
(ක.ගකරුණාරත්න)
පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයකුට පෙරේදා(21)පස්වරුවේ බීමත්ව පැමිණි පුද්ගලයකු සිදුකල පහරදීම හෙලාදකිමින් එම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වූහ.
මෙම අමානුෂික පහරදීමේ සිද්ධිය හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලය සිය රාජකාරීවලින් ඉවත්ව සිටින අතර රෝහල තාවකාලිකව වසාදමා තිබේ.
රෝහලේ නේවාසිකව සිටි රෝගීන් සියලුම දෙනා වෙනත් රෝහල්වලට මාරුකර යවා ඇතැයි ජයන්තිපුර ග්‍රාමීය හා පුනරුත්ථාපන රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී, වෛද්‍ය සුරංග හේවාවිතාරණ මහතා ප්‍රකාශ කලේය.
වෛද්‍යවරයාට පහරදීම සම්බන්‍ධයෙන් මින්නේරිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශය් පදිංචිකරුවකු බව අනාවරණයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල් හදන්න බෑ. බීපු මනුස්සයෙක් ඇවිත් ගැහුවා කියලා රජය පළි නෑ. ඒකට ස්ට්‍රයික් කරලා ලෙඩ්ඩු මාරු කරලා රෝහල් වසා දමනවා නම් මේ උගත් මෝඩයොත් එක්කත් රටවල් හදන්න බෑ. අඩු තරමේ පොලිසියත් දවසක් දෙකක් දීලා අත්අඩංගුවට ගන්නේ නැතිනම් ස්ට්‍රයික් කළාට කමක් නෑ.
රජයේ ස්පිරිතාල වලට ගියාම ඉතින් කාටහරි නෙලන්න හිතෙන අවස්ථා අනන්තයි. කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නැති අය තමයි ඔය ඉස්පිරිතාලවල වැඩ කරන්නේ... ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ වියදමින් අපිට බෙහෙත් කරනවා කියලා...