IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ ශූරයාට මෝටර් රථයක් තෑගි

දෙසැම්බර් 8 වැනිදා මඩකළපුව නගරයෙන් ආරම්භ වන ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ ශූරයාට මෝටර් රථයක් තෑගි කිරීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත. මෙම පාපැදි සවාරියට සහභාගි වන සියලූ කී‍්‍රඩකයන් හා නිලධාරීන් රුපියල් මිලියන 500 කට රක්ෂණය කිරීමටද පියවර ගෙන තිබේ. ඒ කී‍්‍රඩකයකු හෝ නිලධාරියකු රුපියල් මිලියනයක් බැගින් වන පරිදිය. කිලෝ මීටර 363ක දුරකින් සමන්විත යොවුන් පාපැදි සවාරිය දෙසැම්බර් 9, 10 දෙදිනදීත් පැවැත්වේ. මඩකළපුවෙන් ආරම්භ වන පාපැදි සවාරිය දෙසැම්බර් 10 වැනිදා මාතර නගරයෙන් නිමා කෙරේ. මෙම පාපැදි සවාරියේ විශේෂත්වයක් වන්නේ පළමු වතාවට මෙරට පාපැදි සවාරියක ජයග‍්‍රාහකයකුට මෝටර් රථයක් තෑගි කිරීමය. තරග සංවිධායකයන් මුලින් තීරණය කර තිබුණේ ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ප‍්‍රදානය කිරීමටය. මෑත කාලයේ පාපැදි තරගයකදී මෙතරම් විශාල තෑගි පිරිනමන පළමු අවස්ථාවද මෙයවේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය කි‍්‍රයාත්මක නොවුවත් කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් පළපුරුදු විනිසුරුවන් හා තීරකවරුන් තරගය විනිශ්චය සඳහා තෝරා ගන්නා බව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජිනි ජයකොඩි මහත්මිය පැවැසුවාය. තරගයේ දෙවැනි ස්ථානයේ සිට රුපියල් 3,00,000, 2,00,000, 1,00,000, 75,000ක් බැගින් පස්වැනි ස්ථානය දක්වාද 10 වැනි ස්ථානය තෙක් රුපියල් 50,000ක් බැගින්ද ප‍්‍රදානය කෙරේ. 25 වැනි ස්ථානය දක්වා මුදල් තෑගි පිරිනැමෙන අතර ඒ 11 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රුපියල් 40,000 ක් බැගිනි. 16 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය තෙක් රුපියල් 25,000ක් බැගින් ප‍්‍රදානය කෙරේ. තරගයේ තෑගි ප‍්‍රදානය එතැනින් අවසන් නොවන අතර අදියර දෙකම නිමා කරන සියලූම කී‍්‍රඩකයන්ට රුපියල් 5,000ක් බැගින් තිළිණ කෙරේ. මෙම ත්‍යාග හිමිවන්නේ ජයග‍්‍රාහකයා තරගය අවසන් කිරීමෙන් විනාඩි 45ක් ඇතුළත තරගය නිමා කරන්නන් සඳහාය. අදියර තරග ජයග‍්‍රාහකයන්ටද රුපියල් 10,000, 7500 හා 5,000 බැගින් තවත් විශේෂ ත්‍යාග රැසකි. තරගයේ කණ්ඩායම් ශූරතාව සඳහාද තවත් විශේෂ මුදල් ත්‍යාගයක් එක්කර තිබේ. එය ගණනින් රුපියල් 50,000කි. පාපැදි සවාරිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ වැඩිම පාපැදි භාවිතයක් වන්නේ උතුරු-නැගෙනහිර පළාත් දෙකින් වුවත් මෙරට පාපැදි තරග සඳහා අවම සහභාගිත්වයක් ඇත්තේ එම පළාත්වල කී‍්‍රඩකයන්ගෙන් වීම කනගාටුවට කරුණක් බවත්ය. නැගෙනහිර පළාතේ මඩකළපුව නගරය යොවුන් පාපැදි තරගය ආරම්භ කිරීමේ ස්ථානය ලෙස තෝරා ගත්තේද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බවත් ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය. එම අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාව මෙතැන් සිට මෙම පාපැදි සවාරිය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා පැවැසීය. තරගයේ රක්ෂණ ආවරණය සඳහා රක්ෂණ භාරකාර අරමුදල අනුග‍්‍රහය දක්වයි. පාපැදි සම්මේලනයේ තරග බලපත‍්‍රලාභී කී‍්‍රඩකයන්ට මෙම තරගයට සහභාගිවිය හැකිය. එහෙත් මේ වසරට 2011 බලපත‍්‍ර අලූත්කර ගැනීමට නොහැකිවූ තරගකරුවන් කී‍්‍රඩා අමාත්‍යංශයේ පාපැදි කී‍්‍රඩා පරිපාලන කමිටුවේ නිර්දේශය ලබාගනිමින් ඊට සහභාගිවිය හැකිය. තරග සඳහා අයැදුම්පත් දෙසැම්බර් 01 වැනිදාට පෙර සහකාර අධ්‍යක්ෂ (කී‍්‍රඩා සංවර්ධන), ජාතික තරුණ සේවා සභාව, අංක 65, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයට යොමු කළ යුතුය. තරගයේ ජයසංකේත ප‍්‍රදානය දෙසැම්බර් 10 වැනිදා පස්වරු 5ට මාතර තරග සමාප්ත උත්සවයේදී සිදු කෙරේ.

ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරිය පැවැත්වෙන ආකාරය.

පළමු අදියර (මඩකළපුවේ සිට සියඹලාණ්ඩුව දක්වා) ගමන් මග: මඩකළපුව, කාත්තන්කුඩි, පට්ටරිප්පු, කල්මුණේ, සමන්තුරේ, අම්පාර, දමන, පල්ලෙවෙල හරහා සියඹලාණ්ඩුව නගරය දක්වා. දෙවැනි අදියර (සියඹලාණ්ඩුවේ සිට හම්බන්තොට දක්වා) ගමන් මග: සියඹලාණ්ඩුව, කොටයාන, මොනරාගල, බුත්තල, වැල්ලවාය, තණමල්විල, ලූණුගම්වෙහෙර, තිස්සමහාරාමය හරහා හම්බන්තොට නගරය දක්වා තෙවැනි අදියර (හම්බන්තොට සිට මාතර දක්වා) ගමන් මග: හම්බන්තොට නරගය, මිරිජ්ජවිල, අම්බලන්තොට, නෝනාගම, රන්න, තංගල්ල, දික්වැල්ල හරහා මාතර නගරය දක්වා සෑම අදියරක්ම තරග එම දිනවලදී පෙරවරු 8.30ට ආරම්භ කෙරේ.



අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ ශූරයාට මෝටර් රථයක් තෑගි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site