IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ සිටියදී ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු 100 කඩයිමෙන් පහළට වැටෙයි

ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අග‍්‍රස්ථානය කුමාර් සංගක්කාර විසින් තවමත් හිමිකරගෙන සිටිනු ලැබුවද, වසර පහකට පසුව අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේ ප‍්‍රසාද ලකුණු 100 කඩයිමෙන් පහළට ශී‍්‍ර ලංකා පිල ඇද වැටී තිබේ. පසුගියදා පාකිස්තානු පිල හමුවේ ලද තරගාවලි පරාජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් කි‍්‍රකට් ගේ‍්‍රණිගත ලයිස්තුවේ පස්වැනි තැනට ඇද වැටී ඇත්තේ ප‍්‍රසාද ලකුණු 99 ක් පමණක් හිමිකර ගනිමිනි. ශී‍්‍ර ලංකාව අවසන් වරට ප‍්‍රසාද ලකුණු 100 කඩයිමට පහළින් සිටියේ 2006 ජූනි මාසයේදීය. එවකට මාවන් අතපත්තු තුවාල ලබා සිටි හෙයින් තරුණ කී‍්‍රඩකයන් පිරිසක් සමග ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය බාරගත් මහේල ජයවර්ධන එයින් දෙමසකට පසුව, එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 1x1 ක් ලෙස සම කරමින් නැවතත් ප‍්‍රසාද ලකුණු 100 කඩයිම පසුකර ගියේය. පසුව, වරින් වර ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ පහළ ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර 2009 දී ප‍්‍රසාද ලකුණු 120 ක් ලබාගනිමින් ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව දෙවැනි ස්ථානය අත්කරගත්තේය. දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව අද (15 වැනිදා) සෙන්චූරියන්හිදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා පිල පිවිසෙන්නේ දෙපිලම ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළ යාමට බලාපොරොත්තුව සිටින මොහොතකය. ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන සිටියදී දක-ුණු අපි‍්‍රකාව ප‍්‍රසාද ලකුණු 116 ක් හිමිකර ගනිමින් සටහනේ තුන්වැනි තැන ගෙන සිටී. මෙම තරගාවලියේදී අඩුතරමේ 1-0 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වුවහොත්  ඕස්ටේ‍්‍රලියාව පහතට ඇද දමා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ සිවුවැනි ස්ථානය ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකියාව ඇත. එහෙත් දකුණු අපි‍්‍රකානුවන්ගේ බලාපොරොත්තුව ටෙස්ට් තරගාවලිය 2x0 කින් ජයගෙන ටෙස්ට් ශ්‍රේණිගත සටහනේ දෙවැනි ස්ථානය ලබාගැනීමයි. කෙසේ වෙතත් ඉදිරි මාස දෙක ඇතුළත ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුව රඳා පවතින්නේ  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලියේ ප‍්‍රතිඵලය මතය. ප‍්‍රසාද ලකුණු 880 ක් ලබාගනිමින් කුමාර් සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැන ගෙන සිටියදී අන්තර්ජාතික ශේ්‍්‍රණිගත කිරීම් අනුව ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 20 දෙනා අතර ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව සිටින එකම ශී‍්‍ර ලාංකිකයා වන්නේ තිලාන් සමරවීර (17) පමණි. ප‍්‍රසාද ලකුණු 859 ක් ලබා සිටින ජැක් කලිස් ප‍්‍රසාද ලකුණු 859 ක් ලබා පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ සිටී. ටෙස්ට් පන්දු යවන්නන් අතරේ පෙරමුණ ගෙන සිටින්නේ ප‍්‍රසාද ලකුණු 898 ක් හිමි දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටෙයින්ය. දකුණු අපි‍්‍රකාවේම මෝන් මෝකල් ප‍්‍රසාද ලකුණු 760 ක් ලබා තුන්වැනි ස්ථානයේ සිටින අතර ශී‍්‍ර ලංකාවේ රංගන හේරත් ප‍්‍රසාද ලකුණු 626 ක් ලබාගනිමින් 10 වැනි ස්ථානයේ සිටී.



අදහස් (0)

සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ සිටියදී ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු 100 කඩයිමෙන් පහළට වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site