
(රංජන් කස්තුරි)
මැතිවරණ කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවා තිබේ.
එම පක්ෂයේ නිමල් සිරිපා ද සිල්වා පාර්ශ්වය සහ දයාසිරි ජයසේකර පාර්ශවය අතර පවතින අර්බුදය සමනය වන තෙක් හෝ අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් එම පක්ෂයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය පුරප්පාඩුව පවතින බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන අතර එම පක්ෂයේ ක්‍රියාකාරිත්වය පිළි නොගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපාර්ශවය අතර අර්බුදය වසර දෙකක පමණ කාලයක සිට පවතින්නක් බවද රත්නායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය අත්හිටවූදා පටන්, බණ්ඩාරනායක ශ්රීමතාණන්ගෙ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මිහිදන් කටයුතු සිදුකල, අත්තනගල්ලේ බණ්ඩාරනායක සමාධියෙන් විවිධාකාර අද්භූත සිදුවීම් පැණ නගින බව අවට ගම්වාසීන් භීතියෙන් යුතුව පවසනවා. මුල් දිනවල සමාධි ස්ථම්භ වලින් අහස දෙසට නිල් පැහැති ආලෝක කිරණ විහිදීමට පටන් ගත්තා. ඉන්පසුව ඒවා හස්තයක ආකාරයට එකතුවී සෙමින් සෙමින් භ්රමනය වීම ඇරඹී, හිරු බැස යෑමෙන් පසුව, මහ හඩ නගමින් "අතක" හැඩය ගෙන සමාධියෙ බිම අතුරා ඇති ටයිල් වලට තඩිබාන්න පටන් ගෙන ඇත. හරියටම මධ්‍යම රාත්‍රී දොළහට පිරිමි සහ කාන්තා විලාපයකින්, පලාතෙ නිහඬතාවය මැකී ගියා. "අපේම උන් අපිට අනිනවා. උන් නිසා, අපි දුක් වේදනා විඳිමින් හදාගත් අපෙ පක්ෂය අත්හිටවලා. අපට මෙතැන සමාදානයේ සැතපෙන්නවත් මෙ කාලකන්නි රැළ ඉඩ නොදෙන්නේ ඇයි ?" යන දුක්බර හඩින් පළමු රැය ගෙවී ගියා ...
උබලගෙ ප්ර්ශ්න විසදගෙන හිටපල්ල..රටේ ප්ර්ශ්න විසදන්න එන්න කලින්
සුන්දර ලංකාව විනාශ කිරීමට මුල් පිරූ පක්ෂය. ජනසතුකරණය පෞද්ගලික ව්‍යාපාර විනාශය සහ හිතවතුන්ට ජනසතු ආයතන කොල්ලකෑමට ඉඩදීම, සිංහල පමණයි කියා ජාතිවාදය ඇතිකිරීම පටන්ගත්තේ බණ්ඩාරනායක අගමැතිගේ අවස්ථාවාදී තිරශ්චීන දේශපාලනය නිසා...