
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොන්ග් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද(11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.
මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිලිබදව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම මෙම ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන ලෙස විපක්ෂ නායකවරයා චීන තානාපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
විනිවිද පෙනෙන ලෙස රට පාලනය කිරීමත්, අල්ලස, දූෂණය, මර්ධනය මුලිනුපුටා දැමීම සිය පාලනයේ ප්‍රමුඛස්ථානය හිමිවනබව විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින තත්ත්වයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් චීනයේ නොමසුරු සහයෝගය අත්‍යාවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙසද තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද එක්ව සිටියහ.
COMMENTS
වැල යන පැත්තට මැස්ස ගහගන්නද හදන්නේ...? අපි දන්නේ නැති දෙයක් එතුමා දන්නවා වත්ද මන්දා...?
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කිරීමත් නවතා තිබෙනවා. නමුත් ඔවුන්ගේ වෙබ් සයිට් එකේ නිවේදනයක් නෑ. දැන් චීනයෙන් ලාංකිකයන්ට කුඩම්මාගේ සැළකිලි...
චීනත් එක්ක එකතු වෙලා නවත්තපු තැනින් පටන් ගන්න වගේ මේ ගොල්ලන්ගේ සැලසුම.. තරුණ කොටස්වලත්, බහුතර මහජනතාවගේත් අවසන් තීරණය මේ කිසිවෙක් නොවේ.