(රෝෂන් තුෂාර)
අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කළේ යැයි කියන හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අද අත්අඩංගුවට ගැනිණි.
කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපල ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ විමර්ශනයේ දෙවන සැකකාරිය වන අතිරේක ලේකම්වරිය රාජපක්ෂ මහතාට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශෂීන්ද්‍රට උදවු කළ හානිපූර්ණ කාර්යාලයේ හිටපු ලොක්කියක් අත්අඩංගුවට
අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 11:30 AM
රාජපක්ෂලා සමග ඩීල් දැමු හා ගේම් ගැහුව රාජ්‍ය සේවයේ සියල්ලෝම දැන් ලැහැස්ති වෙයල්ලා වැලිකඩ යන්න. දැන් සජබ හොරු වැලපෙයි රාජ්‍ය සේවකයින් මර්ධනය කරනවා කියලා... ඒවා නම් රටට අදාලම නැහැ.
samThursday, 09 October 2025 03:34 PM
බොහෝ විට පත්වීම හෝ උසස්වීම දීලා ඇත්තේ රාජපක්ෂ කෙනෙක් වෙන්න ඇති.
මාලිමා පෙන්දා Wednesday, 08 October 2025 12:27 PM
ඒක ගිනිබත් කරපු අරගල කරුවන් දැන් පාර්ලිමේන්තුවේ නේද? දන්නෙ නැති නිසා ඇහුවේ...
පුරවැසියා Thursday, 09 October 2025 04:58 AM
සහතිකම ඇත්ත රටේ සංවර්ධනය අඩාල කිරීමට හා රටේ ජනතාවගේ පුද්ගලක හෝ රජයේ දේපල විනාශකිරීම් සදහා වන්දි අනුමත කල ලේකම්වරිය අත් අඩංගුවට ගත්තෙ
janahithaThursday, 09 October 2025 09:40 AM
ලොකු වැරදීමක්. සමහර අය ඕවා ගිනි තබා ගත්තා ඔවුන් විසින්ම වන්දි ලබා ගන්න . ජ.වි.පෙ. සජබ සිලින්ඩර් පාක්ෂිකයෝ අරගලයට කිසිම ලෙසකින් සම්බන්ධ වූයේ නෑ. එදිනෙදා කන්න බොන්න, ඖෂධ, ඉන්ධන නැතිව පළමුව පොහොට්ටුවේ පාක්ෂිකයන් කුපිත වී ඔවුන්ට එරෙහිව නැගී සිටීමක් තිබුණේ ජ.වි.පෙ. නිහඬ වූයේ ඔවුන් සමූලඝාතනයට නැවත ලක්වෙන්න තිබුණු නිසා
සෑම් Wednesday, 08 October 2025 12:42 PM
අනේ අම්මපා රජාපක්ෂලගේ තරම රජයේ දේපලවලටත් වන්දි අරගෙන, මුන් 2006 ඉඳන් තව කොච්චර මහජන මුදල් දේපල කොල්ල කාලා ඇද්ද ? වහාම මුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.
සුමිත් Wednesday, 08 October 2025 01:20 PM
අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔන්න ඔය හොරු හිරේ දාන්න මිසක හාල් පොල් ලාබෙට කන්න බලන් නොවේ
පුරවැසියා Wednesday, 08 October 2025 02:05 PM
මාලිමා පෙන්දා යන නම අශූචි ශෝධකයා ලෙස සංශෝධනය විය යුතුයි.
සාමාන්‍ය ජනතාවThursday, 09 October 2025 06:11 AM
අපිත් බලාගෙන නේ ඉන්නේ. අරවින්ද මොනරවිල, පිටිගල මිලානෝ, බද්‍රාණි, සෑම් වගේ නම් වලින් එන සෙට් එක කියන දේවල්. අශූචි ශෝධනය කරන්නේ මාලිමා පෙන්දාද නැත්තන් අනිත් අයද කියලා අපි දන්නවනෙ.
janahithaThursday, 09 October 2025 09:41 AM
හොරු නැතිව කුරෝලු උන අය 80 හොරුන්ට එරෙහිව 35 — ඔන්න ඕකයි තත්ත්වේ.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 08 October 2025 02:51 PM
ඉතිං බං පෙන්දෝ, ඒවා ගිනි තියපු එවුනුත්, ඉන්න තැනුයි දන්නවානං, පසුගිය කාලේ බලයේ හිටපු පළපුරුදු කට්ටියට තිබුණානේ ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් කරලා, ඒවාට වන්දි අයකර ගන්න. බලයේ හිටපු පළපුරුදු එවුන්ට එහෙම කරන්න ඇබිත්තක්වත් මොළය නොතිබුණාට, රජයේ දේපළවලට වෙච්චි හානිවලට අයිති වන්දි තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුමට දාගන්න නියමලේ ඉඳන්ම මොළය තියෙනවා...
