(බන්දුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තුව අද(21) දිනයේ ආරම්භයේ දී රටේ පවතින වත්මන් කොවිඩ් -19 ආසාදිත තත්ත්වය එන්න එන්නම උග්‍රවන බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කළහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගී සිටිමින් කියා සිටියේ කුලියාපිටිය, පන්නල ඇතුළු ප්‍රදේශ ගණනාවක් වසා ඇති බවත් රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නැති බවත් තවම සමාජගතවී නැති බව කියමින් සිටීම බොරුවක් බවත්ය.
පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිවරිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තවමත් තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනයේ පවතින බැවින් සමාජගතවී ඇතැයි කිව නොහැකි බවයි. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කොවිඩ් 19 දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් බව එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ඒ යාල කොවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් ඔහුට දැනුම් දීමක් කිරීම හේතුවෙන් බව පවිත්‍රා වන්නි ආරච්චි ඇමැතිනිය කියා සිටියාය. ඊට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා කියා සිටියේ තමන්ට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.
විපක්ෂ නායකවරයා දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ ගැන වසංගත රෝග විද්‍යා අංශය තහවුරුකරලා විපක්ෂ නායකවරයාට මේ පිළිබඳව අපි දැනුම් දීමක් කළ බව සෞඛ්‍ය ඇමැතිවරිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විවාද කරගැනීම නිසා පාර්ලිමේන්තු සභා ගර්භය උණුසුම් තත්ත්වයකට පත්විය.

(විපක්ෂනායකවරයා යාල බුතව බංගලාව අසල - ඡායාරූපය විපක්ෂනායකවරයාගේ ටිව්ටර් ගිණුම ඇසුරෙනි)
COMMENTS
මොන මෝඩයද මේ වගේ වට්ටි අම්මා කෙනෙක් එක්ක වැඩ කරන්නේ..? දන්නේ නැද්ද ඒ ගැන?
මිස්ටර් රටපෙරට... S.S.C. වත් පාස්නැති මෝඩයා කවුද කියලා දැනගත්ත එක හොඳයි. ඔය රැළම එකම බානේ තමයි.
මොලයක් ඇත්තෙම නැහැනේ. ජනාධිපති වුනා නම් කොහොමද?
අනේ මේ පක්ෂයයි, විපක්ෂයයි සමගි කරන්න කවුරුවත් නැද්ද? ඔයගොල්ලෝ ඕක ඇතුලේ ගහගත්තා නම් රටට යන කල කුමක්ද? පොඩි ළමයි වගේ... ෂී ෂී හරි කැතයි.
අනේ සජිත් ඔයා පොසිටිව් නම් ඉතුරු 224ටත් දායාද කරන්න. තනියෙන් නොකා බෙදාහදාගැනීම උතුම් ගුණයක්නේ..
මේ වට්ටි අම්මාට තමයි තේරෙන්නේ නෑනේ කොරෝනා සමාජගත වී අවසන් බව..
මෝඩයින් දෙන්නෙක් කමෙන්ට් කරලා. පවිත්‍රා වුණාට අපවිත්‍රයි. මාර කටක් එක්ක තමයි සජිත් පැටලුණේ.
රටට බලපාන ප්‍රධාන ගැටලුවකට එකට එක්වී විසඳුම් සොයනවා වෙනුවට, ප්‍රශ්න තළුමරමින් එකිනෙකාට දෝෂාරෝපණය කර ගනිමින් සිටින ජාතියක අනාගතය කෙබඳු විය හැකිද? කිසියම් තැනක යම් අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය පිළිගෙන ඒ වරද නිවැරදි කර ගැනීම ප්‍රබුද්ධ ජාතියක ලක්ෂණය වුවත් අශිෂ්ඨ සමාජයක එසේ නොපවතින බව තමයි පෙනී යන්නේ. පුහු මාන්නය හා මමත්වය ඉස්මතු වූ ජනසමාජයක සියලුම ක්‍ෙෂේත්‍රයන් තුළ මැසිවිලි මිස, යහපත් සිතුවිලිවලට වටිනාකමක් නොමැති බව අපට නම් පසක් වී හමාරයි. බලය තුළ ඇතිකරගෙන සිටින පුහු මාන්නය හා උද්දච්ඡකම නිසාම එකිනෙකාට ගරු නොකරන නින්දිතව ක්‍රියාකරන ජනසමාජයක පැවැත්ම මතු දිනෙක ස්වභාවධර්මය විසින්ම තීරණය කරනු ඇත...
පවිත්‍රා නෝනා මොනවා කියවනවද මන්දා..? සමාජගත වෙලා නැහැයි කියන්නේ... එතකොට මේ රටේ සමාජවලින් නැතිව පිටරටවල සමාජ වලින්ද අපේ රටේ මේ රෝගය ව්‍යාප්ත වන්නේ... සමාජගත වෙලා නැති නිසාද මේ ගම්පහටත් ඇඳිරි නීතිය දැම්මේ... සජිත් මහතාත් හරියට ප්‍රතිවාදීන්ට උත්තර දෙන්න දන්නේ නැහැ. ඒක දුර්වලකමක්...
විපක්ෂ නායකතුමා කැළණිවැලි දුම්රිය මාර්ගය වසන කාලේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කවුද කියලා අසන ගමන්ම එය වැසුවේ මැණික් ගරන්න නේද කියලත් අහන්න.
කොරෝනා සමාජගත වෙලාද? නැද්ද කියන එක වැඩක් නැහැ. ඔය කොරෝනා ආව පාර්ලිමේන්තුගත කරන්න කවුරුවත්ම නැද්ද?
ෂඩ් ඩවුන් කළා නම් හරිනේ...