IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංචාරක සංවර්ධන වැඩට ආසියා සංවර්ධන බැංකුවෙන් ණය

(අංජුල මහික වීරරත්න)

තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආසියා සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිත අරමුදල් උපයෝගී කර ගනිමින් තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති නියමයන් හා කොන්දේසි යටතේ එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 70ක් සහ ආයෝජන සංරචකය සඳහා නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 30 ක් වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 100ක් ලබා ගැනීම පිණිස සාකච්ඡා සම්මුති පවත්වා ඇත. 

එම මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දී තිබේ. ඒ අනුව, තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහනේ ක්‍රියාකාරකම් මුල්‍යකරණය කිරීමට හැකි වන පරිදි එකී ණය මුදල ලබා ගැනීම පිණිස ආසියා සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම් වලට එළඹීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සංචාරක සංවර්ධන වැඩට ආසියා සංවර්ධන බැංකුවෙන් ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site