RathneThursday, 09 October 2025 06:15 AM
ඩෝබි සමාගමේ අධ්‍යක්ශක තුමා, ගිනි තියපු අයව අල්ල අල්ල හිටියා නම් තාමත් 1989 තත්ත්වෙන් තමයි රට තියෙන්නෙ. වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. පේනවනේ මාලිමාව අවුරුද්දක් ගිහින් රට වෙනුවෙන් කරේ ඉන්දියාවත් එක්ක හොර ගිවිසුම් ගහපු එකයි, සමලිංගික පනත ගෙනාපු එකයි විතරයි. උන් ත්‍රස්ථවාදීන් විදියට ඉඳලා අවි බිම තියලා යටත් වුනාම ආපහු ත්‍රස්ථවාදී කාලේ කරපුවා අවුස්සලා දඬුවම් දෙන සිරිතක් නෑ. නැත්තන් බස් 500ක් ගිනි තිබ්බා කියන්නේ එල්ලන්න ඕන තුච්ඡ වැඩක්නේ. මිනිස්සු 60,000ක් මැරුවා කියන්නේ මොන තරම් අපරාධයක්ද.
දිනේෂ් Thursday, 09 October 2025 04:04 PM
රත්නේගේ කමෙන්ට් එකෙන් පේනව බයියන්ගෙ මොලේ තරම. 1 හැබැයි බංකලොත් කරපු නිසා රට 89 තිබුණටත් වඩා පහතට වැටුනා. 2. අපරාධවලට දඩුවම් කරන්න ගියොත් රට දියුණු කරන්න බෑ. ඒ නිසා හොරුන් අල්ලන්න එපා. 3. ආයුධ බිම තියල යටත් උනාම පුනරුත්ථාපනය කරන්න ඕනේ.
janahithaThursday, 09 October 2025 09:44 AM
පහර දුන්නෙ ඔවුන්ගෙම පාක්ෂිකයන්. ඉතින් වැඩි තැබුවෙ නැහැ. සෂේන්ද්‍ර මහත්මයා රට ලේ විලක් කරන්න අකැමති උනා. ඔහු සාධාරණ චින්තනයක් ඇති අයෙක්.
Neel Wednesday, 08 October 2025 02:57 PM
තව නොදන්න දේවල් ගොඩක් තියෙනවා පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ...
පිටිගල මිලානෝ Wednesday, 08 October 2025 04:10 PM
රාජපක්ෂලාට අහුවුන එකෙක් වත් යහතින් ගියේ නෑ…
Mr රිටිගල ඡයසේන Wednesday, 08 October 2025 06:31 PM
රාඡපක්ශ නම ගෑවුන සෑම කෙනෙක්ම සුපිරි ගේම් කාරයින් ඒ වාගේම ආර්ථික ඝාථකයින්.
beau Wednesday, 08 October 2025 10:00 PM
බොහොම හොදයි. හොරුන්ගේ සහ හෙරයන්ගේ රෙදි ගැලවීගෙන යනවිට මොවුන් කෙදිරිගානවා. AKD කිව්වනේ. හොරු අල්ලනකොට කෙදිරි ගාන්න එපා කියලා. මහ හොරාට පන්දම් ඇල්ලුවා නම් දැන් ඉතින්, මහ හොරා ළගට ගිහින් කෙදිරි ගාන්න.
Tiran Thursday, 09 October 2025 06:17 AM
අල්ලස් කොමිසමෙන් නම් ඉතින් ආයෙ ඇප හම්බෙන්නෙ නෑ. මොකද කොමිසමේ ලොක්කා මාලිමාවෙ හිටපු නීති උපදේශකයෙක්නේ. ඒ කියන්නේ මාලිමා ගොට්ටෙක් තමයි අල්ලස් කොමිසමේ ලොක්ක කරල තියෙන්නෙ. අපි නෙමෙයි කියන්නේ ජවිපෙ හිටපු අය. ඒක ඇත්තනේ. ලොක්කා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒක පිලිගත්තනේ.
MindZap Thursday, 09 October 2025 12:00 PM
නූගත් ගම් බයියෝ නම් උන්ගේ නූගත් කම සහ උපන් ගෙයි මෝඩ කමට නෝන්ජල් කමට රාජපක්ෂලා පස්සේ යනවා කියල කිව්වැකි. ඔය බස් වල නැගගෙන ගිහින් වලව් අගුවල රැස් වෙලා පස්සේ එක එකා ඇතුලට ගිහින් වැඳ පුදාගෙන නමස්කාර කරගෙන දෙන මොන මොනවා හරි ටිකක් කාගෙන බීගෙන පස්ස දොරෙන් එලියට යනවා පහුගිය කාලේ නිවුස් වලට පෙන්නුවේ එහෙමත්. වැඩේ තියෙන්නේ මේ යමක් කමක් තේරෙන උන් ටිකකුත් ඉන්නවනේ රාජපක්සල පස්සේ යන. පේනවනේ මේ සමහර කමෙන්ට්ස් දිහා බැලුවහම. රාජපක්සල හොරු කියාලා සහ සුද්දෙන් ඇස් පනාපිට ඔප්පුවෙලා තිබ්බත් උන්ට නිකම් මොකද්ද වගේ ඇත්ත පිළිගන්න.
කපුරුහාමි Thursday, 09 October 2025 12:16 PM
පව්ල් පාලන ආණ්ඩුව කාලේ රාජපක්ෂලා එකාට එකා හොරකම්, වන්චා, දූෂණ කරපු හැටි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිරේ වැටුණාට පස්සේ ඒ කවුරුවත් බලන්ඩවත් ආවේ නැහැනේ....