
(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා ඇති සීගිරිය විහාරස්ථානයේ පිහිටුවා ඇති අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලා හය නමක් අද (31) වන අලි ප්‍රහාරයකට ලක්ව කඩා දමා ඇතැයි විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද හිමියෝ පවසති.
පසුගිය දින කිහිපයේම සීගිරිය නව නගරයට වන අලින්ගෙන් මහා කරදර හිරිහැර සිදුවන බව බලධාරීන් හට දැනුවත් කළද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් අද(31) අලුයම පැමිණි වන අලි රංචුවක් විහාරස්ථානයේ ගස් කොළන් වලට අලාභ හානි සිදුකොට වීහාරස්ථානයේ අසූ මහා ශ්‍රාවකයන් පිහිටුවා ඇති පිළිම වහන්සේලාට මේ ආකාරයෙන් හානි සිදුකර තිබෙන බවද නාහිමියෝ පෙන්වා දෙති
සිගිරි නගරයේ පවතින මෙම වන අලි උවදුර පිළිබඳව තවදුරටත් තමන් නිහඬව බලා නොසිටින බවද ජනතාවට වැඳ පුදා ගැනීමට පිහිටුවා ඇති වීශාල බුද්ධප්‍රතිමාවටද මෙම වන අලි තර්ජනය එල්ල වී තිබෙන බවත් පෙන්වා දෙන උන්වහන්සේ කඩිනමින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොකළහොත් සීගිරියේ ජනතාව සමඟ එක්වෙන්නේ අරගලයකට සූදානම් වන බවද උන්වහන්සේ පෙන්වා දෙති.
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන ජනතාව ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් වසර ගණනාවක් තිස්සේ තමන් වහන්සේ විශාල කැප කිරීමක් කරමින්
බුධද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන ආකාරයට ඉතා අලංකාරව සීගිරියේ පන්සලේ මේ ආකාරයෙන් විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අසූ මහා ශ්‍රාවක වහන්සේලා ඉදිකළ බව පවසති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සීගිරි පව්වේ අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලාට වන අලින්ගෙන් හානි
අලියා Tuesday, 31 December 2024 03:23 PM
කොන්ක්‍රීට් වනාන්තර හදා ස්වභාවික වනාන්තර වනසන සමහරක් හාමුදුරුවන්ගේ පිස්සුවට අලි උත්තරයක්....