IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා සහ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ගොනු කළ රීට් පෙත්සම් සලකා බැලීම සදහා ලබන 15 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.

ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් ඇද්දැයි වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි නඩු දිනයේ අධිකරණය දැනුවත් කරන ලෙස විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතාට දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන මහත්වරු ගොනු කර ඇති රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

1983 ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් ක්‍රිඩකින් සමඟ ලිඛිත ගිවිසුම් අත්සන් කළේ 1996 ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව බව පවසන පෙත්සම්කරුවෝ පසුගිය ජනවාරි 17 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව රැස්වී ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත ජාතික තලයේ ක්‍රීඩකයින් ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් වශයෙන් වර්ගීකරණය කිරීමට තීරණය කර ඇතැයිද පෙන්වා දෙති.

ජාතික තලයේ ක්‍රීඩකයින් කිසිදු අවස්ථාවක සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු අරමුදල්වල සාමාජිකයින් නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ තමන් ඇතු`ථ ක්‍රීඩකයින්ට එවැනි හිමිකම් නොමැති බවත් එවැනි තත්වයක් යටතේ ක්‍රිකට් ආයතනය ගත් එම තීරණය නීතියට සම්පූර්ණයෙන්ම පටහැණි බවත් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් නීති විශාරදයින්ගෙන් තමන් නීති උපදෙස් ලබාගත් විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, තමන් ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවට තමන්ට නීති උපදෙස් ලැබුණු බව පවසන පෙත්සම්කරුවෝ එවැනි තත්වයක් යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා තමන් ඇතු`ථ ක්‍රිකට් කීඩකයින්ගෙන් රඳවා ගැනීමේ  බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද පවසති.

ජාතික තලයේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය හා ඒ මත ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එහෙයින් අදාළ තීරණ බලරහිත කිරීමේ රිට් ආඥා නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි  පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා කරුණු දක්වමින් ක්‍රිකට් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රඳවා ගැනීමේ බදු අය කිරීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.

2023 ජනවාරි පළමුවැනිදා සිට අදාළ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන වලට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් ක්‍රිකට් ක්‍රීඩාව යනු අවදානම් සහගත  රැකියාවක් බවත් තම සේවාදායකයින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු දීමනා වලට හිමිකම් නොකියන බවත් කී නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා යම් යම් කරුණු මත පදනම්ව තම සේවාදායකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාව ඇති බවත් කීය.

කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අමතමින් මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් ඇද්දැයි සොයා බලා ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස දැනුම් දුන් අතර පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙස නියම කළේය.



අදහස් (1)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි

de silva Saturday, 10 May 2025 06:18 AM

ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරිම සහ වෙනත් යටිතල පහසුකම් සඳහා රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ප්‍රකෝටි ගණනක් වියදම් කරන ලදී... වර්ෂයකට කෝටි කිහිපයක් උපයන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු සහ වෙනත් අදායම් බදු අයකර ගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි... ක්‍රිකට් ගහන එක අවදානම් රැකියාවක් නම්, පොල් කඩන රැකියාව ගැන කුමන කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 358 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site