ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථානය අතර නවදිල්ලි නුවරදී පෙරේදා (11) පැවැති සාක් පාපන්දු කුසලාන අවසන් මහා තරගයේදී විනය විරෝධීව හැසීරීම හේතුවෙන් ඇෆ්ගනිස්ථානු කණඩායම් නායකයා පිටියෙන් පිටමං කිරීම ගැන එහි ක‍්‍රීඩයන්ගේ මෙන්ම පුහුණුකරු මොහොමඞ් සුසුජ කාර්ගර්ගේ දැඩි කෝපය පළවූ අතර ඔවුන් තරගය කි‍්‍රඩාකිරීමෙන් පසු පිටියෙන් ඉවත් වෙමින් සිටි ඔහුට බැණ වදිමින් හැසිරුණු දක්නට ලැබුණි. මෙම තරගයෙන් ගෝල 4-0ක් ලෙස ජය ලැබූ ඉන්දියාව ශූරතාව දිනාගත්තේය. මේ තත්ත්වය හමුවේ විනිසුරුවන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ පිටියෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. කෙසේ වුවත් තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්වූ ඇෆ්ගනිස්ථානය පළමුවතාවට සාක් පාපන්දු අනුශූරතාවය හිමිකරගැනීම කැපී පෙනේ. ඔවුන් මෙවර තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව (3-1) හා භූතානය (8-1) කින් පරාජය කිරීමට සමත් වූ අතර ඊයේ අවසන් මහා තරගයේදී ඔවුහු මුණ ගැසුණු ඉන්දියාවට එරෙහි තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කළහ. අවසන් පුර්ව තරගයෙන් නේපාලය පරාජය කළේය. ඉන්දියාව මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන අතර ඔවුන් ශ්‍රී ලංකාව හා භූතානය, මාලදිවයින පරාජයට පත් කළේය. ගියවර ඩකා නුවර පැවැති තරගාවලිය ජය ගත්තේද ඉන්දියාව විසිනි. කෙසේවුවත් ඉන්දීය සම්භවයකින් යුතු විනිසුරු වරයාගේ අපක්ෂපාතීත්වය පිළිබඳව තරගය නිමවීමෙන් පසු ඇෆ්ගනිස්ථානු පාපන්දු කණ්ඩායම සැක මතුකර සිටි බවද වාර්තාවේ.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාක් පාපන්දු අවසන් මහා තරගය අවසානයේ විනිසුරුට දැඩි ආරක්ෂාව