IMG-LOGO

ශ්‍රී ලංකාවට එරෙහි පෙත්සම විසිවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන් ආරක්ෂා කරන්නැයි ඉල්ලමින් මහජන සුබසිද්ධිය සඳහා නෛතික ක්‍රියාවලිය යටතේ මීට වසර දෙකකට පෙර ඉදිරිපත් කරන ලද පෙත්සමක් මදුරාසි මහාධිකරණය නිශ්ප්‍රභ කළේය. 

කච්චතිව් දූපත, පෝක් සමුද්‍ර සන්ද්‍රීය සහ මන්නාරම් බොක්ක තමිල්නාඩු ධීවරයන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර ගැටුම් ඇතිවෙන ප්‍රදේශ යැයි සඳහන් කරමින් ආනන්ද මුරුගන් නැමැති නීතිඥවරයෙක් 2014 දී එම පෙත්සම ඉදිරිපත් කළේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතන්පුරම් පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාශ පාලනය යටතේ පැවැති කච්චතිව් දූපත ඉන්දීය මධ්‍යම රජය ඒකමතික ගිවිසුමකින් ශ්‍රී ලංකා රජයට පවරා දුන්න ද ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් සිටින්නේ වැරැදි අවබෝධයකින් යැයි  පෙත්සම්කරු පැවසීය. 

ධීවර කටයුතුවල යෙදීමේ අයිතියත් කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත යෑමේ අයිතියත් ඉන්දීයාව සතු වුවත් ඉන්දීය ධීවරයන්ට දූපතට පැමිණිය හැක්කේ මාළු දැල් වියළීමට පමණක් යනුවෙන් ශ්‍රී ලංකාව ගිවිසුම වැරදි ලෙස අර්ථකථනය කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. 

ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි

 



අදහස් (0)

ශ්‍රී ලංකාවට එරෙහි පෙත්සම විසිවෙයි

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 07 October 2016 09:11 PM

ඔය නඩු පැවරුවේ කවුද කියා හැමෝම දන්නා රහසක්නේ (නි)

:       0       0

සජී Saturday, 08 October 2016 02:33 AM

ඇයි දන්නෙ නැහැ මෙච්චර අනුකම්පාවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1008 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site