
(ගයාන් සූරියආරච්චි)
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ මහතා ගේ ආරාධනාවක් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඉකුත් (3) ද ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
මෙහිදී ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු පාඨමාලා වැඩිදියුණු කිරීම, දෙරටේ ත්‍රිවිධ හමුදා අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය තවදුරටත් වැඩි කිරීම සදහා සාකච්ඡා පැවැත්විණි.
මෙම නිල සංචාරයට යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
COMMENTS
හොර කල්ලියක් විසින් අත්පත් කරගෙන ඇති මේ ලංකාව ගලවා ගන්න උදව් කරන්න ඉන්දීය හමුදාපති තුමෙනී... මේ රටේ ජනතාව ආරක්ෂා කර ගත යුත්තේ මේ රටේම හොර තක්කඩි අමන පාලකයෙන් විනා අසල් වැසි රටවලින් නොවේ...ඉන්දියාව එදා කලාමෙන් අදත් ගුවනින් ආහාර දමනවා නම් එය මේ රටේ අසරණ හිඟන ජනතාවට ඉමහත් පිටුවහලක්...
අතිගරුතුමනි, ඔබ ඉතා තියුණු, සැබවින්ම බුද්ධිමත් පෙනුමක් ඇති අතර ඔබ සැමට යහපත හැර අන් කිසිවක් ප්‍රාර්ථනා නොකරන්න!