IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකාවටම ආවේණික රාජ්‍ය සංවර්ධන මොඩලයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික සංවර්ධන මොඩලයක් නිර්මාණය කරගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රියාවලියේ සංවර්ධන ඒජන්ත වෙමින් එම කාර්යභාරය ඉටු කිරීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ද එහි අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (28) පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වැනි සංවත්සරවය වෙනුවෙන් , මහ බැංකු පරිශ්‍රයේදී සංවත්සර දේශනය කරමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ඉතා විශාල වෙනසකට පරිවර්තනය වීමේ කේන්ද්‍රස්ථානයකට පැමිණ ඇතැයි ද රාජ්‍ය කේන්ද්‍රීය සහ රජයේ මඟ පෙන්වීම යටතේ කෙරෙන ප්‍රතිපත්ති රෙජීමයක් තුළින් බෙදාහදාගත් සහ සියලු පාර්ශවවල සහභාගීත්වය ඇති සමාජ-ආර්ථික සංවර්ධනයක් ජනතාව තෝරාගෙන ඇතැයි මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කීය.

ශ්‍රී ලංකාව වසර ගණනාවක් මුළුල්ලේ විවිධ සංවර්ධන මොඩල සහ ප්‍රතිපත්ති රාමු අත්හදා බලා ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා මෙහිදි සිහිපත් කළේය.

ප්‍රතිපත්ති ගැනීමේ පද්ධති සහ ප්‍රවේශ සහ පරිපාලන සහ සහ අනෙකුත් යාන්ත්‍රණ ඉහත කී ආකාරයේ සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා සකස් කෙරෙන බව ද මහාචාර්ය ලක්ෂ්මන් මහතා කීවේය.

ශ්‍රී ලංකාව මේ වනවිට තමන්ටම ආවේණික වූ රාජ්‍ය සංවර්ධන මොඩලයක් නිර්මාණය කිරීමේ මාර්ගයට පිවිස ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එහිදි සංවර්ධන නියෝජිතවරයා ලෙස භූමිකාවක් රඟ දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද කීවේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපතිවරුන් එච්.ඒ. කරුණාරත්න සහ කේ.එම්.එම්. සිරිවර්ධන, බැංකු ප්‍රධාන හා පෙළේ සමාගමවල ප්‍රධානීන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (3)

ශ්‍රී ලංකාවටම ආවේණික රාජ්‍ය සංවර්ධන මොඩලයක්

සූරසේන Friday, 28 August 2020 03:10 PM

මෙම මොඩලය යටතේ ඉක්මනින්ම රටේ සියළු සම්පත් හා ධනය මැති ඇමැතිවරුන් සහ ඉහළ තලයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු යටතට පත්කරනු ඇත. ඉන්පසු ජනතාවට තියෙන්නේ තමන්ට අවශ්‍ය අඩුම කුඩුම එයාලගෙන් ඉල්ලාගෙන සීඝ්‍ර සංවර්ධනයක් ලබා ගැනීමයි.

:       1007       778

Rata Perata Saturday, 29 August 2020 07:30 AM

මේ මොඩලයට නමක් යෝජනා කරන්න කැමැතියි. ඕකේ නියම අදහස එළියට එන්නත් එක්ක ‘‘රාජපක්ෂ මොඩලය‘‘ කියලා දාමු..

:       2       4

kamal Saturday, 29 August 2020 08:32 AM

ඔබතුමාලාගේ මොඩල් කාලාම අපේ මොලේ කචල්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site