(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)
ආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පවතින නඩුව වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
පෙත්සම්කාර ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් ඇයට සාධාරණයක් නොලැබෙන බවට ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අදාළ නියෝගය නිකුත් කළේය.
ශෂී වීරවංශ මහත්මිය ගොනු කළ මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ආගමන හා විගමන පනත උල්ලංඝනය කරන ලදැයි තම සේවාදායකයිකාවට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුවක් විභාග කරන බවත් එම නඩුවෙන් ඇයට සාධාරණයක් නොලැබෙන බවට කරුණු ඇති බවත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ශෂි වීරවශගේ නඩුව වෙනත් මහෙස්ත්‍රාත්වරයෙක්ට
ravin Monday, 11 September 2023 05:40 PM
නිදොස් නිදහස් පෙරනිමිත්තක්ද?
අරවින්ද මොනරවිල Monday, 11 September 2023 08:24 PM
මිනිහා රනිල්ගේ ගුණ වයමින් නාඩගම් නටන විට තේරුණා අඩව්වක් අල්ලන්න යන්නේ කියලා...!
Piyasiri Tuesday, 12 September 2023 04:28 AM
ලෝකයේ හොඳම නීති පද්ධතිය!!! ලැජ්ජයි!!!!
Perakum Tuesday, 12 September 2023 05:22 AM
ඉතා සරල චෝදනාවකට ඇයි මේ කල්මරන්නෙ ? නිදොස්කොට නිදහස් කිරීමට නේද ?
jaye Tuesday, 12 September 2023 09:29 AM
සාධාරණයක් නොලැබෙන බවට .......??? අධිකරණයේ තීන්දු ගැන එහෙම පූර්ව නිගමනවලට එන්නේ කොහොමද ?