IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පසු බසිති

තායිලන්තයේ බැංකොක් නගරයේදී ඊයේ (8) පැවැති ආසියානු ගෝන්-ෆී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලාවේ පළමු අදියරේදී ශ්‍රී ලංකාව අපේක්‍ෂිත දස්කම් පළ කිරීමට අපොහොසත් විය. කෙසේ වුවත් එම තරගමාලාවේ අදියර - 2 හා අදියර - 3 තරගාවලි දෙකක් පැවැත්වීමට ඉතිරිව තිබෙන බැවින් දැන්ම බාලාපොරොත්තු අත්හැර නොගත යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා ”ලංකාදීප”යට පැවසීය. ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ඊයේ තරගාවලියේදී තෙවැනි ස්ථාන හතරක් හිමිකර ගත්හ. තෙවැනි ස්ථාන ලබන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඇමරිකානු ඩොලර් 500 ක් බැගින් හිමිවේ. ගෝන්ෆ‍්‍රී තරග මාලාවේ අදියර ජයග‍්‍රාහකයකු සඳහා ඇමරිකානු ඩොලර් 1000 බැගින් හිමිවේ. කි‍්‍රෂ්ටිනා මෙරිල් සොනාලි මීටර් 400 - කඩුලූ කාන්තා තත්පර 58.20, ප‍්‍රසන්න අමරසේකර මීටර 400-පිරිමි ( තත්ත්පර 47.52), චන්ද්‍රිකා සුභාෂිනි රස්නායක මීටර් 400 කාන්තා ( තත් 53.57) හා ෂෙහාන් අඹේපිටිය මීටර 100 පිරිමි තත්පර 10.52 ඊයේ අදියරේදී තෙවැනි ස්ථානය ලද ශ්‍රී ලංකා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ වෙති. ෂෙහාන් මේ වනවිට ජැමෙයිකාවේ පුහුණුවීම් හදාරමින් මෙම තරගාවලියට සහභාගි වී සිටියි. අඹේපිටිය තෙවැනි ස්ථානය ලද මීටර් 100 ඉසව්වේ ජයග‍්‍රහණය හිමි වූයේ චීන ජාතික කී‍්‍රඩක සියැන්ග් පෙයිටින්ග් (තත්ත්පර 10.48) ටය. ඉන්දීය කී‍්‍රඩිකා පුවාමා තත්ත්පර 52.94 කට මීටර් 400 කාන්තා ඉසව්ව ජයගත්තාය. මෙවර ලන්ඩන් ඔලිම්පික් තරග අපේක්‍ෂාවෙන් තවදුරටත් පසුවන මීටර 400 කඩුලූ පැනදිවීමේ ශ්‍රී ලංකා කී‍්‍රඩිකා කි‍්‍රෂ්ටිනා ෂොනාලි සහභාගි වූ එම ඉසව්වේ ජයග‍්‍රහණය හිමිවූයේ තත්පර 57.20 කට උස්බෙකිස්ථානු කී‍්‍රඩිකා අසනෝවා නටාලියාටය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ගෝන්-ෆී‍්‍ර. පදක්කම් සංඛ්‍යාවක් දිනා සිටින ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක ප‍්‍රසන්න අමරසේකර පැවසුවේ මේ වසරේදී තමා සහභාගිවූ පළමු අන්තර් ජාතික තරගාවලිය මෙය බවත් පාදයේ වළලූකර ආබාධ තත්ත්වයක් මැද තරගාවලියට මෙවර සහභාගි වූ බවත්ය. මෙවර ප‍්‍රසන්න තරග වැදුණු මීටර 400 පිරිමි සව්ව ජය ගත්තේ ඉරාන කී‍්‍රඩක හයෙමිසාන් සජාඞ් විසිනි. චන්ද්‍රිකා සුභාෂිධෑ කී‍්‍රඩිකාවද ලන්ඩන් ඔලිම්පික් සහභාගිත්වය අපේක්‍ෂාවෙන් තරගාවලියට සහභාගි වී සිටින්නීය. හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා කී‍්‍රඩක වරුණ ලක්‍ෂාන් දයාරත්න ඊයේ ආදියරේදී මීටර 67.00 කට හිමිකර ගත්තේ හත්වැනි ස්ථානයයි. මෙවර ග්‍රෝන්ෆ‍්‍රී තරගාවලියේදී ශ්‍රී ලංකාවේ තවත් අපේක්‍ෂාවක් බවට පත්ව සිටි උස පැනීමේ කී‍්‍රඩක මංජුල කුමාරට හිමි වූයේද (මීටර 2.19) තෙවැනි ස්ථානයයි. ඒ අනුව පළමු අදියරේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඩොලර් 2500 ක මුදල් තෑගි හිමිකර ගෙන තිබේ. තරගමාලාවේ දෙවැනි හා තෙවැනි අදියර තරග මෙම 11 සහ 14 යන දිනවලදී පැවැත්වේ.



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පසු බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site