගැන කතාවක් කරනවා අහල නැහැ ආර්ථිකය ශක්තිමත් නොකර රටේ සංවර්ධනය කරන්නෙ කොහොමද පක්ෂ දෙකේම එහෙම බව පේනවා ගෝඨාභය වගේ සල්ලි අච්චූගහල වැඩ කරන්න බැහැ වතු හා ඇගලුම් ක්ෂේත්‍රයේ ද සංචාරක කර්මාන්තයේ හා විදෙස් රැකියා අංශය මගින්ම ආර්ථිකය ශක්තිමත් කරන්න බැහැ රටේ තාක්ෂණය හා කර්මාන්ත දියුණු කරන්න ඕන ඉතින් එහෙම දෙයක් ගැන නොනොකියන දෙන්නෙක් මොනවා ගැන වාද කරන්නද?
දැන අපිට නම් තේරුම් ගන්න පුළුවන් දෙගොල්ලෝ කයිවාරු විතරයි වගේ... කරන්දඩ යන වැඩ පිළිවෙල ගැන ජනතාව කියන්ඩ දෙගොල්ලන්ටම බැ වගේ
වැඩි වෙනසක් නෑ මේ දෙන්නාගේ. දෙන්නාටම පචකාරයෝ.. වෙනසට තියෙන්නේ එක්කෙනෙක් වැඩ බැරිදාස කියලා ඔප්පු කරලා තියනවා.. අනික් කෙනා ඒක ඔප්පු කරන්න වරම් ඉල්ලනවා
රනිල් දීපු ගුල්ලෝ ගහපු හාල් කාපු කොමෙන්ට් බළකාය වැඩට බැහැලා වගේ හහ් හහ් හා
මේ දෙන්නම ජෝකර්ලා
රනිල්ගේ ප්ලෑන් එක වරදින්නයි යන්නේ
" විවිධ කඹ ඇදිම් " කියලා එකක් නෑ සජිත් දීපු දිනේට අනුර ඕකේ.. සජිත් භයේ පැනලා යනවා.
ටී වී වැඩසටහනකට වත් එන්නේ නැති සජිත්.විවාද වලට් කොහොමත් එන්නේ නෑ .
කොහෙවත් නැති රනිල් ගේ ගොට්ටන්ගේ කමෙන්ට් බලපල්ලකො
හොරු ද මිනී මරුවොද රට පාලනය කරන්නේ ... මහා විවාදය... මේවට මුල් තැනදෙන ජනතාවයි ගොන්නු...රටේ ප්‍රශ්න නැතුවට...
ඔය දෙන්නම එනවද , පුලුවන් නම් අනික් සියලු පක්ෂව නායකයින් අපට ඇහුම් කන් දෙන්න. මැතිවරණයට පෙර අපිට ගොඩක් දේ තියෙනවා නිරාකරණය කර ගන්න. මොකද අපි දැන් පොතක් ලියන්නයි හදන්නේ. පොතේ නම මහජන දේපොල සොරගනිම්න් අනාගත පරපුරේ උරුමය විනාශ කළ අපේ කාලයේ දේශපාලකයෝ. අපි ගොඩක් විස්තර දන්නවා.ආර්ථික පශ්න වලට නියම විසදුම අපි කියන්නම්. පුලුවන් නම් ඔය බොරු වැඩ එපා. කවුරුත් එකට ඉදල අපෙන් අහන්න මොකද කරල තියෙන්නේ කියලා. අපේ ගමේ පන්සලේ බුදුපිළිම ගණ්ඨාර මේස ග්ලෝබ් හොරකම් කරපු එකා තමයි ගමේ මල ගෙයක් වුණහම මිනීපෙට්ටිය පවා දෙන්න. දේශපාලකයෝ කරන්නෙත් ඒකම තමයි.
සජිත්ට කිසි දැක්මක් නෑනෙ, අනික අනුර වගේ කෙනෙක් එක්ක එයාගේ දැක්ම කියන්න ගියොත් තියෙන ඡන්ද ටිකත් නැතිවෙනව කියන එක ඒ පක්ශෙ ඉන්න අයට බයයි. ඒක හින්ද කොහොමත් සජිත්ව ඕකට එන්නෙ නෑ. බලන්නකො අර වීඩියෝවලින් තියෙන සමීක්ෂණ වලදි සජිත්ට කියල කියන ගොඩක් අය නිකන් නූගත් පාට අයනෙ වැඩි හරියක් ඉන්නේ. රට තොට ගැන දන්න ගොඩක් දෙනෙක් සජිත්ව ප්‍රතික්ශේප කරනව. ඒකට හේතුව සජිත්ගෙ තියෙන්නෙ තියෙන කෙනාගෙන අරගන නැති කෙනාට දෙන්න ඕනෙ කියන දේශපාලන දැක්මක්. ඒක දැන් රටට හරියන්නෙ නෑ.
පැහැදිලිවම අනුර විවාදයට ,කතාවට දක්ශයෙක්.කතා කරද්දි ඉතා නිවැරැදි ලෙස පිළිවෙළකට කරුනු දක්වනව. සජිත් කතවට වගේම වැඩට අතිශයින්ම දක්ශයෙක්.විවේචනය අනුර වගේ කරන්නෙ නෑ.මේ රටට ඕනි කතවට දක්ශ අනුර වගේ විවේචකයෙක් නෙවෙයි වැඩට දක්ශ සජිත් වගේ වැඩකරුවෙක් ඔනි.අනුරට බෑ සජිත්ගෙ පලාතකින්වත් වැඩකරන්න.අනුර කරන්නෙ බැන බැන වටේ දුවන එක.සජිත් කරන්නෙ වැඩ කිරීමයි.අනුර ආවොත් මේ රට මාස 6ක් යද්දි කන්න නැති රටක් වෙනව සිකුරුයි.තවත් මියන්මාරයක් වීම වළක්වන්න බෑ.අද අනුර හොදයි කියන මිනිස්සුම තමයි එදා ගෝටාබය ගෙනාවෙත්.තාප්පවල චිත්‍ර ඇන්දෙත් ඒ මිනිස්සුමයි.මහින්ද ගෙන්න මුක්කුව ගැහුවෙත් ඒ පිරිසමයි.අද මේ කරන්න හදන්නෙත් ඒ දේමයි.ඊට වඩා රනිල් ඉන්න එක හොදයි
දවසේ කුලියට නෙගටිව් කොමෙන්ට්ස් දමන නපුන්සකයෙක් සිටින බව නැවතත් පෙනෙනවා.මම මිනිහාගේ IP එඩ්රස් එක හොයාගන්නයි මේ උත්සාහකරන්නේ.බලමු..
වාදයට ගොස් හෝ නොගොස් මාලිමාව සිය ආර්ථික ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කළ යුතුයි.
සජිත්ට අනුර වගේ අදහස් පිලිවෙලට ඉදිරිපත් කරමින් කතා කිරීමේ දක්ෂතාවය නැහැ. එනිසා සජිත් විවාදයට එන්නෙ නැහැ. සජබ ආර්ථික කමිටුව තරම් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව පරිණත නැහැ. ආර්ථික වැඩ පිලිවෙල අපහැදිලිය. එනිසා ආර්ථික විවාදයට ජන බලවේගය එන්නෙ නැ