
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ ස්නයිපර් තුවක්කුකරු, වෙඩි තැබීම කළේ, එළිමහනේ මැතිවරණ රැළිය පැවැත්වුණු ස්ථානයට අඩි 400 ක් කීපයක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක වහලයේ සිටය.
ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී පෙරළා වෙඩි තබා ස්නයිපර් තුවක්කුකරු ඝාතනය කළ බවත්, ඔහු කවුරුන් ද යන්න සහ ඔහු භාවිතා කළ ගිනි අවිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.
වෙඩික්කරු ඇමෙරිකාවේ සන්නද්ධ අන්තවාදී කල්ලි සාමාජිකයෙකු ද, විදෙස් කුලී හේවායකු ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සොයා බැලෙමින් පවතී. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද වෙඩි වැදී රෝහල්ගත කළ ට්‍රම්ප් සමග දුරකතනයෙන් සාකච්ඡා කළ බව ද වාර්තා වේ.
වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප් සුළු තුවාල ලැබුවේය. රැලියට සහභාගී වූ එක් ට්‍රම්ප් ආධාරකරුවකු වෙඩි වැදී මියගිය අතර, තවත් බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනකු කඩිනමින් රෝහල්ගත කෙරුණි.

COMMENTS
ට්‍රම්ප්ට වෙඩි තැබූ වෙඩිකරු ඝාතනය වීම තුළින් මානව අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති බව පැහැදිලියි. මේ ගැන මහ කොමසාරිස්තුමිය හොයා බලනවාද?
සියළු අපේකෂකයින් සහ පොරවල් කියා සිතාගෙන ඉන්නේ මෙවැනි දෙයක් වේ යයි සිතා කටයුතු කළ යුතුයි.
ට්‍රම්ප් සහ එම මැතිණියගේ සියළු අපල දුරුවේවා...