
(රංජන් කස්තුරි)
රටේ ජනතාවගේ දැනුම ආකල්ප ප්‍රවර්ධනය කිරීම උදෙසා විශාල සමාජ මෙහෙවරක යෙදෙන ජනමාධ්‍යවේදීන්ට කරන ගරු කිරීමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තෙවන ඇසට සුවය සදමු සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කළ බව සෞඛ්‍යමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
මාධ්‍යවේදීන් හැම විටම නිරෝගීමත් හා හොද මානසිකත්වයකින් පසුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාස කරන හෙයින් මාධ්‍යවේදීන් සදහා මෙම සෞඛ්‍ය සායන මාලාව ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය මහීපාල මහතා කීවේය.
කොළඹ විජය පුවත්පත් සමාගමේ ජනමාධ්‍යවේදීන් සහ සේවක මණ්ඩලය වෙනුවෙන් අද පැවති සෞඛ්‍ය සායන වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් වෛද්‍ය පාලිත මහිපාල මහතා එසේ සඳහන් කළේය.
රටේ පොදු මහජනතාවට නිවැරදි හා යහපත් සෞඛ්‍ය තොරතුරු ලබාදීම සඳහා මාධ්‍යවේදීන් විශාල කාර්ය භාරයක් ඉටු කරන බවද එහිදී සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විජය පුවත්පත් සමාගමේ සුභ සාධක සංගමය සමඟ එක්ව එම සෞඛ්‍ය සහායන වැඩසටහන පැවැත්වූ අතර එහිදී බොහෝ පිරිසක් ප්‍රතිකාර හා සෞඛ්‍ය උපදෙස් ලබා ගත්හ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂිත අංශ ශ්‍රී ලංකා ජාතික රෝහල ජාතික දන්ත ආයතනය ජංගම රසායනාගාර ඇතුළු සේවාවන් රැසක වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය හා සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යා ශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ එම කාර්යාංශයේ වෛද්‍ය සමිත ප්‍රසන්න සහ විජය පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන විජය පුවත්පත් ආයතනයේ සුභ සාධක සංගමයේ සභාපති අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය යන මහත්ම මහත්මිහුද එහිදී අදහස් දැක්වූහ.
දන්ත වකුගඩු අක්ෂි ඇතුළු සායන රැසක් එහිදී පැවැති අතර රෝගීන්ට එහිදී නොමිලේ ඖෂධ නිකුත් කිරීමද සිදුකෙරිණ.









2025 දෙසැම්බර් මස 18
470
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍යයෙන් තෙවන ඇසට සායනයක්