IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව් කරලා

(අංජුල මහික වීරරත්න)

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා දුන් ගොවීන්ට ගෙවීමේ කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

වී අලෙවි මණ්ඩලය අදාළ රාජ්‍ය බැංකුවට ණය වාරිකයක් ගෙවීමට ඇතැයි කියා මෙම මුදල රඳවා ගෙන තිබෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

අදාල ණය වාරිකය ගෙවීමට ඇත්තේ ලබන සැප්තැම්බර් නව වෙනිදාට බවත් ඊට කලින්ම මුදල් රඳවා ගැනීමෙන් ගොවි ජනතාවට වී සඳහා මුදල් ගෙවීමට නොහැකි වී තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයා කීය.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුවෙන් අදාල මුදල් ලබාදීමට එකඟතාව පළකර ඇති අතර එම මුදල් ලැබෙන තෙක් වී අලෙවි මණ්ඩලය සතුව තිබූ රුපියල් මිලියන 300ක මුදලක් ගොවීන්ට අදාල ගෙවීම් කිරීම සඳහා මෙලෙස රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබේ.

ගොවීන්ගෙන් කුණු කොල්ලයට වී මිලදී ගැනීම නතර කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිලක් නියම කර වී මිලදී ගැනීමේ කටයුතු කරගෙන ගිය බව කී කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රකාශකයා අදාල මුදල් රඳවා ගැනීමේ ප්‍රශ්නය නිසා ඉදිරි වී මිලදී ගැනීමේ කටයුතු වලටද ප්‍රශ්නයක් ඇතිවිය හැකි බව සඳහන් කළේය.

 



අදහස් (3)

වී ගන්න දුන් මිලියන 300ක් පරණ ණයකට හිලව් කරලා

ravin Monday, 29 August 2022 09:17 PM

ඉස්සෙල්ලාම බලන්නකෝ ඔයකියන ණය මුදල ගත්තේ මොනවටද? වියදම් කළේ මොනවටද කියලා... විගණනය කරලා. වී මිලදී ගැනීමේ ගිණුම වෙනමම නැතිනම් මෙතෙක් කල් වී මිලදී ගත්තා යැයි කියලා අපිට පෙන්නලා තියෙන රූපය?

:       0       0

සුරංග Tuesday, 30 August 2022 05:35 AM

බැංකුවට දොස් කියලා හරියන්නේ නැහැ. මොකද ණයට ගත්තා නම් වාරික ගෙවන්න ඕනෑ ඒවා මගහරින්න බැහැ. මෙහිදී වී අලෙවි මණ්ඩලය වරදක් කරලා කියලා පේනවා. වරදකරුවන්ට දඬුවම් දියයුතුය. මිලියන 300ක ණය වාරිකයක් තියෙන්නේ කොහොමද? මේක සමහර විට පුද්ගලික වෙළෙන්ඳා බැංකුව සමග කළ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. වහාම විමර්ශණයක් කරන්න. කවුද කියලා තිබුනා ලක්ෂ 16ක් රජයේ සේවකයින්ගෙන් වැඩකරන්නේ ලක්ෂ 6 ක් කියලා... මේක උදාහරණයට ගන්න පුළුවන්...!

:       0       0

jayantha Tuesday, 30 August 2022 10:40 AM

ශේෂ පත්‍රය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site