(යොහාන් භාසුර)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ (2023) ලකුණු මත දරුවන්ට රජයේ පාසල්වල 6 ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා අභියාචනා මේ මස 13 වැනිදා සිට 29 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස හෝ http://g6appilication.moe.gov.lk/#/ යන දිගුව ඔස්සේ හෝ අභියාචනා යොමු කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.
එහිදී එක් දරුවෙක්ට පාසල් තුනක් පමණක් අයදුම් කළහැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.