(කේ. බුද්ධික කුමාරසිරි)
විදෙස් ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "හෝමගම ගගන" නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල බවට සැක කරන අයෙකු ඔස්ට්‍රියාවේ නිශ්පාදිත ගිනි අවියක් මැගසිනයක් සහ උණ්ඩ පහක් සමගින් හෝමාගම පිටිපන දී ඊයේ (28) දින අත් අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හෝමගම පිටිපන ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 41 හැවිරිදි කොඩිතුවක්කු කම්කානම්ගෙ ලසන්ත නොහොත් අංජු නැමැත්තෙකි.
අදාල සැකකරු පසුගිය කාලයේ හෝමාගම, පාදුක්ක, හංවැල්ල , මීගොඩ කොස්ගම , නවගමුව ආදී ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් වලට සම්බන්ධ අයෙකු බවට සැකකරන බැවින් ඒ පිලිබදව වැඩි දුරටත් විමර්ශණ සිදු කෙරෙන බවද එම කොට්ඨාශය පවසයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd