IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ශ්‍රීපාද ඡන්දෙට හිමිවරු පස්නමක්

සිංහල රජ සමයෙන් පසු ශ්‍රීපාදස්ථානයේ බාරකාරත්වය සඳහා විසිවැනි ශ්‍රී පාදස්ථානාධිපති පත්කැර ගැනීමේ ඡන්ද විමැසීම රත්නපුරයේ දී සිකුරාදා (25) පැවැත්වීමට නියමිතය. ඡන්දයට පස් නමක් ඉදිරිපත් වී සිටිති. ශ්‍රීපාදස්ථාන බාරකාර දම්පහල සීලානන්ද, පැල්මඩුල්ල රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න, ගොඩකවෙල මහා පිරුවන්පති කෝම්පිටියේ සුසීල, මාඋදැල්ලේ විජයනන්දනාරාමයේ මොරාවත්තේ සිරිසුමන හා කොලොන්නේ ශාන්ත හිමිවරු නාම යෝජනා බාරදී සිටිති. මල්වතු පාර්ශවයේ සබරගමු ප්‍රධාන සංඝනායක වේහැල්ලේ අත්ථදස්සි ධම්මපාල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඡන්දයේදී හිමිවරු 307 නමක් ඡන්දය දීමට සුදුසු කම් ලබා සිටිති. වෙනත් බොහෝ වරප්‍රසාදවලට අමතරව ශ්‍රීපාදස්ථානයට අයත් කුට්ටපිටිය හා (රාජකාරි පංගු 84) ගිලිමලේ නින්දගම් ද, නිලනිවාස හතරක් පාලනය හිමි වන මේ පදවිය හිස්වුයේ විසිපස් වසරක් එම පදවිය හෙබැවූ හඳපාන්ගොඩ විමල හිමියන්ගේ අභාවයෙනි. ඡන්ද හිමි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අතුරුදන්ව ඇතැයි කතා පැතිර යතත් එවැනි පැමිණිල්ලක් නැතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ශ්‍රීපාද ඡන්දෙට හිමිවරු පස්නමක්

විජය Thursday, 24 November 2011 01:08 PM

‘තන්හාය ජායතී සෝකෝ‘ බුදු වදන මතකද?

:       0       0

හොද පුතා Thursday, 24 November 2011 01:53 PM

චන්ද තිබුනත් උපාසකලට චන්ද කුමටද බුද්ද පුතුනට හතර රියනක තනිව සැතපෙන දා... .... කරපු පව් පින් පිහිට වේ ..............

:       0       0

කුසල් Thursday, 24 November 2011 03:46 PM

කැත නැතිව වදින්න පුළුවන් දම්පහල හාමුදුරුවන්ට සුමන සමන් දෙවි පිහිටෙන් ජයම වේවා.

:       0       0

pg Thursday, 24 November 2011 03:46 PM

මොකක්ද හාමුදුරුවනේ මේ ඡන්ද පොරෝ?

:       0       0

ක්‍රිෂාන් Thursday, 24 November 2011 04:37 PM

හාමුදුරුවරුත් පාර්ලිමේන්තුවේ වගේ ගහගනියිද දන්නෙ නෑ....?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site