IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංඝ පිතෘවරයෙක් සමුගනිති

සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අපවත් වී වාදල අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරි බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමියන්ගේ ආදාහන පුජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (07) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල ක්‍රිඩා අමාත්‍යංශ ක්‍රිඩා භුමියේදී සිදු කෙරිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රමාත්‍ය දී.මූ.ජයරත්න ඇතුළු මැති ඇමතිවරුන්ද, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයන්ද ගිහි පැවිදි අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරිණි. කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට රන්සිවිගෙයක තැම්පත් කළ දේහය නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේ ත්‍රිවිධ හමුදාවේ ගෞරව සහිත රිය පෙරහැරකිනි.

RDS_3372 RDS_3380 RDS_3418 RDS_3532 RDS_3554 RDS_3560 RDS_3658large



අදහස් (0)

සංඝ පිතෘවරයෙක් සමුගනිති

ඉලුක්පිටිය Wednesday, 08 October 2014 05:04 AM

ඉතාම සෝචනියයි. මෙවන් නායක හිමිවරු අහිමිවීම වත්මන් ශාසනයට කෙසේවත් දරාගැනීමට පුළුවන් කමක් නැත. උන් වහන්සේ කළ සේවයේ අගය සදා අමරනියි. උන් වහන්සේ බිහිකළ සිසු පිරිසද සුවිශේසි. අපේ ගරුතර නායක හිමියන්ට නිවන් සැප ලැබේවා! (අ)

:       0       0

නලීන් Wednesday, 08 October 2014 12:09 PM

උතුම් බුදු පුතෙක්! මාහිමි, වඳිමි පාද පතා නිවන... (නි)

:       0       0

ද.ද. කරුණාදාස Thursday, 09 October 2014 02:56 PM

අපිට දුක ගම අමතක කර කොළඹට කිරි ගමට කැකිරි දීපු එකට. අපේ නැති බැරි කමට මොනවා කරන්නද. (නදී)

:       0       0

මානගේ Tuesday, 07 October 2014 06:34 PM

නිවන් සැප ලැබේවා!! (නි)

:       0       0

ද. කරුණාදාස Thursday, 09 October 2014 02:58 PM

හාමුදුරුවන් අපෙන් වෙන්කළේ කවුද? (නදී)

:       0       0

අජිත් Wednesday, 08 October 2014 12:26 AM

සිහල සකු මගධ ඉංග්‍රීසි හා හින්දී.... මැනවින් උගෙන තෙවලා දහමෙන් සුසැදී... බණදම් දෙසා අප සැනසු පෙර දිනදී... හිමියනි කිමද මේ ලෙස ඔබ වැතිර නිදී.... සරු සඟ බිමේ සුවිසල් රුක් බිම පෙරළී... යනවිට සිත සැලෙයි මහා බියකින් ඇළලී.... ඇතිවන බවක් ඒ වැනි රුක් යලි නොසැලී.... නොදකින අප සිටින්නේ කොහොමද නොසැලී.... (නි)

:       0       0

සුජීව Wednesday, 08 October 2014 01:28 AM

ඔබ වහන්සේ කළ සේවය ඉතා අනර්ඝයි (නි)

:       0       0

සුමිත් Wednesday, 08 October 2014 10:24 AM

නිවන් සැප ලැබේවා!! ශ්‍රී ලංකාවේ වැඩ විසින අනෙකුත් හිමියනට හොද ආදර්ශයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site